ගාල්ල මහා නගර සභාව

ගාල්ල (gālla)
காலி (Kāli)
දකුණු පළාතේ අග නගරය ගාල්ලයි. ගාල්ල නගරය, යුනෙස්කෝ ලෝක උරුම නගරයක් මෙන්ම සංචාරක ආකර්ෂණය ඇද බැඳ ගත් සංදිස්ථානයකි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පළාත් ප්‍රධාන නගර නවය අතුරින් වැඩ කරන වයසේ ජනගහනය අවම අගයක් වාර්තා වන්නේ ගාල්ල නගරයෙනි.

2012 දී ජනගහනය

86,333

2017 දී ජනගහනය (SoSLC ඇස්තමේන්තුව)

104,000

ජනගහන ඝනත්වය - ඇස්තමේන්තුව 2017 (ජනගහනය/ඉදිකරන ලද ප්‍රදේශ)

71 persons / ha

නගර සභා පරිපාලන ප්‍රදේශය

1,732.1ha

නගර සීමා ප්‍රදේශය-2017

2,132 ha

ජනගහනය

  • Population
    104,000
  • urban extent
    1,732.1 ha
  • density
    71 Person/ha

මිනිසා නගරයේ ප්‍රධාන චරිතයකි. ජනගහන වෙනස්කම් පිළිබඳ තොරතුරු දේශීය සංවර්ධනය සඳහා සෘජු බලපෑමක් සිදුකරයි.

ජනගහන වර්ධනය , ගැමි - නාගරික සංක්රමණික ප්‍රවණතා සහ අභියෝග, නගරවාසීන්ගේ සවිස්තරාත්මක වූ ජනගහන වාර්තා පිළිබඳ විද්‍යාත්මක පැතිකඩ, නගරවාසීන්ගේ අභිලාෂයන් ආදී විස්තරාත්මක විග්‍රහයන් ස්ත්‍රී පුරුෂ භාවය ද සැලකිල්ලට ගනිමින් එහි ප්‍රවණතා මත පදනම්ව නගර ජනගහනය පිළිබඳ ප්‍රක්ෂේපණයක් සපයයි. යහපත් අනාගතයක් සඳහා තීරණ ගැනීමේදී මෙම දත්ත හා තොරතුරු සලකා බැලීම අතිශය වැදගත් වේ.

භාෂා හැකියාව
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ප්‍රදේශයේ, විවිධ භාෂා භාවිතා කරන ජන කොටස් අනුව, ඒ ඒ කාණ්ඩයේ භාෂා හැකියාවන් පිළිබඳව මෙම දත්ත පැහැදිලි කරයි.
වයස් කාණ්ඩය අනුව ස්ත්‍රී පුරුෂ අනුපාතය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින් පුරුෂයින් 100 දෙනෙකුගේ අනුපාතයට ජනගහනයෙහි සාපේක්ෂ ස්ත්‍රීන් ප්‍රමාණය පැහැදිලි කෙරේ. වයස අවුරුදු 15 ට වැඩි පිරිසේ ස්ත්‍රීන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව මේ මගින් පැහැදිලි වේ.
ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ගාල්ල මහ නගර සභාවේ පුරුෂ මූලික කුටුම්භ හා ස්ත්‍රී මූලික කුටුම්භ ඒකකවල ප්‍රතිශතය ජාතික සාමාන්‍ය අගය හා මෙහි දැක්වේ.
ස්ත්‍රී පුරුෂ භාවය අනුව සංක්‍රමණික ජනගහනය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
2012 වස‍රේ නගරය තුලට සංක්‍රමණය වූ ජනතාව පිලිබඳ දත්ත මෙහි දැක්වේ.
ජනවාර්ගික පැතිකඩ
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ගාල්ල නගරයේ වෙසෙන ජනතාවගෙන් සියයට 70.5 ක් සිංහල, සියයට 28.2 ක් ශ්‍රී ලංකා මුවර්, සියයට 1.3 ද්‍රවිඩ හා අනෙකුත් ජන වාර්ගික කණ්ඩායම් වේ.
ජන සංක්‍රමණයට හේතු
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නගරයේ ජන සංක්‍රමණ සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ විවාහ සහ රැකියා අවස්ථාවන් බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.
වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවය බෙදී යාම
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
නගරය තුල ශ්‍රම බලකාය සැලකිය යුතු ඉහල මට්ටමක පවතී.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිලිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.
දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, එ මගින් මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමයි.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
පාසල් අධ්‍යාපනය ලබනා ප්‍රතිශතයේ මෙන්ම, කිසිදු අධ්‍යාපන කටයුත්තය නියුතු නොවන ප්‍රතිශතයේ සැලකිය යුතු පරිමාණයක් ද මෙම දත්ත අනුව දැක්වේ.
ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ද්විතික අධ්‍යාපනය සඳහා යොමු වන සිසු සිසුවියන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව මෙම දත්ත අනුව පැහැදිලි වේ. අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසු උනද කිසිදු අධ්‍යාපන කටයුත්තක යෙදී නොසිටින පිරිසේ ප්‍රතිශතයද ඉහල අගයක් ගනී.
පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඒ ඒ වයස් කාණ්ඩ අනුව, නගරයේ ජනතාවගේ පරිගණක සාක්ෂරතාවය මෙම දත්ත අනුව දැක්වේ.

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)
මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
පසුගිය වසර කිහිපය අතර සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාවේ වර්ධනයක් මෙම දත්ත අනුව වාර්තා වේ.
දුම්රිය මගීන් සංඛ්‍යාව
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
වසර 2014 සිට 2016 වන විට වාර්ෂික දුම්රිය මගීන්ගේ තරමක ප්‍රමාණයට අඩු වීමක් සිදුවී ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.
පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
ගාල්ල මහා නගර සභා බලප්‍රදේශයට ඇතුළුවන වාහන වලින් වැඩිම ප්‍රතිශතය ලෙස ගැනෙන සියයට 66 ක් පමණ වාහන යතුරුපැදි /කාර් / වෑන් / ජීප් රථ වැනි පුද්ගලික වාහන වේ. මාර්ගයේ බස් රථ ධාවනය වන ප්‍රමාණය සියයට 4 ක් පමණ සුළු අගයක් වේ.
වාහන තදබදය (දිවා කාලයේ)
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
පෙරවරු 7ත්, 9ත් අතර කාලය, නගරයේ වැඩිම වාහන තදබදය වාර්තා වන කාල සීමාවයි. පාසල් හා සේවා ස්ථාන වෙත සිදුවන ප්‍රවාහන කටයුතු හේතුවෙන් උදෑසන 8 සිට පමණ වන විට වාහන තදබදයේ ඉහලම අගය වාර්තා වේ.
වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
ප්‍රදේශයේ බොහෝ මගීන් පිරිසක්, බස්රථ භාවිතා කරමින් සිය ගමනාගමන පහසුකම් සලසා ගන්නා බව පැහැදිලි වේ. මාර්ගයේ පෞද්ගලික වාහන භාවිතය ද ඉහල අගයක් ගනී.
නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින් දුම්රියෙන් නගරයට පැමිණෙන මගීන් සහ, දුම්රිය මගින් නගරයෙන් පිටව යන මගීන් පිළිබඳව විස්තර කරයි.
පදික මාරුව භාවිතය

ආර්ථිකය

නගර ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිලිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ස්ථානවල CCI හි පළමු, දෙවන හා තෙවන ස්ථාන ලෙස ගාල්ල දිස්ත්රික්කයෙන් 4 වන ස්ථානයට පත්ව ඇත.
ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017
මෙම දත්ත අනුව කුරුණෑගල නගරයේ වාර්තාගත ඒකපුද්ගල දල දේශීය නිෂ්පාදිතයේ ඉහල යාමක් වාර්තා වේ.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
නගරයේ තරඟකාරීත්වය පිළිබඳ දර්ශකය අනුව කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන නගර පිළිවෙලින් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබා සිටින අතර,ගාල්ල නගරය මෙහි හතරවන ස්ථානයට පත්ව ඇත.
පලාත් පාලන ආයතන බෙදා දීම
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. දකුණු පළාතේ මහා නගර සභා තුනක් ද, නගර සභා හතරක් සහ ප්‍රාදේශීය සභා හතලිස් දෙකක් ඇතුළත් වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ගාල්ල මහා නගර සභාවේ නිවාසවල තත්වය පිළිබඳ මෙහි දත්ත මගින් පෙන්වා දේ. නිවාසවල බහුතරයක් (සියයට 93.5 ක් පමණ) තනි තට්ටුවේ හා තට්ටු දෙකේ නිවාස ලෙස දැක්වේ.
නිවාස වර්ග
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත වලට අනුව, ගාල්ල මහා නගර සභාවේ, 2012 වසරේදී පැවති නිවාස වලින් සියයට 93.2 ක් ස්ථාවර බව පෙන්වා දෙයි

නාගරික සේවා

නාගරික සේවා හෝ නාගරික සේවාවන් යොමු කරනු ලබන්නේ පුරවැසියන්ට ගෙවිය යුතු බදු ගෙවීම සඳහා නගරයේ ආන්ඩුවේ පුරවැසියන් අපේක්ෂා කරන මූලික සේවාවන්ය.

යටිතල පහසුකම්
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ගාල්ල මහා නගර සභා ප්‍රදේශයේ විදුලිබල හා ජල සැපයුම ඇතුළු සේවා සැපයුම යහපත් මට්ටමක පවතී.
ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)
මුලාශ්‍රය - JICA
නගරයේ එක්රැස්වන අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් සියයට 24.8 ක පමණ ප්‍රමාණයක මහා නගර සභාවේ කසල එක්රැස් කිරීම සිදු නොකරන අතර, මෙම ගෘහස්තයන්ගේ කසල, ගිනි තැබීම, වළ දැමීම වැනි ක්‍රමෝපායන් මගින් බැහැර කිරීම සිදු කරනු ලබයි.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය ( 1974 - 2017 )
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
1974 වර්ෂයේ සිට 2017 වසර දක්වා, ප්‍රදේශයට බොහෝ හානි සිදුව ඇත්තේ ගංවතුර තත්වයන් හේතුවෙන් බව පැහැදිලි වේ. නාය යෑම හේතුවෙන් ද පුද්ගල මරණ ඇතුළුව අපදා වාර්තා වී තිබේ.
රථවාහන හේතුවෙන් සිදුවන වායු දූෂණය
මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
නගරයේ ඇති දූෂිත වායු පිළිබඳ මෙම දත්ත විස්තර කරයි. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.

තේමා සිතියම්

Filter Options
Print
Legend
Filter Options
Print
සිතියම් සුචිය

ශ්‍රී ලංකාවේ නගර

ඉදිකරන ලද භූමිය
  • මුළු ඉදිකරන ලද භූමිය
    1399.82
  • නේවාසික
    • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
      • 2.71
    • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
      • 972.38
    • පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
      • 0.23
  • වාණිජ
    • ව්‍යාපාරික ස්ථාන
      • 96.16
    • ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
      • 0.41
    • බැංකු
      • 0.41
  • ආයතනික
    • අධ්‍යාපනික
      • වෙනත් උසස් අධ්‍යාපන ආයතන
        17.42
      • පාසල්
        35.01
    • සෞඛ්ය
      • රෝහල්
        3.03
      • බෙහෙත් ශාලා
        5.68
    • රාජ්‍ය ආයතන
      • 70.78
  • කර්මාන්ත
    • කර්මාන්ත ශාලා
      • 17.6
    • ඉඩම් ගොඩ කිරීම්
      • 2.37
  • ප්‍රවාහන
    • බස්නැවතුම්
      • 1.19
    • දුම්රිය නැවතුම්
      • 6.6
    • රථ ගාල්
      • 1.05
    • මහාමාර්ග
      • 26.39
    • රේල් පාර
      • 57.48
  • පොදු ස්ථාන
    • උද්‍යාන / චතුරශ්‍ර
      • 13.40
    • ක්‍රීඩා භූමි
      • 12.75
    • සුසාන භූමි
      • 4.82
  • සංස්කෘතික
    • ආගමික
      • විහාර / සිද්ධස්ථාන
        34.45
      • ක්‍රිස්තියානි පල්ලිය
        1.56
      • මුස්ලිම් පල්ලිය
        5.97
    • පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
      • 4.48
  • ඉදිකරමින් පවතින
      • 5.49
ඉදි නොකරන ලද
  • මුළු ඉදි නොකරන ලද
    332.28
  • කෘෂිකාර්මික
      • 42.90
  • ජලය
      • 36.56
  • වනාන්තර
      • 20.36
  • රක්ෂිත ප්‍රදේශ
      • 1.38
  • තෙත්බිම්
      • 27.76
  • වෙරළාශ්‍රිත ප්‍රදේශ
      • 33.12
  • කටු පඳුරු සහිත ලඳු කැළෑ
      • 19.79
  • හිස් බිම්
      • 150.41
Filter Options
Print
සිතියම් සුචිය

ශ්‍රී ලංකාවේ නගර

නාගරික ප්‍රදේශය
ගාල්ල මහා නගර සභාව
  • නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2019
    13.37
  • සමස්ත වර්ධන වේගය 1995 - 2019
    0 %
  • නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය
    0 KM2
  • පරිපාලන ප්‍රදේශ සීමාව
      • නාගරික ව්‍යාප්තිය 1995 - 2019
        5.15 KM2
          • 1995
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            17.33 KM2
            • නාගරික
              2.7 KM2
            • අර්ධ නාගරික
              4.83 KM2
            • ඉදිකිරීම් රහිත
              9.13 KM2
            • ජලය
              0.67 KM2
          • 2001
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            17.33 KM2
            • නාගරික
              3.43 KM2
            • අර්ධ නාගරික
              5.63 KM2
            • ඉදිකිරීම් රහිත
              7.6 KM2
            • ජලය
              0.67 KM2
          • 2012
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            17.33 KM2
            • නාගරික
              5.61 KM2
            • අර්ධ නාගරික
              6.6 KM2
            • ඉදිකිරීම් රහිත
              4.45 KM2
            • ජලය
              0.67 KM2
          • 2017
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            17.33 KM2
            • නාගරික
              7.59 KM2
            • අර්ධ නාගරික
              7.05 KM2
            • ඉදිකිරීම් රහිත
              2.02 KM2
            • ජලය
              0.67 KM2
          • 2019
            මුළු පරිපාලන ප්‍රදේශ සීමාව
            0 KM2
            • නාගරික
              7.59 KM2
            • අර්ධ නාගරික
              7.05 KM2
            • ඉදිකිරීම් රහිත
              2.02 KM2
            • ජලය
              0.67 KM2
  • නගර සීමා ප්‍රදේශය
      • නාගරික ව්‍යාප්තිය 1995 - 2019
        8.22 KM2
          • 1995
            මුළු නගර සීමා ප්‍රදේශය
            202.01 KM2
            • නාගරික
              4.12 KM2
            • අර්ධ නාගරික
              19.75 KM2
            • ඉදිකිරීම් රහිත
              119.93 KM2
            • ජලය
              58.21 KM2
          • 2001
            මුළු නගර සීමා ප්‍රදේශය
            183.17 KM2
            • නාගරික
              5.86 KM2
            • අර්ධ නාගරික
              29.97 KM2
            • ඉදිකිරීම් රහිත
              89.22 KM2
            • ජලය
              58.12 KM2
          • 2012
            මුළු නගර සීමා ප්‍රදේශය
            183.18 KM2
            • නාගරික
              12.62 KM2
            • අර්ධ නාගරික
              47.89 KM2
            • ඉදිකිරීම් රහිත
              64.53 KM2
            • ජලය
              58.14 KM2
          • 2017
            මුළු නගර සීමා ප්‍රදේශය
            183.17 KM2
            • නාගරික
              21.32 KM2
            • අර්ධ නාගරික
              59.07 KM2
            • ඉදිකිරීම් රහිත
              44.8 KM2
            • ජලය
              57.98 KM2
          • 2019
            මුළු නගර සීමා ප්‍රදේශය
            0 KM2
            • නාගරික
              21.32 KM2
            • අර්ධ නාගරික
              59.07 KM2
            • ඉදිකිරීම් රහිත
              44.8 KM2
            • ජලය
              57.98 KM2
Tell us

contact us

If you have any comments, complaints or suggestions to improve the content of this site, please feel free to contact us by filling the following form.