ජනගහනය
ජනගහනය
Pls enter
පරිපාලන ප්‍රදේශය
3809.12 ha
ඝනත්වය
27.91 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - Department of Census and Statistics

Data showing the multinational language skills of ethnic group in 2012 in the Batticaloa Municipal Council.

Download data file here

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - Department of Census and Statistics

The total male resident population in the Batticaloa Municipal Council area is 40750, the total female resident population is 45477 out of which the total male migrant population is 5366 and the total female migrant population is 5068. According to that the amount of male inmigrants are comparatively higher than the female inmigrants..

Download data file here

ස්ත්‍රී පුරුෂ ජනගහනය

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - Department of Census and Statistics

It shows the computer literacy of persons between the ages of 10 and 40 in terms of gender and it explains that 36% of men and 28% of women in the Batticaloa Municipal Council are computer literate.

Download data file here

පාසල් වර්ගීකරණය

මූලාශ්‍රය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මඩකලපුව

ප්‍රාදේශීය ලේකම් අංශය අනුව පාසල් වර්ගීකරණය

Download data file here

ප්‍රාදේශීය ලේකම් අංශය හා පාසල් වර්ගය අනුව ශිෂ්‍ය සංඛ්‍යාව

මූලාශ්‍රය - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මඩකලපුව

ප්‍රාදේශීය ලේකම් අංශය හා පාසල් වර්ගය අනුව ශිෂ්‍ය සංඛ්‍යාව

දත්ත ගොනුව මෙතැනින් බාගන්න

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනය

පශු සම්පත් සංඛ්‍යාලේඛන

මූලාශ්‍රය - දිස්ත්‍රික් සංඛ්‍යාන ශාඛාව

මෙය මඩකලපුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යාන දත්ත නියෝජනය කරයි. පශු සම්පත් සංඛ්‍යාලේඛනවලට අනුව පශු සම්පත් බහුතරයක් කුකුළා / කිකිළියන්ගෙන් සමන්විත වේ. ප්‍රදේශයේ සැලකිය යුතු p රු මස් නිෂ්පාදනයක් නොමැත.

දත්ත ගොනුව මෙතැනින් බාගන්න

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

සහතික විස්තර

මූලාශ්‍රය - Municipal Council, Batticaloa

The above graph shows the cadre information regarding Municipal Council

දත්ත ගොනුව මෙතැනින් බාගන්න

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

Municipal Council collects waste in its respective localities at least 6 days per week. However, waste collection coverage is limited to urbanized areas, city centers, and commercial areas. Daily waste collection of the MC is about 52.5MT. Due to the limited industrialized nature of the area, households are the major waste generators. Other major waste sources are markets, hotels, restaurants, institutions (e.g. hospitals, universities) and commercial entities. Although the Council has encouraged source segregation, it has not been well established so far. Currently on 23% of waste collected as segregated which amounts to about 12 MT/day.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2009 to 2013. According to the Batticaloa Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

තේමා සිතියම්

 

මඩකලපුව මහා නගර සභා ප්‍රදේශය:

මඩකලපුව මහා නගර සභා ප්‍රදේශය හෙක්ටයාර 3809.12 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

මඩකලපුව මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම:

මඩකලපුව මහා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 50 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

මඩකලපුව මහා නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:

මඩකලපුව මහා නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)

සිතියම මෙතැනින් බාගත කරගන්න                         දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
දත්ත මූලාශ්‍රය : මිනින්දෝරු දෙපාර්තමේන්තුව
දත්ත මූලාශ්‍රය : මිනින්දෝරු දෙපාර්තමේන්තුව
සිතියමේ විස්තර
සිතියම් සුචිය


මඩකලපුවේ මහ නගර සභාව හෙක්ටයාර 3809.12 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. එම සීමාවන් තුළ ග්‍රාමීය නිලධාරි කොට්ඨාශ 5o ක් ඇත. (සවිස්තරාත්මක තොරතුරු සඳහා කරුණාකර නගර තොරතුරු පිටුව යටතේ තේමාත්මක සිතියම් අංශය බලන්න)

 

නැ‍ඟෙනහිර පළාතේ ප්‍රධාන නගරයක් ලෙස හැඳින්වෙන මඩකලපුව මහා නගර සභා සීමාව තුළ ඉහළ ඉදිකළ භූමි ප්‍රමාණයක් (හෙක්ටයාර් 1441.785) ඇති අතර එය මුළු භූමි ප්‍රමාණයෙන් 38% ක් ආවරණය කරයි. ඉදිකිරීම් සඳහා භාවිතයට නොගත් ස්වභාවික ඉඩම් සීමිත ප්‍රමාණයකි (හෙක්ටයාර 2367) එය මුළු භූමියෙන් 62% කි.

මෙම අවකාශීය දත්තවල ප්‍රභවය මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. මෙය තරමක් පැරණි දත්ත ගොනුවක් වන අතර වඩාත් නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා ඉඩම් පරිහරණ වර්තමාන සත්‍ය භූමි පරිභෝජනය හා ගලපා ගත යුතුය. දළ අදහසක් ලබා ගැනීමට මෙය ප්‍රමාණවත් යැයි උපකල්පනය කෙරේ. මෙය 1:50000 භූමි පරිභෝජන සිතියම් නිර්මාණය කිරීමේදී දායක කොටගත් අවකාශීය දත්තය වේ.

 

ඉදිකරන ලද ඉඩම නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශය, සංස්කෘතික හා ඉදිවෙමින් පවතින ප්‍රධාන කාණ්ඩ හයක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදිකිරීම් සඳහා භාවිතයට නොගත් ඉඩම් කෘෂිකර්මාන්තය, ජලය, වනාන්තර, තෙත්බිම්, වෙරළබඩ ප්‍රදේශ සහ නිසරු ඉඩම් ලෙස උප කාණ්ඩ 6 කට බෙදා ඇත. ගොඩනඟන ලද භූමිය යළිත් උප කොටස් 30 කට බෙදා ඇත. (අදාළ ඉඩම් පරිහරණය පිළිබඳ වැඩි විස්තර ප්‍රස්ථාර සහ භූමි ප්‍රමාණය සමඟ පහත ලැයිස්තු ගත කර ඇත)

ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
1441.79 (ha)
  • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 980.075
  • ව්‍යාපාරික ස්ථාන
    • 445.17
  • ගුවන්තොටුපල
    • 16.54
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
2321.36 (ha)
    • 1592.09
    • 61.43
    • 96.52
    • 204.69
    • 366.63

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
මඩකලපුව මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0