ජනගහනය
ජනගහනය
54,000
පරිපාලන ප්‍රදේශය
1,065.6 ha
ඝනත්වය
746 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව / SoSLC

මෙහි ඇතුලත් දත්ත , 2012 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සංගණනය කොට ඉදිරිපත් කල දත්ත හා, ජනගහන වර්ධනය සැලකිල්ලට ගනිමින් 2017 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත දත්ත සලකා බලයි. 2017 වන විට බදුල්ල මහා නගර සභා ප්‍රදේශයේ ජනගහනය 54000 ක් ලෙස ගණන් බලා ඇත. කඳුකරයේ පිහිටි නාගරික ප්‍රදේශයක් ලෙස ජනගහන වර්ධනයේ මෙම ප්‍රවණතා අනුව ඇතිවිය හැකි ඉඩම් ඉල්ලුම සහ ජනතාව වෙත සපයා දිය යුතු රාජ්‍ය සේවා ප්‍රතිපාදන වැනි ක්ෂේත්‍රවල වර්ධනය සලකා බැලිය යුතුය.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම ප්‍රස්ථාරයේ ඇති දත්ත වලට අනුව, බදුල්ල මහා නගර සභා සීමා ප්‍රදේශය ඇතුලත ජනගහනයේ සියලුම වයස් කාණ්ඩවල කාන්තා නියෝජනය බහුතර අගයක් ලෙස වාර්තා වී ඇති අතර, එය මුළු ජනගහනයෙන් 53.1% ක ප්‍රතිශතයක් වන අතර පුරුෂ ජනගහනයේ ප්‍රතිශතය 46.9% ක් වේ. වයස් කාණ්ඩ අනුව දක්වන කල 24.92% ක් වයස අවුරුදු 15 ට අඩු ළමුන්, 24.76%ක් වයස අවුරුදු 15 - 29 අතර පසුවන්නන්, 39.82% ක් වයස අවුරුදු 30-59 අතර පිරිස හා 12.29% ක් වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනයට අයත් පිරිස ලෙස දැක්විය හැක. ශ්‍රම බලකාය ලෙස සැලකිය හැකි ජනගහනය ප්‍රදේශයේ ඉහළ මට්ටමක පැවතීම ප්‍රදේශයේ සංවර්ධනයට යහපත් සාදකයකි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බදුල්ල නගරයේ ජනවර්ග විවිධත්වය පිලිබඳ සලකා බලන කල එයින් බහුතරය සියයට 73.4 ක් සිංහලයින් වන අතර ශ්‍රී ලංකා මුවර් ජනයා සියයට 14.4ක්, සියයට 6.8 ද්‍රවිඩ ජනයා සහ ඉතිරි සියයට 5.1 නියෝජනය කරමින් අනෙකුත් ජන වර්ග වලින් සමන්විත වේ. දත්ත වලට අනුව ඉන්දියානු ද්‍රවිඩ ජාතික ජනයා නාගරික ප්‍රදේශය හා සාපේක්ෂව බලන කල දිස්ත්‍රික් සහ පළාත තුල ඉහළ මට්ටමක නියෝජනයක් දක්වයි. මේ සඳහා ප්‍රධාන ලෙස දැක්විය හැකි හේතුව වන්නේ ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ශ්‍රම බලකායක් සහිත ඌව පළාත තුල පිහිටි තේ වතු වල ඉහළ ප්‍රතිශතයයි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2012 සංගණන දත්ත වලට අනුව, බදුල්ල මහා නගර සභා සීමාව තුල මුළු පුරුෂ ජනගහනය (නේවාසික) 19809 ක් වේ. මහා නගර සභාවේ මුළු කාන්තා ජනගහනය 22428 කි. මුළු ජනගහනයෙන් පුරුෂයන් 3834 ක් නගරයට සංක්‍රමණය වුවන් වන අතර කාන්තාවන් 4643 ක් සංක්‍රමණය වී ඇත. පිරිමි සංක්‍රමණිකයින්ට වඩා කාන්තා සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව සාපේක්ෂව වැඩි බව මෙම දත්ත මගින් දෘශ්‍යමාන වේ. තත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීම සඳහා, මෙම සංඛ්‍යාලේඛන සංක්‍රමණය සඳහා හේතු සමඟ සංසන්දනය කිරීම වඩා යහපත් වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගර සීමාව තුලට ජනතාව සංක්‍රමණයවීම සලකා බලන කල, සංක්‍රමණිකයන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ සංක්‍රමණ රටාව අතර ඍජු සම්බන්ධයක් පවතින බව ගම්‍ය වේ. දත්ත වලට අනුව, පුරුෂයින් නගරයට සංක්‍රමණය වීමට ප්‍රධාන හේතුව ලෙස රැකියාව දක්වා ඇති අතර, කාන්තාවන් නගරයට සංක්‍රමණය වීමට දක්වා ඇති හේතු අතර විවාහය සහ පවුලේ සාමාජිකයෙකු සමඟ පැමිණීම වැනි හේතු ඉදිරියෙන් දක්වා ඇත. මීට අමතරව නගරයට සංක්‍රමණය වූ කාන්තාවන් අතරින් සැලකියයුතු පිරිසක් අධ්‍යාපනය හේතුවක් ලෙස දක්වා තිබේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පුරුෂයන් සීයකට සිටින ස්ත්‍රී ගනනෙහි අනුපාතය ඉහත රේඛා ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. ඉන් වැඩිම ප්‍රතිශතයක්(127%) 60ට වැඩි වයස් කාණ්ඩයත් , අඩුම ප්‍රතිශතය (94.5%) 15-29 අතර වයස් කාණ්ඩයත් නියෝජනය කරයි.

Download data file here

ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරය තුල පුරුෂ මූලික කුටුම්භ සංඛ්‍යාව ස්ත්‍රී මූලික කුටුම්භ සංඛ්‍යාවට වඩා ඉහල අගයක් වාර්තා වේ.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් ඇත: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි. මෙය රට පුරා පැහැදිලිව පෙනෙන අතර බොහෝ අවස්ථාවන්හිදී භාෂා තුනෙන්ම ලියා ඇත. සිංහල-බෞද්ධ බහුතරය වැඩි වශයෙන් කතා කරන්නේ සිංහල වන අතර දෙමළ භාෂාව ශ්‍රී ලාංකික මුවර් / මුස්ලිම් සහ දෙමළ / හින්දු භක්තිකයන් විසින් කථා කරනු ලැබේ. ඉංග්‍රීසි හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර එය රජයේ පරිපාලනය හා වාණිජ කටයුතු සඳහා භාවිතා කරන භාෂාව බවට පත්ව ඇත. මෙම දත්ත මගින් ප්‍රදේශයේ ඒ ඒ ජන කොටස් වල භාෂා හැකියාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි.

Download data file here

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බදුල්ල දිස්ති්රක්කයේ මධ්යම පළාතේ මූලික පාසල් අධ්යාපනයට හොඳ සිසුන් සංඛ්යාවක් සිටින නමුත් උසස් අධ්යාපනය සඳහා සිසුන් කිහිපදෙනෙකු පමණි.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සාමාන්‍ය පෙළ), අ.පො.ස (උසස් පෙළ) සහ උපාධි දක්වා අධ්‍යාපනය ලබනා පිරිසෙන් වැඩි ප්‍රතිශතය ශිෂ්‍යාවන් ලෙස මෙම දත්ත අනුව පැහැදිලි වේ.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රදේශයේ වයස අවුරුදු 10ට වැඩි පිරිසේ පරිගණක දැනුම පිලිබඳ දත්ත සලකා බැලීමේදී, වයස අවුරුදු 15ත් 19ත් අතර පිරිස පරිගණක දැනුම සමග ඉදිරියෙන් සිටින බව පැහැදිලි වේ.

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

සංසරණ ජනගහනය කාණ්ඩ අනුව

මූලාශ්‍රය - නාගරික සංවර්ධන අධිකාරිය-ඌව පළාත් කාර්යාලය,2017

නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාත් කාර්යාලය හා බදුල්ල ප්‍රවාහන අධිකාරිය විසින් 2017 වසරේදී සිදුකරන ලද සංසරණ ජනගහනය හැසිරීම හා ප්‍රමාණය සම්බන්ධ සමීක්ෂණ වලට අනුව 10000ක පමණ ජනගහනයක් බදුල්ල නගරයට දෛනිකව සංක්‍රමණය සිදු වේ. එහිදී නගරයේ නේවාසික ප්‍රජාව සහ නගරයට පිටතින් සිටින ජනතාව ප්‍රධාන කරුණු තුනක් කේන්ද්‍ර කරගෙන පැමිණෙති.

නගරයට පැමිණෙන සහ පිටවෙන පොදු බස්රථ ප්‍රමාණය

මූලාශ්‍රය - Road Passenger Transport Authority, Uva Province Sri Lanka Transport Board, Badulla 2016

The number of buses arrive to the city and the number of buses depart from the city are as above, according to the data from the Transportation Authority of Badulla and Sri Lanka Transport Board. As destination of up-country railway line, 5 railway turns departure and 5 railways turns arrive at the Badulla Railway Station a day.

පළාත් පාලන ආයතනවල මාර්ග වර්ගීකරණය

මූලාශ්‍රය - Road Development Authority & Badulla Municipal Council, 2017

The special character in Municipal Roads within Badulla is that the majority of them are in the form of steps passages due to the topographical features.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

හදිසි අනතුරු යනු අනවශ්‍ය හෝ අනපේක්ෂිත සිදුවීමකි. නොවැළැක්විය හැකි අනතුරක් මාරාන්තික හෝ අවාසනාවන්ත හානිකර සිදුවීමක් යන සංකල්පයට අයත් වේ. අධිවේගී මාර්ගයක ගමන් කරන මෝටර් රථ වාහන, පුද්ගලයින් හෝ දේපළ සමඟ ගැටීමෙන් අනතුරක් සිදු වේ. වාහනයක් සහ වෙනත් වාහනයක් අතර අනතුරක් සිදුවිය හැකිය, වාහනයක් පුද්ගලයෙකු සමඟ ගැටීම, චලනය කළ හැකි හෝ වෙනස් කළ නොහැකි දේපළක් සමඟ වාහනයක් ගැටීම, වාහනයක් පාරෙන් ඉවතට යන විට, පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සමඟ ගැටීම හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරන ව්‍යසනය හේතුවෙන් අනතුරක් සිදුවිය හැකිය. පසුගිය වසර කිහිපයක් ඇතුළත බදුල්ල පොලිස් කොට්ඨාස සීමාව තුළ සිදුව ඇති මාරාන්තික රිය අනතුරු පිළිබඳව මෙහි විස්තර වේ. එපමණක් නොව අනතුරු වර්ගීකරණය සමගින් සමස්ථ රටම ආවරණය වන පරිදි වැඩිදුර විස්තර පහත දත්ත ගොනුව තුළ අන්තර්ගත වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

භාවිතහේ පවතින සීමිත බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසාගනු ලබන මගින් සංඛ්‍යාව ඉහල අගයක් වාර්තා වේ. අනෙකුත් පෞද්ගලික වාහන භාවිතය ඒ හා සාපේක්ෂව ඉහල අගයක් ගන්න අතර, මහා මාර්ගයේ වාහන තදබදය ඉහල යෑමට මෙය ප්‍රමුඛ හේතුවක් විය හැක.

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

2014 සිට 2016 වසර දක්වා වාර්ෂික දුම්රිය මගීන්ගේ වැඩිවීමක් වාර්තාවේ

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

බදුල්ල ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් වාර්තාවන්නේ උදෑසන පාසල් හා කාර්යාල ආරම්භ කරනා වෙලාව තුලයි.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මෝටර් බයිසිකල්, කාර් රථ, වෑන් රථ වැනි පෞද්ගලික වාහන හාවිතා කිරීම නගරය තුළ සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. මගීන් වැඩි ප්‍රමාණයක් සඳහා සේවා සැපයිය හැකි බස් රථ භාවිතා වන ප්‍රමාණය අවම මට්ටමක පවතී.

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මගීන් බහුතරයක් ප්‍රධාන දුම්රිය මාර්ගය ඔස්සේ නගරයට පැමිණීමත් නගරයෙන් පිටව යාමත් සිදුකරනා බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.

පදික මාරුව භාවිතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මෙම දත්ත නගරයේ, පදිකයින්ගේ චලනයන් විස්තර කර දක්වයි.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

බදුල්ල නගරයේ තරඟකාරිත්වයේ දර්ශකය (CCI) මෙම දත්ත මගින් දැක්වේ. ජාතික අගයන් හා සාපේක්ෂව බදුල්ල නගරයේ තත්වය යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බව දත්ත මගින් පැහැදිලි වේ.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017

මෙම දත්ත මගින් බදුල්ල මහා නගර සභාවේ ඇස්තමේන්තු ගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගර පාලන දර්ශකයේ 6 වන ස්ථානය බදුල්ල මහා නගර සභාවට හිමිවේ. බහුතරයක් අංශ වලින්, ජාතික අගය හා සම වන ලෙස බදුල්ල නගරයේ තත්වය වාර්තාවේ. සේවා සැපයීමේ මූල්‍ය සැලසුම් සැකසීම, සේවා සැපයීමේ වගකීම් සහගත භාවය හා ගුණාත්මක භාවය තවදුරතත් වර්ධනය කරගත යුතු බව මෙම දත්තයන්ගෙන් පැහැදිලි වේ

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. ඌව පළාත මහා නගර සභා 2ක්න ද නගර සභා 1ක් හා ප්‍රාදේශීය සභා 25 කින් යුතු වේ. පළාතේ ප්‍රධාන නගරය බදුල්ල නගරයයි.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස සංඛ්‍යාව සහ නිවාස අනුපාතය

මූලාශ්‍රය - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා සම්පත් පැතිකඩ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පරිපාලන වශයෙන් සිදුවූ දියුණුවත් සමග බදුල්ල නගරයේ නේවාසික ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒ හා සමානව නගරයේ නිවාස ව්‍යාප්තිය ද වර්ධනය විය. ඒ අනුව පසුගිය අවුරුදු හා සංසන්දනාත්මක බලන විට නගර සීමාවේ නිවාස සංඛ්‍යාව පහත පරිදි ඉහළ ගොස් ඇත. භූමි පරිහරණ රටාවේ 62%ක නේවාසික කලාපයක් තිබීම තුළින් නේවාසික නගරයක් ලෙස බදුල්ල හැඳින්විය හැකිය. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන්නා වූ ජනගහනයෙන් වැඩි පිරිසක් නගර සීමාව තුළට තම පදිංචිය ස්ථාපිත කර ගැනීම මීට හේතුවයි. කෙසේ වෙතත් ආයතන කලාපයේ බොහෝ ඉඩම්වල ප්‍රශස්ත භාවිතයක් නොමැති කමින් නගර මධ්‍යයේ සංවර්ධන ඉඩම් රැසක් හඳුනාගත හැකිය.

ඉඩම් අයිතිය

මූලාශ්‍රය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-බදුල්ල, 2017

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත අනුව මහ නගර සීමාවේ ඉඩම් හිමිකාරිත්වය ඉහත ආකාරයට බෙදා වෙන්කර දක්විය හැකිය. නගර මධ්‍යයේ පවත්නා බදුල්ල දකුණු වසමෙහි ඉඩම්වලින් 60% ක ප්‍රතිශතයක් බදුල්ල කතරගම දේවාලය සතුය. මෙම කලාපය තුල බදුල්ල වානිජ සේවා වැඩි වශයෙන් ඒකරාශී වී ඇත.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බදුල්ල මහා නගර සභා ප්‍රදේශය තුළ නිවාස පිළිබඳ මෙම දත්ත ඉදිරිපත් කෙරේ. නිවාස බහුතරයක් (සියයට 90 ක් පමණ) තනි තට්ටුවේ හෝ තට්ටු දෙකේ නිවෙස් ලෙස පවතින බව මේ මගින් පැහැදිලි වේ.

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බදුල්ල මහා නගර සභාවේ, සියයට 89 කට ආසන්න ගෘහස්ථයන් ප්‍රමාණයක් 2012 වසරේදී ස්ථිර නිවාස ලෙස පැවත ඇති බව දත්ත අනුව පැහදිලි වේ.

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

Waste collection in the city is scheduled according to a plan developed by the MC under which the city has been divided into four zones. The highest waste generation within area is from the City Center, which is about 30% of the total. Waste collectors of the MC only accept the waste that is segregated into biodegradable and non biodegradable. Present schedule is such that the biodegradable waste is collected for 5 days in a week whereas the non-biodegradable waste is collected only on 3 days in the city center. Within the peak seasons; mainly April (Sinhala and Hindu New Year season) and May (Deepavali season); the waste collection increases ranging from 20-25 MT/Day. In those seasons, the waste collection frequency of the city limit is increased. Except the MC, no other institutions are engaged in waste collection activities. However, there are some informal private collectors who are engaged in collecting recyclable waste such as paper, cloths, glass, metals and coconut shells etc. within the area. The MC conducts a collection program twice a year with the collaboration of CEA for collecting the toxic waste such as e-waste, during which the public can hand over the e-waste to the MC. Nevertheless, the places that usually generate more e-waste such as electric equipment repairing shops etc. have dealers purchasing the e-waste on regular basis. In 2016, MC implemented numerous waste reduction strategies and subsequently, they were able to withdraw waste collection service from some of the municipal areas. This resulted in a remarkable reduction of the amount of waste collected, which was 3 MT/Day within one year.

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බදුල්ල මහා නගර සභාවේ සේවා සැපයීමේ මට්ටම ඉතා යහපත් මට්ටමක පවතී. විදුලි සැපයුම, නල ජලය, කසල එකතු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සියල්ලම පාහේ මුළු නගර සභා සීමාවම ආවරණය වන පරිදි මහජනයා වෙත සපයා තිබේ.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

නගරයේ එක්රැස්වන කසළ ප්‍රමාණයෙන් සියයට 70 ක ප්‍රමාණයක් නගර සභාව මගින් එක්රැස් කර බැහැර කරනු ලබන අතර, ඉතිරි සියයට 30 ක පමණ වූ ගෘහස්ථයන් ගෙන් බහුතරය පුළුස්සා දැමීම මගින් ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන බව දත්ත අනුව අනාවරණය වේ.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

ගංවතුර පිළිබඳ දත්ත

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

බදුල්ල නාගරික ප්‍රදේශයේ වාර්තා වී ඇත්තේ එක් ගංවතුර තත්වයක් පමණි. ඒ වසර 2016 දිය. මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති නගරයක් නිසාවෙන් ගංවතුර සිදුවීම් බොහෝ විට වාර්තා නොවන තරම්ය. නමුත්, ගංවතුර හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට බලපෑම් ඇති වූ බවට වසර 2012, 2014, 2015 සහ 2016 වලදී වාර්තා වී තිබේ.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Badulla Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

වසර 1974 සිට 2017 දක්වා නායයාම් වලින් ආපදාවට පත් වූ ජන ප්‍රමාණය ඉහල අගයක වාර්තා වේ. නාය යෑම හේතුවෙන් මෙම වසර කිහිපය ඇතුලත පුද්ගල මරණ 41ක් වාර්තා වී තිබේ. වාරින් වර ඇති වූ ගංවතුර තත්වයන්ගෙන්ද, ප්‍රදේශයට බලපෑම් ඇති බව මෙම තොරතුරු අනුව සනාත වේ.

තේමා සිතියම්

 

බදුල්ල නාගරික බල ප්‍රදේශය:

හෙක්ටයාර 1065කින් යුතු බදුල්ල මහා නගර සභා සීමාව මෙයින් දැක්වේ.(මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

බදුල්ල මහ නගර සභා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම:

බදුල්ල මහා නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් 13ක් ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව /වාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                                දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

බදුල්ල මහ නගර සභා පරිපාලන සීමාවට අයත් ප්‍රදේශය තුළ නායයාම් අවදානම පිළිබඳ සිතියම:

මෙහි නාය යාමේ අවදානම ඉහළ අවදානම්, පහළ අවදානම් හා මැදි අවදානම් ලෙස වර්ගීකරණය කර ඇත.(මූලාශ්‍රය_ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 


ඉහත තොරතුරු හා සබැඳි නිර්මාණය කරනු ලැබූ සිතියම් හා දත්ත ස්ථරයන් (data layers) සියල්ල එකවර බාගත කරගැනීමට පහතින් අවස්ථාව සපයා ඇත (Download HD Map හා Download Spatial Data යටතේ).

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
731.86 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 0.21
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 563.19
  • ව්‍යාපාරික ස්ථාන
    • 43.20
    කාර්යාල
    • 1.27
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 0.82
    බැංකු
    • 0.93
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 2.75
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 2.80
    • පාසල් 10.62
    සෞඛ්‍යය
    • රෝහල් 6.27
    • බෙහෙත් ශාලා 0.17
    රාජ්‍ය ආයතන
    • 15.73
  • කර්මාන්ත ශාලා
    • 2.52
  • බස්නැවතුම්
    • 2.28
    දුම්රිය නැවතුම්
    • 1.23
    රථ ගාල්
    • 0.21
    මහාමාර්ග
    • 48.14
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 6.36
    ක්‍රීඩා භූමි
    • 11.07
    සුසාන භූමි
    • 2.43
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 7.41
    • ක්‍රිස්තියානි පල්ලිය 1.58
    • මුස්ලිම් පල්ලිය 0.46
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 0.21
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
333.71 (ha)
    • 93.60
    • 24.89
    • 41.92
    • 154.09
    • 19.21

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
බදුල්ල මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 6.42%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 11.11
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 96.12
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 10.67
      • නාගරික 0.83
      • අර්ධ නාගරික 2.27
      • ඉදිකිරීම් රහිත 7.23
      • ජලය 0.34
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 10.65
      • නාගරික 1.49
      • අර්ධ නාගරික 2.34
      • ඉදිකිරීම් රහිත 6.48
      • ජලය 0.34
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 10.66
      • නාගරික 3.19
      • අර්ධ නාගරික 2.61
      • ඉදිකිරීම් රහිත 4.52
      • ජලය 0.34
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 10.66
      • නාගරික 4.61
      • අර්ධ නාගරික 2.85
      • ඉදිකිරීම් රහිත 2.86
      • ජලය 0.34
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 85.46
      • නාගරික 1.87
      • අර්ධ නාගරික 5.19
      • ඉදිකිරීම් රහිත 77.74
      • ජලය 0.66
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 85.47
      • නාගරික 2.9
      • අර්ධ නාගරික 7.12
      • ඉදිකිරීම් රහිත 74.79
      • ජලය 0.66
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 85.46
      • නාගරික 4.86
      • අර්ධ නාගරික 10.62
      • ඉදිකිරීම් රහිත 69.32
      • ජලය 0.66
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 85.46
      • නාගරික 5.98
      • අර්ධ නාගරික 12.55
      • ඉදිකිරීම් රහිත 66.27
      • ජලය 0.66