ජනගහනය
ජනගහනය
889,000
පරිපාලන ප්‍රදේශය
4,362 ha
ඝනත්වය
115 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කොළඹ මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 50.14%ක් පුරුෂයන්ද 49.86% ස්ත්‍රීන්ද වෙයි. ලංකාවේ අනෙකුත් නගර හා සැසඳූ කල කොළඹ නගරයෙහි ඇති විශේෂත්වය වන්නේ ස්ත්‍රීන්ට සාපේක්ෂව වැඩි පුරුෂ ජන සංඛ්‍යාවක් සිටීමයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 23.1% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 24.76% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 39.82% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 12.29% ලෙසත් ය.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කොළඹ මහ නගර සභාව තුළ ජීවත්වන පුරුෂයින්ට සාපේක්ෂව අඩුම ස්ත්‍රීන් ප්‍රමානයක් වාර්තා වී ඇත්තේ 15-29 අතර වයස් ව්‍යුහය තුළ ය.එය ප්‍රතිශතාත්මකව 94.5කි. 39-50 හා 15ට අඩු වයස් කාණ්ඩයන්හි ස්ත්‍රී ප්‍රතිශතය පිළිවෙලින් 96.3, 97.3 ලෙස සදහන්ව ඇති අතර 127.2 වන වැඩිම ස්ත්‍රීන් ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ 60ට වැඩි ජනගහනය අතරය.

Download data file here

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2012 වසරේ සිදු කරන ලද ජනසංගණන සමීක්ෂණයන්ට අනුව කොළඹ නගර සභා සීමාව තුළ, ප්‍රධාන ජන වර්ගයන් වන සිංහල, දෙමළ සහ මුවර් ජනගහනයේ ප්‍රතිශතය පිළිවෙලින් 36.7%, 31.5% හා 29.4% ලෙසද, කොළඹ දිස්ත්‍රික්කය තුළ පිළිවෙලින් 76%, 11%, හා 10.7% ලෙසත් බස්නාහිර පළාත තුළ 84%, 7% හා 7.8% ලෙසත් දැක්වේ.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රධාන ජනවර්ග තුනටම ඉංග්‍රීසි භාෂාව ලිවීමේ හා කථා කිරීමේ හැකියාව බොහෝ සෙයින් සම මට්ටමක පවතී. එය 44%ක පමණ සාමාන්‍ය අගයක් පෙන්නුම් කරයි. සිංහල ජනතාව අතරින් දෙමළ භාෂාව ලිවීමේ හා කථා කිරීමේ හැකියාව සහිත පුද්ගලයන් ප්‍රමාණය අඩු වීම කැපී පෙනෙන ලක්ෂණයකි. මෙය සාමාන්‍යයෙන් 14.99%ක පමණ අගයක් වේ. දෙමළ හා මුවර් ජනතාව අතර සිංහල ලිවීමේ හැකියාව අඩු අගයක් දක්නට ලැබුනත් කතා කිරීමේ හැකියාව ඉහල බව පැහැදිලි වේ. ත්‍රිභාෂා හැකියාව ප්‍රධාන ජන කොටස් වලට සාපේක්ෂව වෙනත් ලෙස සදහන් කර ඇති සුළු ජන කොටස් අතර වඩා හොඳ මට්ටමක් නිරූපනය වේ.

Download data file here

ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ස්ත්‍රී මූලික කුටුම්භ සංඛ්‍යාවට වඩා පුරුෂ මූලික කුටුම්බයන් සංඛ්‍යාව වැඩි අගයක් දක්වයි.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කොළඹ මහ නගර සභා සීමාව තුල සමස්ත පිරිමි නේවාසික ජනගහනය 281458 වන අතර සමස්ත ගැහැණු නේවාසික ජනගහනය 279856 වේ එයින් සමස්ත පිරිමි සංක්‍රමණික ජනගහනය 73540 ක් වන අතර සමස්ත ගැහැණු සංක්‍රමික ජනගහනය 70607 වේ. දත්ත අනුව පිරිමි සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය කාන්තා සංක්‍රමණිකයින්ට වඩා සාපේක්ෂව ඉහළ ය. බහුතරයක් නාගරික ප්‍රදේශවල වසර දහයකට වැඩි කාලයක් පදිංචිකරුවන් ලෙස වාර්තා වේ.

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

රැකියා අවස්ථා හේතු කොටගනිමින් බහුතර පුරුෂයන් නගරය තුලට සංක්‍රමණය වී ඇති අතර. කාන්තාවන් නගරයට සංක්‍රමණය වීමේදී විවාහය මූලික හේතුව කොටගෙන ඇත. මීට අමතරව, කාන්තාවන් සැලකිය යුතු ප්‍රමාණයක් රැකියා සඳහා මෙන්ම පවුලේ සාමාජිකයෙකු සමඟ ද නගරය තුලට සංක්‍රමණය වී තිබේ.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වයස අවුරුදු 3 ත් 24 ත් අතර වයසේ පසුවන පුද්ගලයින්ගෙන් සියයට 50 ක් පමණ කොටසක් පාසල් අධ්‍යාපනය ලබනා බව මෙම දත්ත මගින් පැහැදිලි වේ. අධ්‍යාපනය නොලබන සියයට 35 ක පිරිසක් ද වාර්තාගතව ඇත.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) සඳහා ශිෂ්‍යාවන්ගේ යොමු වීම ඉහල අගයක පැවතුනද, උපාධියක් දක්වා යොමුවන කාන්තාවන්ගේ ප්‍රමාණය ඒ හා සාපේක්ෂ පුරුෂයන්හේ අනුපාතයට වඩා අඩු අගයක් දක්වයි.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ස්ත්‍රී පුරුෂ බව අනුව වයස අවුරුදු 10 සිට 40 දක්වා පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව මෙයින් දක්වා ඇති අතර කොළඹ මහ නගර සභාව තුළ පුරුෂයන්ගෙන් සියයට 37ක් ද ස්ත්‍රීන් ගෙන් සියයට 31 කටද පරිගණක සාක්ෂරතාවය පවතින බව මින් විස්තර කරයි. වයස අවුරුදු 15ත් 19ත් අතර පසුවන පිරිසේ පරිගණක පිලිබඳ දැනුම ඉහල මට්ටමක පවතින බව පැහැදිලි වේ.

Download data file here

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

ප්‍රදේශයේ ගමනාගමන පහසුකම් සලසාගන්නා මගීන් බහුතරය බස් රථ මගින් සිය පහසුකම් සලසා ගන්න අතර, මෝටර් සයිකල් සහ කාර් රථ භාවිතය ද සැලකිය යුතු මට්ටමකින් වාර්තාගතව පවතී.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයට ඇතුළුවන වාහන වලින් වැඩිම ප්‍රතිශතය මෝටර් සයිකල්, කාර්, වෑන් හා ජීප් රථ වැනි පුද්ගලික වාහන සඳහා වෙන් වේ. මාර්ගයේ බස් රථ සඳහා වෙන් වන්නේ 6%පමණ කොටසක් පමණි.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

හදිසි අනතුරු යනු අනවශ්‍ය හෝ අනපේක්ෂිත සිදුවීමකි. නොවැළැක්විය හැකි අනතුරක් මාරාන්තික හෝ අවාසනාවන්ත හානිකර සිදුවීමක් යන සංකල්පයට අයත් වේ. අධිවේගී මාර්ගයක ගමන් කරන මෝටර් රථ වාහන, පුද්ගලයින් හෝ දේපළ සමඟ ගැටීමෙන් අනතුරක් සිදු වේ. වාහනයක් සහ වෙනත් වාහනයක් අතර අනතුරක් සිදුවිය හැකිය, වාහනයක් පුද්ගලයෙකු සමඟ ගැටීම, චලනය කළ හැකි හෝ වෙනස් කළ නොහැකි දේපළක් සමඟ වාහනයක් ගැටීම, වාහනයක් පාරෙන් ඉවතට යන විට, පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සමඟ ගැටීම හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරන ව්‍යසනය හේතුවෙන් අනතුරක් සිදුවිය හැකිය. පසුගිය වසර කිහිපයක් ඇතුළත කොළඹ පොලිස් කොට්ඨාස සීමාව තුළ සිදුව ඇති මාරාන්තික රිය අනතුරු පිළිබඳව මෙහි විස්තර වේ. එපමණක් නොව අනතුරු වර්ගීකරණය සමගින් සමස්ථ රටම ආවරණය වන පරිදි වැඩිදුර විස්තර පහත දත්ත ගොනුව තුළ අන්තර්ගත වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

කොළඹ නගරය තුල උදෑසන 6 සිට 9 දක්වා කාලය තුල අදික වාහන තදබදයක් දැක්වෙන අතර, උදෑසන 7 වන විට මෙහි ඉහලම අගය වාර්තාගතව ඇත. මෙය තත්වය පාසල් හා කාර්යාල වේලාවන් හේතු කොටගෙන ඇති බව පැහැදිලි වේ.

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

වසර 2012 සිට 2016 දක්වා වාර්ෂික දුම්රිය මගීන් ප්‍රමාණය මෙම දත්ත මගින් දක්වයි. පසුගිය වසර කිහිපය තුල වාර්තා ගත මගීන්ගේ සංඛ්‍යාව වර්ධනයක් දැක්වේ.

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

මෙම දත්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය වාර්තා සහ ප්‍රවේශ පත්‍ර ගණනය කරන ලද වාර්තා ඇතුළත් වේ (මාර්තු 2016)

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගර වල තරගකාරිත්වය පිලිබඳ දර්ශකයේ වැඩිම ලකුණු ලබාගත් නගරය ලෙස කොළඹ නගරය දැක්වෙන අතර, පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන ලෙස කුරුණෑගල හා මහනුවර මහා නගර සඳහා ලැබී ඇත.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017

කොළඹ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයේ ක්‍රමික වර්ධනයක් මෙම දත්ත මගින් දැක්වේ.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

කොළඹ මහා නගර සභාව, සේවා සැපයුම් ආවරණය හා අදාළ අංශ වල ගුණාත්මක භාවය යන කරුණ පදනම් කර ගනිමි, සියයට 76.76 ක ඉතා ඉහල ප්‍රතිශතයක් ලබා ඇති අතර මූල්‍ය ස්ථාවරත්වය සඳහා තරමක අඩු ප්‍රතිශතයක් වාර්තා කරයි. මෙම විශ්ලේෂණය මගින් කඩිනම් අවධානය යොමු කල යුතු නාගරික පරිපාලන අංශ පිළිබඳව මනා විස්තරයක් සැපයේ.

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කොළඹ මහා නගර සභා ප්‍රදේශය තුළ නිවාස පිළිබඳ මෙම දත්ත ඉදිරිපත් කරයි. නිවාස බහුතරයක් (සියයට 79 ක් පමණ) තනි තට්ටුවේ නිවාස, තට්ටු දෙකේ නිවාස සහ මහල් නිවාස වලින් සමන්විත වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කොළඹ මහා නගර සභාවේ නිවාස වලින් සියයට 93 ක් ස්ථීර නිවාස බව මේ දත්ත අනුව පැහැදිලි වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

The Colombo MC is entrusted to manage SW generated in the city. Essentially, the city has introduced a motto which is “Keep Colombo Clean. It’s our City”. For administration purposes and due to the complexity of the issue, the city limits of Colombo have been divided into six SWM zones namely District 1, 2A, 2B, 3, 4 and 5. Colombo MC has the highest amount of SW generated as compared to the other local authorities in the country. Since 1998, part of the garbage collection has been privatized in the MC territory and the companies that were given contracts for SW management are Abans Environmental Services (Pvt) Ltd (Under the new brand name “Clean Tech”), Carekleen (Pvt) Ltd and Burns Trading Company (Pvt) Ltd. Colombo MC carries out the collection and disposal of SW in District 2B, District 3 and District 4. However, the responsibilities of street sweeping and maintaining the storm water drains in entire area lies with Abans Environmental Services (Pvt) Ltd.The CMC has also increased the collection efficiency with the co operation of Environmental Police & Army. Generally, due to cyclical patterns of local climate, social activities and trade or commerce there is a variation of the waste composition during the year. Moreover, between 2004 and 2015, the biodegradable percentage of MSW has dropped considerably from 65 to 55 % while the percentages of plastics, paper and cardboard have been increased.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතනය සතුව පවතින පහසුකම්

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

Meethotamulla area in Kolonnawa (outside of the CMC governed area) was the backyard for Colombo SW disposal for many years. CMC was not the only institute that dumped garbage there, but also Kolonnawa Pradeshiya Sabha, Sri Lanka Army and Sri Lanka Navy used this dumpsite. Thus, in a total the dumpsite received about 800 metric tons of garbage per day. However due to improper disposal practices, this garbage dump was collapsed in April 2017. The disastrous failure of the dumpsite affected surrounding population significantly and LAs including CMC were under tremendous pressure to find an alternative final disposal facility. As an immediate solution to this emergency situation, government decided to set up a waste management park in Kerawalapitiya (outside of the CMC governed area) in a land of about 20 acres area to counter the sudden rise of garbage. All the waste collected in the CMC now transported to this facility. Other than Colombo it also recieves waste from Wattala, Kelaniya and Kolonnawa areas. The facility is operated by Sri Lanka Land Development Corporation (SLLDC) under the Ministry of Urban Development, Water Supply and Housing Facilities. The Waste Park accepts only the segregated waste and degradable waste is processed to produce compost. Daily compost production at present is about 15 – 20 MT. However, in long term, there is a necessity to find a permanent final disposal facility to manage the ever-increasing waste amounts in the CMC. Developing a Sanitary Landfill in Aruwakkalu is such a solution proposed to tackle this issue. Also, in the process of finding a strategy for the proper management of SW, CMC has started a waste to energy project with Aitken Spence (PVT) Ltd. The company was previously planned to set up a MSW Power Generation Project at Meethotamulla but after the collapse it is currently under construction at Muthurajawela. The power station will operate approximately 7500 hours a year, utilizing the 700 metric tons of fresh waste from the CMC area per day. The facility will generate 11.5 MW of power. It will be operated by Western Power Company Limited, a subsidiary of Aitken Spence.

Download data file here

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

විදුලිබල හා ජාල සැපයුම, කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල පිළිවෙළින් 96.5% හා 99.7% ක් ලෙස වාර්තාගත සේවා ආවරණයක් දැක්වේ.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

කොළඹ නගරයේ නගර සීමාව තුල සියයට 98කට වඩා වැඩි ප්‍රදේශයක කසල එක්රැස් කිරීම නගර සභාව මගින් සිදුකරයි.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

ගංවතුර පිළිබඳ දත්ත

මූලාශ්‍රය - අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ජනාකීර්ණ කොළඹ නගරය, නිරන්තර සුළු හා මාධ්‍ය පරිමාණ ගංවතුර තත්වයන්ට මුහුණ දෙන නගරයකි. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාගත දත්ත හා තොරතුරු වලට අනුව කොළඹ නගරය 2013, 2014, 2015, 2017 වසර සියල්ලේ දීම සුළු ගංවතුර තත්වයන් වෙත මුහුණ දී ඇති අතර, මෑතකාලීනව වඩා වැඩි බලපෑමක් සහිත ගංවතුර තත්වය වාර්තා වී ඇත්තේ 2016 වසරේ දිය. මෙම තත්වය කොළඹ දිස්ත්‍රික්කය හා සසඳන විටද මේ හා සමානව පිළිඹිබු වේ. 2014 වර්ෂයේ දී හා 2017 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාගත ගංවතුර බලපෑම මහා නගර සභා සීමාවට සාපේක්ෂව වඩා වැඩි බව මුලික දත්ත අනුව පැහැදිලි වේ. නගර සභා සීමාව ඉක්මවා විහිදී වර්ධනය වන නාගරික ගතිලක්ෂණ මේ සඳහා එක් හේතුවක් වන්නට ඇති බව විශ්වාස කල හැක.

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික වර්ෂාපතනය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

2008 වසරේ සිට 2013 වසර දක්වා වර්ෂාපතනයේ වාර්ෂික අගයන් හි වෙනස්වීම මෙහි දැක්වේ. කොළඹ නිරීක්ෂණ මධ්‍යස්ථානය ට අනුව එම ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය එක් එක් මාස වලට වෙන වෙනම ගණන් බලා ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් විස්තරාත්මක සංඛ්‍යාලේඛන තුළින් බාගත කරගත හැකිය.

Download data file here

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Colombo Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

මාසික සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නාගරික ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය පිළිබඳ දත්ත මෙහි දක්වා තිබේ. ප්‍රස්ථාරය මඟින් එම අගයන් අතර රටාවන් සහ සහසම්බන්ධතා තවදුරටත් විස්තාරණය කරයි.

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

ගංවතුර, නාය යෑම් සහ සුළිසුළං ඇතුළු සියලු ආකාරයේ ස්වභාවික විපත් හේතුවෙන් කොළඹ ප්‍රදේශය ආපදාවන්ට ලක්ව ඇති බව මෙම දත්ත මගින් පැහැදිලි වේ.

රථවාහන හේතුවෙන් සිදුවන වායු දූෂණය

මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

මෙම දත්ත අනුව, නගරය තුල පවතින දූෂිත වායු සංඝටක ප්‍රමාණය නිර්දේශිත මට්ටමද ඉක්මවා යමින් ඉතා ඉහල අගයක් ගන්න බව පැහැදිලි වේ. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.

තේමා සිතියම්

 

 

 

1. කොළඹ නාගරික බල ප්‍රදේශය:

හෙක්ටයාර 4361 යුතු කොළඹ මහා නගර සභා සීමාව මෙයින් දැක්වේ.(මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

2. කොළඹ මහ නගර සභා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම:

කොළඹ මහා නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් 54 ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව /වාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                       දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න 

 

 
 
3. කොළඹ නගරයේ වසර සියයක් තුළ පුරෝකථනය කර ඇති මුහුදු මට්ටමේ ඉහළ යාම හා එයින් බලපෑමට ලක්විය හැකි භූමි පරිභෝජනයන්:


වෙරළබඩ කලාපයේ පිහිටා ඇති කොළඹ නගරය දේශගුණ විපර්යාසයන් හේතුවෙන් සිදුවුන සාගර ජල මට්ටම ඉහළ යාමේ අවදානමට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් කරනු ලැබූ පුරෝකතනයන්ට අනුව සකසා ඇති මෙම දත්තයන් භූමි පරිභෝජනය සමග සමපාත කරමින් බලපෑම් වන ප්‍රදේශය වෙන් වශයෙන් දක්වා ඇත.(මූලාශ්‍රය_IPCC සහ SoSLC ව්‍යාපෘතිය)

 

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                            දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

4. කොළඹ නගරයේ නළ ජල මාර්ගයෙන් හා ව්‍යාප්තිය පිළිබඳ සිතියම:
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ දත්තයක් වන මෙහි නගරාශ්‍රිත නල ජල ව්‍යාප්තිය නලයෙහි විශාලත්වයද (විශ්කම්භය ) සහිත ව දක්වා ඇත. නල මාර්ග ස්ථාපනය කරන ලද වසර කුමක්ද යන්න එහි වැඩිදුරටත් ඇතුළත් වේ.(මූලාශ්‍රය_ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                            

 

5. මලාපවහන පද්ධතියේ ව්‍යාප්තිය හා පොම්පාගාර පිළිබඳ සිතියම:

කොළඹ නගරය ආශ්‍රිත මලාපවහන පද්ධතියේ නල මාර්ග වල ව්‍යාප්තිය, පොම්පාගාර හා අපජලය සාගරයට බැහැර කරන ස්ථානයන්හි තොරතුරු මෙහි ඇතුලත් වේ.තොරතුරු මූලාශ්‍රය කොළඹ මහ නගර සභාව.(මූලාශ්‍රය_කොළඹ මහ නගර සභාව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

  

6. කොළඹ නගරයේ බස් රථ මාර්ග හා ඒවා ආරම්භක, අවසාන වන ස්ථාන පිළිබද සිතියම:
නගරය හා අදාළ වන්නා වූ බස් මාර්ග , බස් මාර්ග අංක හා ආරම්භක, අවසාන ස්ථාන පිලිබදව නිවැරදි තොරතුරු මෙහි අන්තර්ගත කර ඇත. SOSLC ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ මෙම තොරතුරු ගොනුවට routemaster.lk අන්තර්ජාල පිටුව විශේෂයෙන් පරිශීලනය කරන ලදී.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                           දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 


 7. දුම්රිය නැවතුම්පලවල්ද සහිතව දුම්රිය මාර්ග ජාලයේ ව්‍යාප්තිය:

කොළඹ කොටුවේ සිට ආරම්භ වී ප්‍රධාන මාර්ගය ,කැළණිවැලි මාර්ගය හා වෙරළ මාර්ගය ලෙස ප්‍රදේශ තුනක් කරා විහිද යන දුම්රිය මාර්ග පද්ධතිය දැක්වේ. (මුලාශ්‍රය SOSLC ව්‍යාපෘතිය)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                            දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

ඉහත තොරතුරු හා සබැඳි නිර්මාණය කරනු ලැබූ සිතියම් හා දත්ත ස්ථරයන් (data layers) සියල්ල එකවර බාගත කරගැනීමට පහතින් අවස්ථාව සපයා ඇත (Download HD Map හා Download Spatial Data යටතේ).

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
SOSLC project
SOSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය

හෙක්ටයාර 4361.6 ක් පුරා පැතිරී ඇති කොළඹ මහා නගර සභාව කොළඹ හා තිඹිරිගස්යාය යන දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස දෙකේ පරිපාලන සීමාවන්ට අයත් වේ. එයට අමතරව පහලම පරිපාලන ඒකකය වන ග්‍රාම නිලධාරී වසම් 55 ක් එම සීමාව තුළ වේ. (නගර තොරතුරු යටතේ වන තේමා සිතියම්හි එය විස්තරාත්මකව දක්වා ඇත)


ශ්‍රී ලංකාවේ වාණිජ අග නගරය ලෙස හඳුන්වන කොළඹ මහා නගරය සභා සීමාව තුළ ඉදිකිරීම් සහිත භූමිය ඉතා ඉහල අගයක් (හෙක්ටයාර 4044.5) ගන්නා අතර එය සමස්ත භූමි ප්‍රමාණයෙන් 92% කි. ඉදිකිරීම් රහිත භූමිය ඉතා සීමිත (හෙක්ටයාර 317)ප්‍රමාණයකින් සමන්විත වන අතර එය සමස්ත භූමි ප්‍රමාණය 8% කි.


ඉදිකළ භූමිය නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශයන්, සංස්කෘතික හා ඉදිකරමින් පවතින ලෙස ප්‍රධාන කොටස් 8ක් යටතේ ද ඉදි කිරීම් රහිත භූමිය කෘෂිකාර්මික, ජලය, වනාන්තර, තෙත්බිම්, වෙරළාශ්‍රිත ප්‍රදේශ හා හිස් ඉඩම් ලෙස නැවත උප කොටස් 6ක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදි කිරීම් සහිත භූමිය නැවතත් උප කොටස් 30ක් යටතේ ගොනු කර ඇත. (අදාළ භූමි පරිභෝජනය පිළිබඳ වැඩිදුර තොරතුරු භූමි ප්‍රමාණය සමඟ මෙහි පහතින් ප්‍රස්ථාර ගත කර ඇත)

 

වාණිජ, කාර්මික හා ආයතනික කටයුතු සදහා පිළිවෙලින් හෙක්ටයාර 316.6 , 292.2 හා 217.3 ක් ලෙස වෙන් වී ඇති අතර සමස්ථ භූමියෙන් පිළිවෙලින් එය 7.2%, 6.7% හා 5% ලෙස වේ.

 
එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ ගෝලීය නාගරික නිරීක්ෂණාගාරය මගින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව, මහජනයා සඳහා වෙන්වූ පොදු අවකාශ ගණයට හරිත උද්‍යාන පමණක් නොව තාර හෝ වෙනත් අයුරකින් නිර්මිත වීථි ද ඇතුළත් විය යුතු බව දක්වා තිබේ. ඒ අනුව සමස්ථ භූමියෙන් 40 - 50 ක ප්‍රතිශතයක් පොදු අවකාශයන් සඳහා විය වෙන් යුතු බවත්, එයින් 30 - 35 ත් අතර ප්‍රතිශතයක් වීදිවලට ද 15 - 20 ක් අතර ප්‍රතිශතයක් හරිත උද්‍යාන/ චතුරශ්‍ර සදහාද වෙන් විය යුතු බව ප්‍රකාශ කර ඇත.


කොළඹ නාගරික සීමාව තුළ වීථි හා මහා මාර්ගයන් සදහා වෙන්වී ඇත්තේ 12% ක ප්‍රමාණයක් වන අතර පොදු අවකාශයන් සදහා සමස්ථ භූමියෙන් 6.12% ක ප්‍රමාණයක් වෙන්වී ඇත. "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව 40-50 ත් අතර ප්‍රතිශතයක් විය යුතු යයි කියැවෙන ප්‍රමාණය කොළඹ නගරය සලකූ විට වාර්තා වන්නේ 18.2% ක පමණ අගයකි.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ඉදිකරන ලද භූමිය
SOSLC project
මුළු
ඉදිකරන ලද භූමිය
4044.53 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 135.01
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 1162.56
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 220.19
    මුඩුක්කු (නීතිගත කිරීමට නුසුදුසු)
    • 45.28
  • ව්‍යාපාරික ස්ථාන
    • 255.84
    කාර්යාල
    • 29.07
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 12.37
    බැංකු
    • 49.30
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 15.68
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 42.51
    • පාසල් 106.08
    සෞඛ්‍යය
    • රෝහල් 50.60
    • බෙහෙත් ශාලා 2.55
    රාජ්‍ය ආයතන
    • 195.37
  • කර්මාන්ත ශාලා
    • 280.31
    ඉඩම් ගොඩ කිරීම්
    • 11.99
  • බස්නැවතුම්
    • 11.49
    දුම්රිය නැවතුම්
    • 62.98
    වරාය
    • 296.19
    රථ ගාල්
    • 32.49
    මහාමාර්ග
    • 507.16
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 67.78
    ක්‍රීඩා භූමි
    • 172.94
    සුසාන භූමි
    • 26.56
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 54.14
    • ක්‍රිස්තියානි පල්ලිය 39.13
    • මුස්ලිම් පල්ලිය 6.65
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 5.95
    • 146.36
ඉදි නොකරන ලද
SOSLC project
මුළු
ඉදි නොකරන ලද
317.05 (ha)
    • 0.15
    • 151.27
    • 2.20
    • 27.12
    • 13.83
    • 122.48

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
SOSLC project
SOSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය

කොළඹ නගරයේ නාගරික ව්‍යාප්තිය (1995 - 2017 කාල සීමාව තුළ වෙනස් වී ඇති ආකාරය)

පසුගිය දශක කිහිපය තුළ සීඝ්‍ර නාගරීකරණයකට ලක්වූ නගරක් ලෙස කොළඹ නගරය හදුනා ගත හැකිය. එහිදී නාගරික ව්‍යාප්තිය ක්‍රමිකව සිදුවූ අන්දම පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දීමට මෙම සිතියම් පෙළ මගින් උත්සාහ කර ඇත.

වසර ගණනාවක සිට නගර සීමාව තුළ සිදු වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විකාශනය හදුනා ගැනීමට ගොඩනැගිලි ඝනත්වය වැඩි හා අඩු ප්‍රදේශ ලෙස වෙන් වශයෙන් හඳුනාගෙන වර්ගීකරණයට ලක් කර ඇත.

මේ සඳහා චන්ද්‍රිකා ඡායාරූප පරිශීලනය කරන ලද අතර එම සිතියම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරනු ලැබූ පියවර පිළිබඳ විස්තරාත්මක තොරතුරු බාගතකිරීම් පිටුවට පිවිස ලබා ගත හැකිය. ( ශ්‍රී ලංකාවේ නගරවල වර්තමාන තත්ත්වය පිලිබඳ වාර්තාව - 2017 හි ඇමුණුම් කොටස හා තොරතුරු පද්ධති පුහුණු අත්පොතෙහි අවකාශීය දත්ත විශ්ලේෂණ අංශය )

1995 , 2001, 2012 හා 2017 කාලය තුළ වෙන් වශයෙන් කොළඹ මහ නගරයේ සීමාවන්හි හා ඉන් ඔබ්බට නාගරික සීමාව විසිරී ඇති කලාපය තුළ අධි නාගරික, අර්ධ නාගරික, ඉදිකිර

නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
SOSLC project
කොළඹ මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 6.16%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 68.75
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 929.93
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 77.84
      • නාගරික 60.48
      • අර්ධ නාගරික 9.03
      • ඉදිකිරීම් රහිත 6.17
      • ජලය 2.16
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 77.84
      • නාගරික 62.38
      • අර්ධ නාගරික 7
      • ඉදිකිරීම් රහිත 6.3
      • ජලය 2.16
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 81.23
      • නාගරික 69.17
      • අර්ධ නාගරික 5.01
      • ඉදිකිරීම් රහිත 4.89
      • ජලය 2.16
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 81.23
      • නාගරික 73.82
      • අර්ධ නාගරික 3.4
      • ඉදිකිරීම් රහිත 1.85
      • ජලය 2.16
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 852.1
      • නාගරික 61.63
      • අර්ධ නාගරික 269.92
      • ඉදිකිරීම් රහිත 148.75
      • ජලය 371.8
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 852.09
      • නාගරික 98.44
      • අර්ධ නාගරික 253.92
      • ඉදිකිරීම් රහිත 197.93
      • ජලය 301.8
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 848.71
      • නාගරික 219.91
      • අර්ධ නාගරික 205.29
      • ඉදිකිරීම් රහිත 121.71
      • ජලය 301.8
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 848.7
      • නාගරික 381.34
      • අර්ධ නාගරික 161.61
      • ඉදිකිරීම් රහිත 3.95
      • ජලය 301.8