අප ගැන

දත්ත පද්ධතිය පිළිබඳව....

මෙම දත්ත පද්ධතිය “ශ්‍රී ලංකාවේ නගර වල තත්ත්වය නිරීක්ෂණය කිරීමේ” ව්‍යාපෘතියේ එක් කොටසක් වන අතර එහි අරමුණ වන්නේ රාජ්‍ය, පෞද්ගලික අංශ වල සහභාගීත්වයෙන් යුතුව ප්‍රතිපත්ති සම්පාදනයට සහ සමෝධානිත නගර පාලනයට අවශ්‍ය දත්ත පද්ධතියක් ගොඩ නැගීම සහ ප්‍රවර්ධනය කිරීමයි.

නාගරික ප්‍රදේශ තිරසාර ආර්ථිකයක්, යහ පාලනයක්, අවම දරිද්‍රතාවයක් සහිතව ජීවත්වීමට සුදුසු නාගරික මධ්‍යස්ථාන බවට පත් කිරීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතියේ ඉලක්ක ප්‍රදේශ ලෙස ශ්‍රී ලංකාවේ පළාත් වල ප්‍රධාන අගනගර නවය තෝරා ගන්නා ලදී. මෙහිදී කොළඹ නගරය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම උදෙසා වාණිජ අගනගරය නියෝජනය කරමින් කොළඹ මහා නගර සභාවත්, පරිපාලන අගනගරය නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවත්, තදාසන්න නගරයක් නියෝජනය කරමින් දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවත් තෝරා ගන්නා ලදී.

SoSLC publication

මෙම ව්‍යාපෘතිය මගින් එක්රැස් කර ගත් තොරතුරු, දත්ත, සිතියම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නිර්මාණය කරන ලද “ශ්‍රී ලංකාවේ නගර පිළිබඳ විශ්ලේෂිත වාර්තාව” මගින් ශ්‍රී ලංකාවේ නාගරීකරණය සහ මානව ජනාවාසකරණය පිළිබඳ අනාවරණය කෙරේ. එහි ප්‍රමාණාත්මක, ගුණාත්මක දත්ත මෙන්ම පළාත් ප්‍රධාන අගනගර වල පවතින ජාතික හා ප්‍රාදේශීය නාගරික සංවර්ධන ගැටළු පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

“ශ්‍රී ලංකාවේ නගර පිළිබඳ විමර්ශනය 2018” විමර්ශන වාර්තාව මෙරට නගර වල අංශ කීපයක් ආවරණය වන පරිදි සිදු කළ විස්තරාත්මක විශ්ලේෂණයක් සහ සමෝධානිත ප්‍රතිපත්ති විශ්ලේෂණයක් අන්තර්ගත වන පරිච්ඡේද දහයකින් සමන්විත වේ. එම විශ්ලේෂණයන් මගින් ශ්‍රී ලංකාවේ නාගරික මධ්‍යස්ථාන වල සමාජයීය හා ආර්ථික උන්නතිය සඳහා අවශ්‍ය නාගරික ප්‍රතිපත්ති සම්පාදනයට සහ සැලසුම්කරණයට අඩිතාලමක් සපයයි.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනෙහි මූලිකත්වයෙන් නිමැවුණු වෙනත් කලාපීය නගර වල තත්වය නිරීක්ෂණය කිරීමේ වාර්තා වලදී උපයෝගී කරගත් ක්‍රමවේදයන් අනුසාරයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර වල “තත්ත්වය” සහ නාගරික සංවර්ධනයෙහි සමස්ත රටාවන් විශ්ලේෂණය කරන ලදී. එහිදී නාගරික ව්‍යාප්තියේ සහ භූමි පරිභෝග රටාවන් අධ්‍යයනය කිරීම සඳහා ආසන්නතම චන්ද්‍රිකා ඡායාරූපත් අනෙක් විශ්ලේෂණයන් සඳහා සංඛ්‍යාත්මක දත්ත, ක්ෂේත්‍ර චාරිකා, අධ්‍යයන වලින් හා ප්‍රාදේශීය වැඩමුළු වලින් ලබා ගත් දත්ත භාවිතා කරන ලදී. මෙම ව්‍යාපෘතියේ අධ්‍යයන ස්ථාන ලෙස තෝරා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ පළාත් නවයෙහි අග නගර නවයයි. එනම් අනුරාධපුරය (උතුරුමැද පළාත), බදුල්ල (ඌව පළාත), යාපනය (උතුරු පළාත), මහනුවර (මධ්‍යම පළාත), කුරුණෑගල (වයඹ පළාත), රත්නපුරය (සබරගමුව පළාත), ත්‍රිකුණාමලය (නැගෙනහිර පළාත) සහ කොළඹ (බස්නාහිර පළාත) යනාදියයි.

 මෙම වාර්තාව තුලින්, “සියළුම ශ්‍රී ලාංකිකයන් සඳහා නාගරික අනාගතයක්” සඳහා වූ දැක්මක් ඉදිරිපත් කරයි. එය “එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු”, “නව නාගරික සැලැස්ම” මෙන්ම “දැක්ම 2025”, “ආයෝජන වැඩසටහන 2017- 2020” වැනි රජයේ වාර්තා පදනම් කර ගනිමින් රචනා කරන ලදී. එකී අනාගත දැක්ම තුල තරඟකාරී බව, අන්තර්ගතභාවය, ප්‍රත්‍යස්ථිතිය, සුරක්ෂිතභාවය, තිරසාරත්වය යන අංග පහ අන්තර්ගත වන අතර අනෙකුත් පරිච්ඡේද විශ්ලේෂණය කර ඇත්තේ එම අංග වලට අනුකූල වන පරිදිය.

 මෙම වාර්තාව අවසානයේදී සමෝධානිත ප්‍රතිපත්ති සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර එමගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අංශ කිහිපයකට බලපාන ප්‍රතිපත්ති හඳුනා ගනිමින් එම අංශ වලට ඇති බාධක ඉවත් කර ගනිමින් “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා යහපත් නාගරික අනාගතයක්” ළඟා කර ගත හැක.

 තොරතුරු පද්ධතිය

ශ්‍රී ලංකාවේ නගර පිළිබඳ ව්‍යාපෘතියේ දෙවන නිමැවුම අන්තර්ජාලය මගින් පිවිසිය හැකි දත්ත පද්දතියයි. නාගරික සැළසුම් කිරීමේදී සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම වැඩිදියුණු කිරීමට උපකාරී වන කේන්ද්‍රීය දත්ත ගබඩාවක් සකස් කිරීම මෙහි මූලික අරමුණයි. මෙය සිතියම්ගත තොරතුරු හා දත්ත මෙන්ම සංඛ්‍යා දත්ත මගින් ද තොරතුරු මහජනයා වෙත සමීප කරනා වේදිකාවකි. මෙම දත්ත ගබඩාවේ ඇතුලත් මූලික තොරතුරු වාර්තාවේ භාවිතා කර ඇති දත්ත වේ.
මෙම දත්ත සමුදාය මූලික වශයෙන් රජයේ නිලධාරීන් විසින් යාවත්කාලීන කරනු ලබන අතර දත්ත සමුදායේ කොටසක් මහජනතාව සඳහා විවෘත වේ. දත්ත සමුදාය නිවැරදි නගර දත්ත සහ ජාතික මට්ටමේ දත්ත ගබඩා කිරීමේ වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත. ගබඩා කර ඇති දත්ත මහජනයා විසින් වැඩිදියුණු කිරීම හා නව තොරතුරු ඇතුලත් කිරීම සඳහා පහසුකම් සපයන අතර, දත්ත බාගත කිරීම, අදහස් දැක්වීම, යෝජනා ලබා දීම වැනි අංශයන් ඔස්සේ සියල්ලන්ට සහභාගී විය හැකිය. නිලධාරීන්ට සහ තීරණ ගන්නන්ට සංවේදී දත්ත ගබඩා කිරීමට හැකි වන පරිදි දත්ත ගබඩාවේ සුරක්ෂිත භාවය තහවුරු කර ඇති අතර එමඟින් විවිධ මට්ටම්වල පූර්ව නිර්වචනය කර ඇති ප්‍රවේශ අයිතිවාසිකම් ඇත.
වගකීම සහ පරිශීලක භූමිකාවන් මත පදනම්ව විවිධ මට්ටම් ඉලක්ක කර ගනිමින් සියලු නගරවලට දත්ත සමුදාය භාවිතය පිළිබඳ පුහුණුව ලබා දීම සිදුකරණු ලබයි. පිළිගත් ප්‍රමිතියකට අනුකූලව නිතිපතා යාවත්කාලීන කරන ලද නගර විශේෂිත දත්ත සමඟ දත්ත සමුදාය පවත්වාගෙන යාමට සියලු නගර දිරිමත් කරනු ලැබේ.

 

පුහුණු අත්පොත මෙතැනින් බාගත කරගන්න ...

 

ලාංඡනය

SoSLC ව්‍යාපෘතියේ ලාංඡනය නියෝජනය කරන්නේ මහජනතාව හා නාගරික පරිසර පද්ධතියයි. ශ්‍රී ලංකාවේ නගර සහ නාගරීකරණය රටාවන් මෙහිදී විදහා දක්වා තිබේ. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා දිවෙන රේඛාව ශ්‍රී ලංකාවේ නගර තුල හා නගරාන්තර සබඳතා නියෝජනය කරයි.
සෑම වර්ණ කේතයක්ම ඒ හා අදාල ධරණීය සංවර්ධන ඉලක්ක නියෝජනය කරනු ලබයි. තිරසාර නගර සහ ප්‍රජාවන් සඳහා වන 11 වන ධරණීය සංවර්ධන ඉලක්කය ගොඩනැගිලි වල රන් පැහැයට හුරු තැඹිලි වර්ණයෙන් දැක්වේ. නාගරික ප්‍රජාව දක්වන සංකේතය රතු පැහැයට හුරු තැඹිලි වර්ණය මගින් දක්වන අතර එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන 5 වන ධරණීය සංවර්ධන ඉලක්කය නියෝජනය කරයි. ලා පැහැති කොළ වර්ණයෙන් ගොඩබිම ජීවය හා ජෛව විවිධත්වයත්, නිල් පැහැයෙන් සාගරයද ඇතුළු සියලු ජලජ පරිසර පද්දතියත් ඒවායේ ජීවයත් නියෝජනය කෙරේ. (15 සහ 14 වන ධරණීය සංවර්ධන ඉලක්ක ).

ලාංඡනය
ශ්‍රී ලංකා රජය

SoSLC ව්‍යාපෘතිය සඳහා පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රජය නියෝජනය කරන ලදී.

ශ්‍රී ලංකා රජය
අරමුදල් සපයනු ලබන්නේ

ඕස්ට්‍රේලියානු රජය (DFAT) ශ්‍රී ලංකාවේ නගර පිළිබඳ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කළ අතර තාක්‍ෂණික සහාය ද ලබා දුන්නේය.

 

අරමුදල් සපයනු ලබන්නේ
ක්‍රියාත්මක කරන ලද්දේ

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික හවුල්කරුවා වන අතර වාර්තාවේ නිෂ්පාදනය, ගුණාත්මකභාවය සහ අන්තර්ගතය පිළිබඳ වගකීම දරනු ලබයි.

 

ක්‍රියාත්මක කරන ලද්දේ
හවුල්කරුවන්

පළාත් පාලන ආයතනවල නිලධාරීන් පුහුණු කිරීමේ වගකීම ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය සතුය.

 

හවුල්කරුවන්
හවුල්කරුවන්

ආසියා පදනම් ආයතනය යනු ගතික හා සංවර්ධනය වෙමින් පවතින ආසියාව හරහා ජීවිත වැඩිදියුණු කිරීමට කැපවී සිටින ලාභ නොලබන ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයකි. 

හවුල්කරුවන්