බදුල්ල මහා නගර සභාව

බදුල්ල (badulla)
பதுளை (Patuḷai)
ඌව පළාතේ අග නගරය බදුල්ලයි . බදුල්ල නගරය මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශය පිහිටා ඇති අතර, නිරන්තර නායයෑමේ අවධානමට නිරාවරණයවී පවතින නගරයකි. ශ්‍රී ලංකාවේ සියලු පළාත්වල ප්‍රධාන නගර හා සසඳන කල, අවම වැඩකරන වයසේ ජනගහනයක් වාර්ථා වන්නේ බදුල්ල නගර ප්‍රදේශයෙනි. සංචාරක කර්මාන්තය හා සබැඳිව පවතින අනුකූලතා පාදක කරගනිමින් ප්‍රදේශයේ ආර්ථික වර්ධනය සඳහා බොහෝ ඉඩකඩ සැලසී තිබේ.

2012 දී ජනගහනය

42,237

2017 දී ජනගහනය (SoSLC ඇස්තමේන්තුව)

54,000

ජනගහන ඝනත්වය - ඇස්තමේන්තුව 2017 (ජනගහනය/ඉදිකරන ලද ප්‍රදේශ)

746 persons / ha

නගර සභා පරිපාලන ප්‍රදේශය

1,065.6ha

නගර සීමා ප්‍රදේශය

8,546 ha

ජනගහනය

  • Population
    54,000
  • urban extent
    1,065.6 ha
  • density
    746 Person/ha

මිනිසා නගරයේ ප්‍රධාන චරිතයකි. ජනගහන වෙනස්කම් පිළිබඳ තොරතුරු දේශීය සංවර්ධනය සඳහා සෘජු බලපෑමක් සිදුකරයි.

ජනගහන වර්ධනය , ගැමි - නාගරික සංක්රමණික ප්‍රවණතා සහ අභියෝග, නගරවාසීන්ගේ සවිස්තරාත්මක වූ ජනගහන වාර්තා පිළිබඳ විද්‍යාත්මක පැතිකඩ, නගරවාසීන්ගේ අභිලාෂයන් ආදී විස්තරාත්මක විග්‍රහයන් ස්ත්‍රී පුරුෂ භාවය ද සැලකිල්ලට ගනිමින් එහි ප්‍රවණතා මත පදනම්ව නගර ජනගහනය පිළිබඳ ප්‍රක්ෂේපණයක් සපයයි. යහපත් අනාගතයක් සඳහා තීරණ ගැනීමේදී මෙම දත්ත හා තොරතුරු සලකා බැලීම අතිශය වැදගත් වේ.

වයස් කාණ්ඩය අනුව ස්ත්‍රී පුරුෂ අනුපාතය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
පුරුෂයන් සීයකට සිටින ස්ත්‍රී ගනනෙහි අනුපාතය ඉහත රේඛා ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. ඉන් වැඩිම ප්‍රතිශතයක්(127%) 60ට වැඩි වයස් කාණ්ඩයත් , අඩුම ප්‍රතිශතය (94.5%) 15-29 අතර වයස් කාණ්ඩයත් නියෝජනය කරයි.
ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නගරය තුල පුරුෂ මූලික කුටුම්භ සංඛ්‍යාව ස්ත්‍රී මූලික කුටුම්භ සංඛ්‍යාවට වඩා ඉහල අගයක් වාර්තා වේ.
ස්ත්‍රී පුරුෂ භාවය අනුව සංක්‍රමණික ජනගහනය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින් පිළිබිඹු වන පරිදි, 2012 වසරේ සංක්‍රමණික කාන්තාවන් ප්‍රමාණය සංක්‍රමණික පුරුෂයන් ප්‍රමාණයට වඩා ඉහල අගයක් ගන්න බව පැහැදිලි වේ.
භාෂා හැකියාව
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින් ප්‍රදේශය තුල වාසය කරන්නන්ගේ භාෂා හැකියාවන් පිළිබඳව දත්ත ඉදිරිපත් කරයි.
ජනවාර්ගික පැතිකඩ
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
බදුල්ල නගරයේ ජන විවිධත්වය පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමද සලකා බැලීමේදී ඉහල අගයක පවතින බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.
ජන සංක්‍රමණයට හේතු
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
කාන්තා සංක්‍රමනිකයන්ගෙන් බහුතරයක් සිය සංක්‍රමණයට හේතුව ලෙස විවාහය දක්වා ඇති අතර, පුරුෂ පාර්ශවයේ සංක්‍රමනිකයන් බහුතරය රැකියා අවස්ථා සඳහා නගරය තුලට සංක්‍රමණය වී ඇති බව දැක්වේ.
වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවය බෙදී යාම
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ප්‍රදේශයේ ශ්‍රම බලකාය ඉහළ මට්ටමක පවතී. මෙම තත්ත්වය ප්‍රදේශ සංවර්ධනයෙහි ලා යහපත් සාධකයක් ලෙස දැක්විය හැක.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිලිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.
දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, එ මගින් මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමයි.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
බදුල්ල දිස්ති්රක්කයේ මධ්යම පළාතේ මූලික පාසල් අධ්යාපනයට හොඳ සිසුන් සංඛ්යාවක් සිටින නමුත් උසස් අධ්යාපනය සඳහා සිසුන් කිහිපදෙනෙකු පමණි.
ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
අ.පො.ස. (සාමාන්‍ය පෙළ), අ.පො.ස (උසස් පෙළ) සහ උපාධි දක්වා අධ්‍යාපනය ලබනා පිරිසෙන් වැඩි ප්‍රතිශතය ශිෂ්‍යාවන් ලෙස මෙම දත්ත අනුව පැහැදිලි වේ.
පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ප්‍රදේශයේ වයස අවුරුදු 10ට වැඩි පිරිසේ පරිගණක දැනුම පිලිබඳ දත්ත සලකා බැලීමේදී, වයස අවුරුදු 15ත් 19ත් අතර පිරිස පරිගණක දැනුම සමග ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ.

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)
මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
බදුල්ල නගර ප්‍රදේශය හා ඒ තදාසන්න ප්‍රදේශයන්හි පසුගිය අවුරුදු තුන ඇතුලත මාරක රිය අනතුරු සිදුවූ ප්‍රමාණය මෙම දත්ත මගින් පැහැදිලි කෙරේ. ඒ අනුව, 2016 වසර වන විට, රිය අනතුරු ප්‍රමාණයේ අඩු වීමක් වාර්තා වේ.
පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
මෝටර් බයිසිකල්, කාර් රථ, වෑන් රථ වැනි පෞද්ගලික වාහන හාවිතා කිරීම නගරය තුළ සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. මගීන් වැඩි ප්‍රමාණයක් සඳහා සේවා සැපයිය හැකි බස් රථ භාවිතා වන ප්‍රමාණය අවම මට්ටමක පවතී.
වාහන තදබදය (දිවා කාලයේ)
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
බදුල්ල ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් වාර්තාවන්නේ උදෑසන පාසල් හා කාර්යාල ආරම්භ කරනා වෙලාව තුලයි.
වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
භාවිතහේ පවතින සීමිත බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසාගනු ලබන මගින් සංඛ්‍යාව ඉහල අගයක් වාර්තා වේ. අනෙකුත් පෞද්ගලික වාහන භාවිතය ඒ හා සාපේක්ෂව ඉහල අගයක් ගන්න අතර, මහා මාර්ගයේ වාහන තදබදය ඉහල යෑමට මෙය ප්‍රමුඛ හේතුවක් විය හැක.
දුම්රිය මගීන් සංඛ්‍යාව
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
2014 සිට 2016 වසර දක්වා වාර්ෂික දුම්රිය මගීන්ගේ වැඩිවීමක් වාර්තාවේ
නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය මගීන් බහුතරයක් ප්‍රධාන දුම්රිය මාර්ගය ඔස්සේ නගරයට පැමිණීමත් නගරයෙන් පිටව යාමත් සිදුකරනා බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.
පදික මාරුව භාවිතය

ආර්ථිකය

නගර ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිලිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
බදුල්ල නගරයේ තරඟකාරිත්වයේ දර්ශකය (CCI) මෙම දත්ත මගින් දැක්වේ. ජාතික අගයන් හා සාපේක්ෂව බදුල්ල නගරයේ තත්වය යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බව දත්ත මගින් පැහැදිලි වේ.
ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017
මෙම දත්ත මගින් බදුල්ල මහා නගර සභාවේ ඇස්තමේන්තු ගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
නගර පාලන දර්ශකයේ 6 වන ස්ථානය බදුල්ල මහා නගර සභාවට හිමිවේ. බහුතරයක් අංශ වලින්, ජාතික අගය හා සම වන ලෙස බදුල්ල නගරයේ තත්වය වාර්තාවේ. සේවා සැපයීමේ මූල්‍ය සැලසුම් සැකසීම, සේවා සැපයීමේ වගකීම් සහගත භාවය හා ගුණාත්මක භාවය තවදුරතත් වර්ධනය කරගත යුතු බව මෙම දත්තයන්ගෙන් පැහැදිලි වේ
පලාත් පාලන ආයතන බෙදා දීම
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. ඌව පළාත මහා නගර සභා 2ක්න ද නගර සභා 1ක් හා ප්‍රාදේශීය සභා 25 කින් යුතු වේ. පළාතේ ප්‍රධාන නගරය බදුල්ල නගරයයි.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
බදුල්ල මහා නගර සභා ප්‍රදේශය තුළ නිවාස පිළිබඳ මෙම දත්ත ඉදිරිපත් කෙරේ. නිවාස බහුතරයක් (සියයට 90 ක් පමණ) තනි තට්ටුවේ හෝ තට්ටු දෙකේ නිවෙස් ලෙස පවතින බව මේ මගින් පැහැදිලි වේ.
නිවාස වර්ග
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
බදුල්ල මහා නගර සභාවේ, සියයට 89 කට ආසන්න ගෘහස්ථයන් ප්‍රමාණයක් 2012 වසරේදී ස්ථිර නිවාස ලෙස පැවත ඇති බව දත්ත අනුව පැහදිලි වේ.

නාගරික සේවා

නාගරික සේවා හෝ නාගරික සේවාවන් යොමු කරනු ලබන්නේ පුරවැසියන්ට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා නගරයේ ආන්ඩුවේ පුරවැසියන් අපේක්ෂා කරන මූලික සේවාවන්ය.

යටිතල පහසුකම්
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
බදුල්ල මහා නගර සභාවේ සේවා සැපයීමේ මට්ටම ඉතා යහපත් මට්ටමක පවතී. විදුලි සැපයුම, නල ජලය, කසල එකතු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සියල්ලම පාහේ මුළු නගර සභා සීමාවම ආවරණය වන පරිදි මහජනයා වෙත සපයා තිබේ.
ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)
මුලාශ්‍රය - JICA
නගරයේ එක්රැස්වන කසළ ප්‍රමාණයෙන් සියයට 70 ක ප්‍රමාණයක් නගර සභාව මගින් එක්රැස් කර බැහැර කරනු ලබන අතර, ඉතිරි සියයට 30 ක පමණ වූ ගෘහස්ථයන් ගෙන් බහුතරය පුළුස්සා දැමීම මගින් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන බව දත්ත අනුව අනාවරණය වේ.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය ( 1974 - 2017 )
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
වසර 1974 සිට 2017 දක්වා නායයාම් වලින් ආපදාවට පත් වූ ජන ප්‍රමාණය ඉහල අගයක වාර්තා වේ. නාය යෑම හේතුවෙන් මෙම වසර කිහිපය ඇතුලත පුද්ගල මරණ 41ක් වාර්තා වී තිබේ. වාරින් වර ඇති වූ ගංවතුර තත්වයන්ගෙන්ද, ප්‍රදේශයට බලපෑම් ඇති බව මෙම තොරතුරු අනුව සනාත වේ.

තේමා සිතියම්

Filter Options
Print
Legend
Filter Options
සිතියම් සුචිය

ශ්‍රී ලංකාවේ නගර

ඉදිකරන ලද භූමිය
  • මුළු ඉදිකරන ලද භූමිය
    731.86
  • නේවාසික
    • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
      • 0.21
    • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
      • 563.19
  • වාණිජ
    • ව්‍යාපාරික ස්ථාන
      • 43.20
    • කාර්යාල
      • 1.27
    • ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
      • 0.82
    • බැංකු
      • 0.93
  • ආයතනික
    • අධ්‍යාපනික
      • විශ්ව විද්‍යාලය
        2.75
      • වෙනත් උසස් අධ්‍යාපන ආයතන
        2.80
      • පාසල්
        10.62
    • සෞඛ්ය
      • රෝහල්
        6.27
      • බෙහෙත් ශාලා
        0.17
    • රාජ්‍ය ආයතන
      • 15.73
  • කර්මාන්ත
    • කර්මාන්ත ශාලා
      • 2.52
  • ප්‍රවාහන
    • බස්නැවතුම්
      • 2.28
    • දුම්රිය නැවතුම්
      • 1.23
    • රථ ගාල්
      • 0.21
    • මහාමාර්ග
      • 48.14
  • පොදු ස්ථාන
    • උද්‍යාන / චතුරශ්‍ර
      • 6.36
    • ක්‍රීඩා භූමි
      • 11.07
    • සුසාන භූමි
      • 2.43
  • සංස්කෘතික
    • ආගමික
      • විහාර / සිද්ධස්ථාන
        7.41
      • ක්‍රිස්තියානි පල්ලිය
        1.58
      • මුස්ලිම් පල්ලිය
        0.46
    • පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
      • 0.21
ඉදි නොකරන ලද
  • මුළු ඉදි නොකරන ලද
    333.71
  • කෘෂිකාර්මික
      • 93.60
  • ජලය
      • 24.89
  • වනාන්තර
      • 41.92
  • කටු පඳුරු සහිත ලඳු කැළෑ
      • 154.09
  • හිස් බිම්
      • 19.21
Filter Options
Print
සිතියම් සුචිය

ශ්‍රී ලංකාවේ නගර

නාගරික ප්‍රදේශය
බදුල්ල මහා නගර සභාව
  • නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2019
    11.11
  • සමස්ත වර්ධන වේගය 1995 - 2019
    0 %
  • නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය
    0 KM2
  • පරිපාලන ප්‍රදේශ සීමාව
      • නාගරික ව්‍යාප්තිය 1995 - 2019
        3.1 KM2
          • 1995
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            10.67 KM2
            • නාගරික
              0.83 KM2
            • අර්ධ නාගරික
              2.27 KM2
            • ඉදිකිරීම් රහිත
              7.23 KM2
            • ජලය
              0.34 KM2
          • 2001
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            10.65 KM2
            • නාගරික
              1.49 KM2
            • අර්ධ නාගරික
              2.34 KM2
            • ඉදිකිරීම් රහිත
              6.48 KM2
            • ජලය
              0.34 KM2
          • 2012
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            10.66 KM2
            • නාගරික
              3.19 KM2
            • අර්ධ නාගරික
              2.61 KM2
            • ඉදිකිරීම් රහිත
              4.52 KM2
            • ජලය
              0.34 KM2
          • 2017
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            10.66 KM2
            • නාගරික
              4.61 KM2
            • අර්ධ නාගරික
              2.85 KM2
            • ඉදිකිරීම් රහිත
              2.86 KM2
            • ජලය
              0.34 KM2
          • 2019
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            0 KM2
            • නාගරික
              0 KM2
            • අර්ධ නාගරික
              0 KM2
            • ඉදිකිරීම් රහිත
              0 KM2
            • ජලය
              0 KM2
  • නගර සීමා ප්‍රදේශය
      • නාගරික ව්‍යාප්තිය 1995 - 2019
        8.01 KM2
          • 1995
            මුළු නගර සීමා ප්‍රදේශය
            85.46 KM2
            • නාගරික
              1.87 KM2
            • අර්ධ නාගරික
              5.19 KM2
            • ඉදිකිරීම් රහිත
              77.74 KM2
            • ජලය
              0.66 KM2
          • 2001
            මුළු නගර සීමා ප්‍රදේශය
            85.47 KM2
            • නාගරික
              2.9 KM2
            • අර්ධ නාගරික
              7.12 KM2
            • ඉදිකිරීම් රහිත
              74.79 KM2
            • ජලය
              0.66 KM2
          • 2012
            මුළු නගර සීමා ප්‍රදේශය
            85.46 KM2
            • නාගරික
              4.86 KM2
            • අර්ධ නාගරික
              10.62 KM2
            • ඉදිකිරීම් රහිත
              69.32 KM2
            • ජලය
              0.66 KM2
          • 2017
            මුළු නගර සීමා ප්‍රදේශය
            85.46 KM2
            • නාගරික
              5.98 KM2
            • අර්ධ නාගරික
              12.55 KM2
            • ඉදිකිරීම් රහිත
              66.27 KM2
            • ජලය
              0.66 KM2
          • 2019
            මුළු නගර සීමා ප්‍රදේශය
            0 KM2
            • නාගරික
              0 KM2
            • අර්ධ නාගරික
              0 KM2
            • ඉදිකිරීම් රහිත
              0 KM2
            • ජලය
              0 KM2
Tell us

contact us

If you have any comments, complaints or suggestions to improve the content of this site, please feel free to contact us by filling the following form.