අපගේ දැක්ම

සුවදායක දේශගුණයෙන් හෙබි බණ්ඩාරවෙල නගරය ආසියාවේ දැකුම්කලු සුව නිකේතනයක් බවට පත් කිරීම.

අපගේ මෙහෙවර

බණ්ඩාරවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික සංවර්ධනය සහතික කරනු සඳහා සහභාගීත්ව ප්‍රවේශයන් තුල පාරිසරික සංවේදීතාවයෙන් යුතුව, සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් සෞඛ්‍යය, මංමාවත්, සුභසාධනය හා මහජන උපයෝගීතා සේවාවන් ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා විශ්වාසනීය සේවාවක් සැලසීමට දායක වීම.

ජනගහනය
ජනගහනය
32000
පරිපාලන ප්‍රදේශය
875.16 ha
ඝනත්වය
27.61 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බණ්ඩාරවෙල මහ නගරසභා සීමාවෙහි ජන විකාශනයේ ස්ත්‍රී පුරුෂ බව අනුව සැලකූ විට පිරිමින්ට වඩා වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් සිටිනබව දක්නට ලැබේ, මෙම ප්‍රවණතාවක් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන නගරවල දක්නට ලැබෙන කරුණක් වේ. (කාන්තාවන් 100 කට පිරිමින් 94 ක්, එනම් කාන්තාවන් 53% ලෙසය). බණ්ඩාරවෙල, සියලුම වයස් කාණ්ඩ වල පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ය. මෙය ජාතික ප්‍රවණතාවක් වේ. අනෙකුත් නගරවල මෙන්ම, කාන්තා වැඩිහිටි ජනගහනය ඔවුන්ගේ වයසේ පිරිමි අයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා අතර 2012 දී සමස්ත පිරිමි හා කාන්තා ජනගහනයෙන් පිරිමි හා ගැහැණුa වැඩිහිටි අනුපාතය පිළිවෙලින් සියයට 12 සහ 13 ක් ලෙස වාර්තා වී ඇත. එමඟින් කාන්තාවන්ගේ ඉහළ ආයු අපේක්ෂාවක් පවතින බව විශේෂයෙන් දැකිය හැක. මහ නගර සභා සීමාවෙහි දක්නට ලැබෙන මෙම වැඩිහිටි කාන්තාවන්ගේ ඉහළ ආයු අපේක්ෂාව ඔවුන්ගේ දිගුකාලීන යහපැවැත්ම සුරක්‍ෂිත කර ගත හැකි ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු කරන අතර බොහෝ දියුණු ආර්ථිකයන්හි මෙන්ම අප රටෙහි පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා රජය ඔවුන් සුරක්ෂිත කිරීමට අදාළ ප්‍රතිපත්තිමය කරුණු වෙත යොමු වීමේ අවශ්‍යතාවක් පවතී.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙම ප්‍රදේශයේ වෙසෙන බොහෝ සිංහලයන් බෞද්ධයන් වන අතර දෙමළ ජනයා හින්දු ආගම අනුගමනය කරමින් ඊළඟ විශාලතම ආගමික කණ්ඩායම පිහිටුවා ගෙන ඇත. පළාතේ අනෙකුත් ආගමික පෙළඹවීම් වන්නේ ඉස්ලාමය සහ කිතුනුවන් සුළු පිරිසකි. මෙම ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ නගරය ජනවාර්ගික සංයුතිය දිස්ත්‍රික්කය හා පළාත සමඟ සංසන්දනය කරන ආකාරයයි. සාමාන්‍යයෙන් නගර පළාතට වඩා වෙනස් විවිධ ජන වර්ගයන්ගෙන් සැදුම්ලත් ස්වභාවයක් පෙන්නුම් කරන අතර බණ්ඩරාවල සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. බණ්ඩරාවල නගරය දිස්ත්‍රික්කය හා පළාත් සංයුතියට සමීප ප්‍රතිශතයක් පිළිබිඹු කරයි. එයට හේතුව බන්ඩාරවෙල වතු වගාවන් පදනම් කරගත් නගරයක් ලෙස ඉන්දීය ද්‍රවිඩ ජනතාව අතීතයේ සිට පැවත ඒම ලෙස දැක්විය හැකිය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - Department of Census and Statistics

The total male resident population in the Bandarawela Municipal Council area is 11460, the total female resident population is 12708 out of which the total male migrant population is 2381 and the total female migrant population is 2903. According to that the amount of female inmigrants are comparatively higher than the male inmigrants..

Download data file here

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - Department of Census and Statistics

The above age group in Bandarawela MC around half of the of people who are in age 3 to 24 are attending schools.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

පළාත් පාලන ආයතනයේ මානව සම්පත්

මූලාශ්‍රය - මහා නගර සභාව - බණ්ඩාරවෙල

අනුමත කාර්ය මණ්ඩලය සහ පළාත් පාලන ආයතනය සඳහා දැනට සිටින සේවක සංඛ්‍යාව මෙහි දක්වා ඇත. ජ්‍යෙෂ්ඨ මටිටමේ තනතුරු අතරින් පුරප්පාඩුව පවතින තනතුරු 04 හි තනතුරු 02 ක් හැර අනෙකුත් තනතුරු වලට මෙි වන විට වැඩ බැලිම සදහා පත්කිරිම සිදුකර ඇත. නමුත් නගර සැලසුමි ශිල්පි, පශු වෛද්‍ය නිළධාරී ආදී තනතුරු වල පුරප්පාඩු පවතී.

මාර්ග අංශයට අදාළ කම්කරුවන්

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභාව

There are permanent and casual workers in the road sector in the MC. in year 2021, the majority of them are permanent workers.

සනීපාරක්ෂක අංශයට අදාළ සේවකයින්

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභාව

All the available sanitation-related workers in the MC are permanent in the year 2018. the workers are responsible for all the cleaning and maintaining sanitation-related services in the MC. the permanent as well as casual workers in the MC are supporting the services to be maintained at an efficient level.

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

සේවා ලබා ගැනීමේ හැකියාව
Availability of Road Inventory
Yes
Availability of Asset register
Yes
An online system is available for citizen to request services
No
A "reference no" is issued to the citizen requesting services
Yes
A "Front Office" is available
Yes
All the services can be accessed at a single location (Front Office) by a visiting citizen
No
Separate Male/Female toilets are available for the visiting citizen
No

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභාව

This data represent the 2018 records. Services delivered to the citizens by the local authority is very important to measure the functionalities and capacities of the local authority.

නගර සභාවේ එක්රැස් වන කසල ප්‍රමාණය

ධාරිතා සංවර්ධනය සඳහා පුහුණු සැසි

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභාව

Providing trainings to the staff will increase the capacities of the officers in managing and decision making. This data explained on provided trainings and the number of officers trained.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

පුස්තකාල සහ ප්‍රජා මධ්‍යස්ථාන

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභා මහජන පුස්තකාලය

බණ්ඩාරවෙල මහා නගර සභාවට අයත් බණ්ඩාරවෙල මහජන පුස්තකාලය 1960 ජනවාරි මස 20 වන දින පොත් 600 න් සහ සාමාජිකයන් 100 දෙනකුගෙන්  පමණ ආරම්භ වී ඇත. වර්තමානය වන විට නව තාක්ෂණික තොරතුරු සේවා සහිතව“ පුස්තකාල කටයුතු ස්වයංක්‍රීයකරණය ” ට ලක් කරමින් නවීන අංගෝපාංග සහිත පුස්තකාලයක් බවට නවීකරණය කර ඇත. 2021 වර්ෂය වන විට ලියාපදිංචි පාඨක ප්‍රමාණය 16356 කි. ලෝකයේ පැරණිතම කාසි එකතුවක් මහජන  පුස්තකාලය තුල ස්ථාපිතව ඇත.

කාසි එකතුව සඳහා මෙතැනින් පිවිසෙන්න

පුස්තකාල තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

ආදාහනාගාර සහ සුසාන භූමි වල සිදුකරන ආදාහන සහ භූමදාන (මාසිකව)

පළාත් පාලන ආයතන සතුව පවතින බර වාහන හා උපකරණ

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභාව

Uplifting the people’s living standards is a prominent task as well as a requirement of any country. Sri Lanka also attempts to acquire a higher level of living standard of people in the field of economic, social, and cultural development. In the process, it is a preeminent contribution in minimizing regional disparities, contributing to national economic development, and strengthening the democratic process that has been shown by the Provincial Councils and the Local Government system in the country. Local Government ministry has provided allocation for the strengthening of low-income generated Local Authorities to improve infrastructure facilities and furnish essential machines and equipment. Especially, more allocations have been provided for selected local authorities, which are facing many difficulties in carrying out day-to-day maintenances due to insufficient income levels. according to the data, the Bandarawela city of Uva province is having road roller and excavator.

නියාමන සේවා (මසකට ලැබෙන සාමාන්‍ය අයදුම්පත් ගණන)

මූලාශ්‍රය - බණ්ඩාරවෙල මහා නගර සභාව

The Municipal council receive different types of applications. Considering the monthly average of the received applications, the highest amount of applications are received to obtain trade license. There are no data available on recived average number of applications for non vesting certificate, ownership certificate and change of ownership.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Bandarawela Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික වර්ෂාපතනය

මූලාශ්‍රය - Economic and Social Statistics of Sri Lanka - 2019

2009 සිට 2018 දක්වා වර්ෂාපතනයේ වාර්ෂික අගයන් මෙහි පිළිබිඹු වේ.

වර්ෂාපතනය සහ වැසි දින

මූලාශ්‍රය - Economic and Social Statistics of Sri Lanka - 2019

2009 සිට 2018 දක්වා වර්ෂාපතනයේ වාර්ෂික අගයන්හි වෙනස් වීම ඉහත දත්ත මගින් විස්තර කෙරේ.

තේමා සිතියම්

 

බණ්ඩාරවෙල මහා නගර සභා ප්‍රදේශය:

බණ්ඩාරවෙල මහා නගර සභා ප්‍රදේශය හෙක්ටයාර 875.16 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

බණ්ඩාරවෙල මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම:

බණ්ඩාරවෙල මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 15 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                     දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

බණ්ඩාරවෙල මහා නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:

බණ්ඩාරවෙල මහා නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
4 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 1
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 1
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 1
    මුඩුක්කු (නීතිගත කිරීමට නුසුදුසු)
    • 1
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
0 (ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
බණ්ඩාරවෙල මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0