ජනගහනය
ජනගහනය
66,000
පරිපාලන ප්‍රදේශය
5,140.3 ha
ඝනත්වය
25 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව / SoSLC

When attention is paid for the population of the city, according to the reports of the census and statistic department, total population of Anuradhapura district in 2011 is 856, 004 and 6% of it belongs to the urban population of Anuradhapura. When both years of 2001 and 2012 are compared according to its population density, it can be observed that there is a gradual declination of the population of the urban area. Urban population in 2001 is 56,632. This has gradually declined as 50595 in 2012 and 66000 in 2017. According to the statistic calculations, it is clear that the population growth rate has taken a low value.highest population density reports in stage iii (part 1) GN division and stage iii (part 2) GN division and lowest population density reports in Thisawewa GN division.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අනුරාධපුර මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 49.44%ක් පුරුෂයන්ද 50.56% ස්ත්‍රීන්ද වෙයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 22.39% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 25.03% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 41.91% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 10.67% ලෙසත් ය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම දත්ත අනුව, නගරයේ ජනගහනයෙන් සියයට 91 ක් සිංහල භාෂාව කතා කරන ජනතාව වන අතර සියයට 7.0 ක් ශ්‍රී ලංකා මුවර්, සියයට 1.2 දමිළ සහ සියයට 0.3 ක් වෙනත් ලෙස වාර්තා වේ.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යාලේඛනවලට අනුව, අවුරුදු 10 ට වැඩි නේවාසික කාණ්ඩයේ සංක්‍රමණික පිරිමි සහ ගැහැණු ජනගහනය ඉහළම අගයයි. දත්ත වලට අනුව, අවුරුදු 5 කට අඩු කාලයක් තුළ වැඩි පිරිමි ජනගහනයක් නාගරික ප්‍රදේශයට සංක්‍රමණය වූවන් ලෙස වාර්තා වේ.

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරය තුලට සංක්‍රමණිත පුරුෂයන් බහුතරය රැකියා සැලකිල්ලට ගනිමින් නගරයට පැමිණ ඇති බවත්, කාන්තාවන් විවාහයෙන් පසුව හා පවුලේ වෙනත් සාමාජිකයෙකු සමග නගරය තුලට සංක්‍රමණය වීම සිදුවී ඇති බව, මෙම 2012 දත්ත මගින් පැහැදිලි වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙහි, පුරුෂයන් සිය දෙනෙකු ගත්විට, ඒ හා සාපේක්ෂව සිටින කාන්තාවන් ප්‍රමාණය පිළිබඳ දත්ත දැක්වේ. ඒ අනුව සලකා බලන කල, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි පුරුෂයින් ප්‍රමාණය හා සාපේක්ෂ වැඩිහිටි කාන්තාවන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා අතර, වයස අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් ප්‍රමාණය පුරුෂයන් ප්‍රමාණය හා සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව පැහැදිලි වේ.

Download data file here

ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අනුරාධපුර මහා නගර සභාවේ ස්ත්‍රී මූලික කුටුම්භ ප්‍රතිශතය පුරුෂ මූලික කුටුම්බයන්ගේ ප්‍රතිශතයට වඩා අඩු මට්ටමක පවතී.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2012 වර්ෂයේ අනුරාධපුර නගරයේ ජනතාවගේ භාෂා හැකියාවන් පිළිබඳව මෙම දත්ත විස්තර දක්වයි.

Download data file here

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ගුරු ශිෂ්‍ය අනුපාතය

මූලාශ්‍රය - Anuradhapura Development Plan by UDA

රජයේ පාසල්වල සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර 2017 දී සමස්ත සිසුන් හා ගුරුවරුන් පිළිවෙලින් 28008 සහ 1225 ක් පමණ වන අතර ගුරු ශිෂ්‍ය අනුපාතය 1:23 වැනි ඉහළ අගයක් ගනී. අනුරාධපුර මධ්‍යම විද්‍යාලය, සුවර්ණපාලි බාලිකා මහා විද්‍යාලය සහ සහිරා මුස්ලිම් මහා විද්‍යාලය යන ජාතික පාසල් මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙම ජාතික පාසල්වලට අමතරව රියන්සිපෙරරා වැනි පෞද්ගලික පාසල්, විශේෂ අධ්‍යාපන පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල, සෙලින්කෝ විද්‍යාලය, කේම්බ්‍රිජ් විද්‍යාලය , රාහුල විද්‍යාලය ද පිහිටා ඇත. පාසල් අධ්‍යාපනයට අමතරව උසස් අධ්‍යාපනය නංවාලීම සඳහා භික්ෂු විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. වෘත්තීය අධ්‍යාපනය නංවාලීමේ අරමුණින් හෝටල් පාසල, වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික විද්‍යාලය, ජාතික ආධුනික හා කාර්මික පුහුණු අධිකාරිය, කාර්මික විශ්ව විද්‍යාලය, තරුණ සේවා සභාව වැනි අධ්‍යාපන මධ්‍යස්ථාන මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වයස්ගතව සිටින වයස අවුරුදු 25 සිට 25 දක්වා වයස් සීමාව තුළ අනුරාධපුරයේ පාසලකට නොපැමිණෙන අයුරු

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අ.පො.ස. (උ.පෙළ) සඳහා එදිරිපත් වන ශිෂ්‍යාවන් ප්‍රමාණය සාපේක්ෂ ලෙස ඉහල අගයක වාර්තා වේ. උසස් අධ්‍යාපනය සඳහා යොමු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රමාණය අනෙකුත් අංශ හා සසඳන කල අඩු අගයකි.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වයස අවුරුදු 15 ත් 19 ත් අතර පසුවන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම පරිගණක සාක්ෂරතා මට්ටම ඉහල අගයක් ලෙස වාර්තා වේ

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පළාත් පාලන ආයතනවල මාර්ග වර්ගීකරණය

මූලාශ්‍රය - Anuradhapura Development Plan by UDA

When considering about the existing road network of the area, it shows that there is a wellconnected road network. Total length of the roads which are being maintained by the Road Development Authority is 45 kilometers and Total length of the road which is being maintained by the Municipal Council is about 231 kilometers and some roads area maintaining by Provincial Road Development Authority.

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

Between 7 am to 8 am is the busiest traffic period in the Anuradhapura MC area with peak reached at 8 am due to school and work commuting traffic. According to the traffic survey conducted by Urban Development Authority in 2016, it is reported that the population who arrives to the city from external areas for various requirements is 160,000. According to the survey reports of traffic branch of police of Anuradhapura, it is further revealed that this amount of population in every year increases up to 11 lacks during the period of Wesak, Poson and Esala festivals and especial massiveness such as Pichchamal Pujawa and Kapruk Pujawa.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

අනුරාධපුර නගර සභා බලප්රදේශයට ඇතුළුවන වාහන වලින් වැඩිම ප්රතිශතය සියයට 6 ක් පමණ වේ. මෝටර් සයිකල් හා කාර් / වෑන් / ජීප් රථ වැනි පුද්ගලික වාහන සියයට 85 ක් පමණ අයත් වේ. මාර්ගයේ බස් රථවල වාහනවල සියයට 2 ක් සහ මැදපෙරදිග කලාපයට ඇතුළුවන පාපැදිවලින් සියයට 3 ක්.

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මගීන් බහුතරය, මාර්ගයේ ධාවනය වන බස් රථ මගින් සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නා අතර, යතුරුපැදි භාවිතා කරන්නන් ද සැලකිය යුතු මට්ටමකට වාර්තා වේ.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

හදිසි අනතුරු යනු අනවශ්‍ය හෝ අනපේක්ෂිත සිදුවීමකි. නොවැළැක්විය හැකි අනතුරක් මාරාන්තික හෝ අවාසනාවන්ත හානිකර සිදුවීමක් යන සංකල්පයට අයත් වේ. අධිවේගී මාර්ගයක ගමන් කරන මෝටර් රථ වාහන, පුද්ගලයින් හෝ දේපළ සමඟ ගැටීමෙන් අනතුරක් සිදු වේ. වාහනයක් සහ වෙනත් වාහනයක් අතර අනතුරක් සිදුවිය හැකිය, වාහනයක් පුද්ගලයෙකු සමඟ ගැටීම, චලනය කළ හැකි හෝ වෙනස් කළ නොහැකි දේපළක් සමඟ වාහනයක් ගැටීම, වාහනයක් පාරෙන් ඉවතට යන විට, පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සමඟ ගැටීම හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරන ව්‍යසනය හේතුවෙන් අනතුරක් සිදුවිය හැකිය. පසුගිය වසර කිහිපයක් ඇතුළත අනුරාධපුර පොලිස් කොට්ඨාස සීමාව තුළ සිදුව ඇති මාරාන්තික රිය අනතුරු පිළිබඳව මෙහි විස්තර වේ. එපමණක් නොව අනතුරු වර්ගීකරණය සමගින් සමස්ථ රටම ආවරණය වන පරිදි වැඩිදුර විස්තර පහත දත්ත ගොනුව තුළ අන්තර්ගත වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

2014 සිට 2016 වසර දක්වා වාර්ෂික දුම්රිය මගීන්ගේ වැඩිවීමක් වාර්තාවේ

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

කොළඹ සහ උතුරු දුම්රිය මාර්ගයේ මගීන් සංඛ්‍යාව බහුතරය වේ.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

පුරෝකථනය කල හා සත්‍ය අදායම් සහ වියදම්

සංචාරකයින්ගෙන් නගරයට ලැබෙන ආදායම

මූලාශ්‍රය - Tourist Development Authority Sri Lanka

When it is compared with the 2008, it is clear that direct income which was earned from the tourist industry has grown by the 100 percent.A large number of local tourists come for different massiveness which are held based on the sacred shrines and therefore based on this arrival, there is a possibility to obtain the contribution to the economy.The crowd which comes for the religious festival approximately can be mention as follows. 0.8 million persons for Wesak and 0.3, 0.15, 0.5 and 0.3 million persons for Poson ,Easala, pichchamal puujawa and dahaspethiyamal puujawa respectively.

විදේශීය සංචාරකයින්ගේ පැමිණීම

මූලාශ්‍රය - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

2008 සිට 2016 දක්වා කාලය තුළ විදේශීය සංචාරකයින්ගේ වාර්ෂික වර්ධනය සියයට 9 කින් ඉහළ ගොස් ඇති අතර 2016 වන විට විදේශීය සංචාරකයින්ගෙන් 77,703 ක් අනුරාධපුර නගරයට පැමිණ ඇත. මෙහි සෘජු ආදායම රුපියල් මිලියන 350 ක් පමණ වන බව වාර්තා වේ. 2016 දී විදේශිකයන් 77,703 ක් අනුරාධපුර නගරයට පැමිණ ඇති අතර විදේශිකයින්ගේ පැමිණීමේ මෙම ප්‍රවණතාවය සැලකිල්ලට ගෙන 2030 වන විට විදේශිකයන්ගෙන් 105,000 ක් පමණ අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. විදේශිකයන් 150,000 ක් පමණ අනුරාධපුරයට පැමිණීම අපේක්ෂා කෙරේ සංචාරක සංවර්ධන අධිකාරිය සහ මෙම ඉලක්කය සපුරා ගැනීම UDA සංවර්ධන සැලැස්මේ පරමාර්ථයකි. බෞද්ධ උරුමයන් හා සංස්කෘතීන් සමඟ වැඩිදියුණු වූ සහ දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තරව ද වැඩි අවධානයක් යොමු කළ නගරය බවට පත්වීමේ හැකියාව ඉහත සාධක මගින් තවදුරටත් සනාථ වේ. මෙම විභවය භෞතික, ආර්ථික, සමාජ හා පාරිසරික යන අංශවල නාගරික ප්‍රදේශ සංවර්ධනය කිරීමට පදනමකි. තවද, අන්තර් රාජ්‍ය සබඳතා තුළින් නගරයේ සංවර්ධනය සඳහා දායකත්වය ලබා ගැනීමේ හැකියාව විශාල ශක්තියක් වේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගර වල තරඟකාරීත්වයේ මිනුම් දර්ශකය (CCI) අනුව අනුරාධපුර නගරය සියලු පළාත් ප්‍රධාන නගර අතරින් 5 වන හොඳම නගර ලෙස ශ්‍රේණිගතව ඇත.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව

අනුරාධපුර මහ නගර සභා සීමාවෙහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ක්‍රමානුකූලව ඉහළ ගොස් ඇති බවට ඉහත ප්‍රස්ථාරය සාක්ෂි සපයයි. අනුරාධපුර නගරයේ ආර්ථිකය විශ්ලේෂණය කිරීමේදී 1950 ට පෙර අනුරාධපුරයට ප්‍රාථමික අංශ පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් ඇති බව අනාවරණය වී ඇති නමුත් දැන් තෘතීයික අංශයේ දායකත්වය ප්‍රාථමික අංශයට වඩා ඉහළ මට්ටමක පවතී. අනුරාධපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ වාර්තාවලට අනුව, 2017 දී ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අංශවල දායකත්වය පිළිවෙලින් සියයට 9, 19 සහ සියයට 72 කි. පළාතේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයේ ය. එබැවින් පරිපාලන කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන කටයුතු සහ වෙළඳ කටයුතු වල වැඩ කිරීම සඳහා වැඩි පිරිසක් නගරයට පැමිණේ. මෙම හේතු මත පදනම්ව, තෘතීයික අංශයේ ඉහළ වර්ධනයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව විදේශීය සංචාරකයින්ගේ පැමිණීම මගින් ලැබෙන ආදායම අනුරාධපුරයේ ආර්ථිකය නඟා සිටුවීමට උපකාරී වන අතර සේවා අංශයේ වර්ධනයක් ඇති කිරීමට මෙම තත්වය බලපා ඇත. h

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

විශ්‍රාම වැටුප් ලාභීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අනුරාධපුරය දීස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු සියල්ල පහත දත්ත ගොණු මගින් බාගත කර හැකි අතර මෙහි නුවරගම් පළාත මධ්‍යම ප්‍රදේශයට අයත් දත්ත පමණක් නිරූපණය කර ඇත.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

අනුරාධපුර සහ යාපනය යන නගරවල නගර පාලනය පිළිබඳ දර්ශකයේ 5 වන ස්ථානය ලෙස අනුරාධපුරය පත්ව ඇත.

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අනුරාධපුර නගරසභා බල පෙද්ශය තුළ නිවාසෙය් ගුණාත්මකභාවය පිළිබඳ රූප සටහන දැක්ෙව්. නිවාසවල බහුතරයක් (සියයට 96 ක් පමණ) තනි තට්ටුව හා තට්ටු දෙකකින් යුක්ත වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අනුරාධපුර මහා නගර සභාව තුල නිවාසවලින් 2012 වර්ෂයේදී 90.5% ක් ස්ථීර බව පෙන්නුම් කරයි.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

Typically, MC collects about 31 MT of solid waste in a day (UDA, 2018). It has been reported that 54% of the collected waste is short-term biodegradable waste. In principal, MSW collection service is provided by the MC at city center (covering commercial entities) daily and in residential areas with varying frequency, but at least twice a week. During festival seasons, thousands of people visit or reside in the city creating an enormous pressure on public services and MC to increase the waste collection turns of those areas as and when necessary. Consequently, MSW collection during peak season increases by 50%. Some peri-urban areas however are not provided with the waste collection service. Nevertheless, most of the residents in these areas have own sizable land plots enabling them to manage the waste within their own premises.in 2017 the solid waste which is collected per day is about 20 metric tons in the Anuradhapura town and solid waste is collected and disposed by the Anuradhapura Municipal Council daily according to the schedule. Even though there is no a sewage system to cover the entire town of Anuradhapura, small scale swage system has been established to cover the Anuradhapura new Bus stand and its commercial area.

Download data file here

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතනය සතුව පවතින පහසුකම්

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

MC has imposed a tax system on commercial and industrial units in the MC area for solid waste collection About 70 institutions in the city have been registered under this system. Consequently, it is expected that the revenue from waste collection to be increased from 1.4 million LKR (in the year of 2013) to 5 million LKR per year. Anuradhapura MC maintains a compost plant through which about 26% of the waste (8 MT/day) is treated. The waste collected is in mixed nature, therefore only 2% (0.7 MT/day) is recovered as recyclables and the balance 72% (22 MT/day) is openly dumped. The dumping site is located adjacent to the compost plant located at Keerikkulama in Nuwaragampalatha. Suitability of this disposal site is questionable as it is located within the catchment area of Nuwarawewa reservoir and also the site is not an engineered landfill. Previously, the dump site has been used for the disposal of septage as well. With the aim of minimizing the amount of indiscriminate dumping of waste, the MC is aiming at improving composting and recycling practices within the city. In view of that, MC is planning to improve infrastructure of the compost plant, adopt compost marketing strategies and promote home composting. MC has identified the potential in increasing recycling of the inorganic fraction from the waste and planning to increase recycling capacities of the existing facility in near future.

Download data file here

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

කසළ එකතු කිරීම, එහි ප්රතිවිපාක, කුටුම්භ ගිනිබත් කිරීම, වළ දැමීම හෝ විවෘත කිරීම කුණු කසළ දැමීම සඳහා සියයට 53 ක් පමණ ගෘහස්ථයන් විසින් ආවරණය නොකෙරිනි.

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අනුරාධපුර මහා නගර සභා බල ප්‍රදේශයේ පිළිවෙලින් 97% ක සහ 99% ක විදුලිය හා ජල සැපයුම් සඳහා ඉතා ඉහල ආවරණයක් වාර්තාගතව ඇත.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

ගංවතුර පිළිබඳ දත්ත

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

රටේ වියළි කලාපයේ පිහිටා ඇති නගරයක් වන අනුරාධපුර නගර සීමාව තුළ ගංවතුර තත්වයන් නිරන්තර ඇතිවන තත්වයක් නොවේ. පුද්ගලයන් 34 දෙනෙකු වෙත බලපෑම් ඇති කල බවට දැක්වෙන ගංවතුර තත්වයක් පමණක් 2012 වසරේදී වාර්තා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කය තුල තත්වය සලකා බැලීමේදී 2012, 2014, 2015 සහ 2016 යන වර්ෂවල ගංවතුර තත්ව වාර්තා වී ඇති අතර, වසර 2014 දී ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 22818 ක් ලෙස ද, වසර 2016 දී ගංවතුර හේතුවෙන් පුද්ගල මරණ 2ක් ද වාර්තා වේ.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික වර්ෂාපතනය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of rainfall from 2008 to 2013. According to the Anuradhapura Observatory station, rainfall in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics. Annual average rainfall is about 1000 ml to 1500 ml and maximum annual average rainfall occurs during the period of September to December, North East monsoon. Southwest monsoon rains take place during the period of May to June. As a whole, although the dry climate situation can be seen in the period about 9 months, Nuwara Wewa, Basawakkulama Wewa, Thisa wewa, Kumbichchankulama tank and additionally several small tanks such as Ponnaramkulama, Aththikulama, Wanniyankulama are situated in this area to store the water which receives with the activation of the Monsoon period.

Download data file here

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Anuradhapura Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.This area consists of the characteristics of dry zone and torrid zone. When this annual average temperature level is compared with previous years, it can be observed that it is gradually increasing.although the average temperature of area is such value, the Analyses conducted by international institutions have proved that the feeling temperature is high from 5 degrees Celsius.

Download data file here

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අනුරාධපුර නගරය වසර 1974 ත් 2017 ත් අතර කාලය තුළ විටින් විට ඇති වූ නියඟ තත්වයන් හේතුවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.

රථවාහන හේතුවෙන් සිදුවන වායු දූෂණය

මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

නගරයේ ඇති දූෂිත වායු පිළිබඳ මෙම දත්ත විස්තර කරයි. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.

තේමා සිතියම්

 

අනුරාධපුර මහා නගර සභා ප්‍රදේශය:

අනුරාධපුර මහා නගර සභා ප්‍රදේශය හෙක්ටයාර 5140 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                      දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

අනුරාධපුර මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම:

අනුරාධපුර මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 28 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                    දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

අනුරාධපුර මහා නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:

අනුරාධපුර මහා නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
SoSLC ව්‍යාපෘතිය
SoSLC ව්‍යාපෘතිය
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
SoSLC ව්‍යාපෘතිය
මුළු
ඉදිකරන ලද භූමිය
2647.88 (ha)
  • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 1420.33
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 5.64
  • ව්‍යාපාරික ස්ථාන
    • 160.35
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 13.96
    බැංකු
    • 3.26
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 39.60
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 10.85
    • පාසල් 38.16
    සෞඛ්‍යය
    • රෝහල් 14.34
    • බෙහෙත් ශාලා 1.02
    රාජ්‍ය ආයතන
    • 187.25
  • කර්මාන්ත ශාලා
    • 26.06
  • බස්නැවතුම්
    • 2.47
    දුම්රිය නැවතුම්
    • 4.00
    ගුවන්තොටුපල
    • 59.08
    රථ ගාල්
    • 4.15
    මහාමාර්ග
    • 20.53
    රේල් පාර
    • 98.37
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 45.14
    ක්‍රීඩා භූමි
    • 39.43
    සුසාන භූමි
    • 19.23
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 99.58
    • ක්‍රිස්තියානි පල්ලිය 1.52
    • මුස්ලිම් පල්ලිය 1.04
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 332.34
    • 0.18
ඉදි නොකරන ලද
SoSLC ව්‍යාපෘතිය
මුළු
ඉදි නොකරන ලද
2492.47 (ha)
    • 710.32
    • 1545.98
    • 36.76
    • 133.70
    • 12.54
    • 10.28
    • 42.89

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
SoSLC ව්‍යාපෘතිය
SoSLC ව්‍යාපෘතිය
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
SoSLC ව්‍යාපෘතිය
අනුරාධපුර මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 7.35%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 7.37
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 684.23
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 51.4
      • නාගරික 1.96
      • අර්ධ නාගරික 7.39
      • ඉදිකිරීම් රහිත 26.71
      • ජලය 15.34
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 51.41
      • නාගරික 2.44
      • අර්ධ නාගරික 10.44
      • ඉදිකිරීම් රහිත 23.19
      • ජලය 15.34
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 51.42
      • නාගරික 4.96
      • අර්ධ නාගරික 15.3
      • ඉදිකිරීම් රහිත 15.82
      • ජලය 15.34
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 51.41
      • නාගරික 8.59
      • අර්ධ නාගරික 17.64
      • ඉදිකිරීම් රහිත 9.84
      • ජලය 15.34
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 632.82
      • නාගරික 0
      • අර්ධ නාගරික 4.31
      • ඉදිකිරීම් රහිත 560.23
      • ජලය 68.28
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 632.82
      • නාගරික 0.53
      • අර්ධ නාගරික 9.92
      • ඉදිකිරීම් රහිත 554.09
      • ජලය 68.28
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 632.82
      • නාගරික 0.64
      • අර්ධ නාගරික 27.34
      • ඉදිකිරීම් රහිත 536.56
      • ජලය 68.28
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 632.82
      • නාගරික 0.76
      • අර්ධ නාගරික 45.26
      • ඉදිකිරීම් රහිත 518.52
      • ජලය 68.28