ජනගහනය
ජනගහනය
889,000
පරිපාලන ප්‍රදේශය
2,127 ha
ඝනත්වය
115 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - JICA

මෙම ප්‍රස්තාරය ප්‍රදේශයේ ජනගහනය වර්ධනය පිළිබඳ විස්තර සපයයි

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 48.78%ක් පුරුෂයන්ද 51.22% ස්ත්‍රීන්ද වෙයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 19.87% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 24.71% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 39.67% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 15.74% ලෙසත් ය.

Download data file here

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දෙහිවල නගරයත්, කොළඹ දිස්ත්‍රික්කයත්, බස්නාහිර පළාතත්, සලකා බලන කල විවිධ ජාතීන්ගෙන් පොහොසත් විවිධත්වයකින් යුතු සමාජ පද්ධතියක් බව පැහැදිලි වේ.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්රමණිත ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගර සීමාවට සංක්‍රමණය වීම පිරිමි සහ ගැහැණු ජනගහනයේ ආකර්ශනීය ඉහළ මට්ටමක පවතී. ඔවුන්ගෙන් බහුතරයක් දත්ත වලට අනුව වසර දහයකට වැඩි කාලයක් ප්‍රදේශයේ පදිංචිව සිටිති.

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙහි, පුරුෂයන් සිය දෙනෙකු ගත්විට, ඒ හා සාපේක්ෂව සිටින කාන්තාවන් ප්‍රමාණය පිළිබඳ දත්ත දැක්වේ. ඒ අනුව සලකා බලන කල, වයස අවුරුදු 30 ට වැඩි වැඩිහිටි පුරුෂයින් ප්‍රමාණය හා සාපේක්ෂ වැඩිහිටි කාන්තාවන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව පැහැදිලි වේ.

Download data file here

ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ගෘහ මූලික කුටුම්බයන්ගේ ප්රතිශතය ජාතික සාමාන්යයට වඩා පහත් මට්ටමකි.

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරයේ සංක්‍රමණික ජනගහනයෙන් බහුතරය, රැකියා නියුක්තිය සැලකිල්ලට ගෙන ඇති බව මෙම දත්ත අනුව පැහැදිලි වේ. පවුලේ සාමාගිකයෙකු හා නගරයට සංක්‍රමණය වූ සංඛ්‍යාව සලකා බැලීමේ දී, පුරුෂ පාර්ශවයට වඩා බහුතර කාන්තාවන් පිරිසක් ඒ මත පදනම්ව නගරයට සංක්‍රමණය වී ඇති බව පැහැදිලි වේ.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2012 දී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජනතාවගේ භාෂා හැකියාවන් පිළිබඳව මෙම දත්ත විස්තර දක්වයි.

Download data file here

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරයේ, පාසල් අධ්‍යාපනය සඳහා යොමුවූ පිරිසේ ප්‍රමාණය ඉහල අගයක් වාර්තාගතව ඇති අතර, සියයට 30 ක් පමණ ප්‍රතිශතයක පිරිසක් කිසිදු අධ්‍යාපන කටයුත්තක නිරත නොවන්නන්ගේ පිරිසට වාර්තා වී තිබේ..

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) උපාධි ලබා ගැනීමෙන් වැඩි ස්ත්රීන් වැඩි ප්රමාණයක් ඉහළින් හා ඉහළ මට්ටමකට ළඟා වන පිරිමින්ගේ ප්රතිශතය තවමත් තවමත් පවතී.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ස්ත්‍රී පුරුෂ බව අනුව වයස අවුරුදු 10 සිට 40 දක්වා පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව මෙයින් දක්වා ඇති අතර මහ නගර සභාව තුළ පුරුෂයන්ගෙන් සියයට 51ක් ද ස්ත්‍රීන් ගෙන් සියයට 42 කටද පරිගණක සාක්ෂරතාවය පවතින බව මින් විස්තර කරයි. වයස අවුරුදු 15ත් 19ත් අතර පසුවන පිරිසේ පරිගණක පිලිබඳ දැනුම ඉහල මට්ටමක පවතින බව පැහැදිලි වේ.

Download data file here

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

දෙහිවල සිට ගල්කිස්ස නගර සීමාව තුළ පැය 7 ක කාලය තුළ පෙරවරු 8 සිට 8 දක්වා කාලය තුළ පාසල හා සේවා ප්රවාහන කටයුතු හේතුවෙන් උද්වේගකර ගමනාගමනයට ලක්ව ඇත.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බලප්රදේශයට පිවිස ඇති වාහන වලින් වැඩිම ප්රතිශතයක් වන්නේ මෝටර් රථ හා මෝටර් රථ / වෑන් / ජීප් රථ වැනි පුද්ගලික වාහන වේ. මාර්ගයේ බස් රථවල වාහනවල සියයට 6 ක පමණ කොටසක කොටසකි.

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මගී බහුතරය ඉවසා සිටින පෙදෙසෙහි ප්රධාන මාර්ගයේ බස් රථ ප්රධාන මාර්ගයකි. මෝටර් සයිකල් හා කාර් / වාහනය සැලකිය යුතු මට්ටමකින් භාවිතා වේ.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

පසුගිය අවුරුදු 3 ඇතුළත මෙම ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරු පිළිබඳ දත්ත මෙම ප්‍රස්ථාරය මගින් දක්වයි. 2015 වර්ෂයේ සිට 2016 වසර වන විට, සිදුවී ඇති මාරක රිය අනතුරු ප්‍රමාණයේ වර්ධනයක් දැකගත හැක.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

වර්ෂ 2012 සිට 2016 දක්වා වාර්ෂික දුම්රිය මගීන් දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව තුළ ඇති බව ප්රස්ථාරය පෙන්වා දෙයි

පදික මාරුව භාවිතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

නගරයේ පදික මාරු කිහිපයක් සැලකිල්ලට ගනිමින් පදිකයින් ගණන් කිරීමේ සමීක්ෂණය සිදු කරන ලදී. පාසල් කාලයන්, කාර්යාල වේලාවන් සහ පදික මාරු භාවිතය අතර පවතින ඍජු සම්බන්ධතාවය මෙම දත්ත මගින් පැහැදිලි වේ.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

දෙහිවල නගර සභාව සහ කෝට්ටේ මහ නගර සභාව ද ඇතුළු කොළඹ නාගරික ප්‍රදේශයට මෙම දත්ත පොදුවේ සලකා බලන ලදී. දත්ත වලට අනුව, මෙම නගරයේ ආර්ථික තත්වයේ තරගකාරී භාවය සියලු පළාත් අග නගර අභිබවා ඇති අතර, කුරුණෑගල හා මහනුවර මහ නගර සභා දෙවන හා තෙවන ස්ථානයේ පසුවේ.

වාර්ෂික ආදායම් සහ වියදම්

මූලාශ්‍රය - දෙහිවල මහා නගර සභාව

වාර්ෂික සාමාන්‍ය අගය අනුව, නගරයේ මුළු ආදායමෙන් 60% ක ප්‍රමාණයක් නගරයේ මූලාශ්‍ර ආදායම වන අතර, මධ්‍යම රජය සහ පළාත් සභාව වෙතින් ලබා ගන්නා ප්‍රධානයන් ප්‍රමාණය 40% කි. නගරයේ මූලාශ්‍ර (1) දේපළ මගින් කුලී අනුපාතයන් / බදු (2) පහසුකම් සහ අනෙකුත් නගර දේපොළ කුලියට දීම, (3) බලපත්‍ර ගාස්තු, (4) නාගරික කටයුතු සඳහා ගාස්තු සේවා (5) පිරිවැය සහ දඩ මුදල්, (6) වෙනත් ආදායම් ලෙස වර්ග කල හැක. මෙම ආදායම් මාර්ග අතරින්, "දේපල බදු (අනුපාත / බදු)" සහ "වෙනත් ආදායම්" ප්‍රධාන වර්ගයන් වේ. මුළු නාගරික ආදායමෙන් 25% ක ප්‍රමාණයක් දේපල බදු වලින් ද ,වෙනත් ආදායම් මගින් 24% ක ප්‍රමාණයක් එක් කෙරේ.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ අග නගරයේ නාගරීකරණය ව්‍යාප්ත වූ කොළඹ, දෙහිවල සහ කෝට්ටේ යන මහා නගර සභා ප්‍රදේශ සඳහා මෙම දත්ත පොදුවේ සලකා බලා ඇත. සේවා සැපයුම් ආවරණය හා සේවා සැපයුම් මූල්යනය යන අංශ සලකා බැලීමේ දී, මෙම නගර ඉතා යහපත් මට්ටමක පවතින බව දත්ත අනුව පෙනී යයි.

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බල ප්රදේශය තුළ වර්ගීකරණයට අනුව මෙම ප්රස්ථාරය දැක්වේ. නිවාසවල බහුතරයක් (සියයට 85 ක් පමණ) තනි තට්ටුව හා තට්ටු දෙකකින් යුක්ත වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දෙහිවල - ගල්කිස්ස මහනගර සභාව තුළ නිවාස 95.4 ක් 2012 දී ස්ථීර බව දැක්වෙයි.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දෙහිවල ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයේ විදුලිබල හා ජල සැපයුම පිළිවෙලින් 98.8% ක් හා 99.7% ලෙස දැක්වෙන අතර, එය ඉතා යහපත් සේවා ආවරණ මට්ටමකි.

ඝන අපද්‍රව්‍ය සංයුතිය

මූලාශ්‍රය - JICA

2012 ඔක්තෝබර් මාසයේ කරදියාන බැහැර කිරීමේ ස්ථානයේ දී අපද්‍රව්‍ය සංයුතිය පිළිබඳ කරන ලද සමීක්ෂණයේ ප්‍රථිපල මෙම ප්‍රස්ථාරයේ දැක්වේ. දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ කසළ කළමනාකරණය සන්සන්දනාත්මකව අනෙකුත් මහා නගර සභා වලට වඩා ඉහළ මට්ටමක පවතී. වත්මන් කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා මහා නගර සභාව මගින් වසර 10 කට පෙර සැලසුම මත පදනම්ව විවිධ වැඩපිළිවෙල දියත් කර තිබේ. කෙසේ වෙතත් තවදුරතත් අනාගත සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවය පවතී.

නගර සභාවේ එක්රැස් වන කසල ප්‍රමාණය

මූලාශ්‍රය - JICA

SATREPS විසින් ලබාගත් අපද්රව්ය උත්පාදනය අනුපාතය මත පදනම්ව අපද්රව්ය නිපදවන ප්රමාණය ගණනය කර ඇත ෙද්ශීය බාහිරින් ලද සමීක්ෂණය මගින් ලබා ගන්නා ලද 2012 වර්ෂෙය් අපදව්ය හා අපදව්ය උත්පාදන ඒකක. ප්රතිඵලයක් වශයෙන්, නාගරික අපද්රව්ය ජනනය වන ප්රමාණය ටොන් 175.2 / දිනක් වන අතර අපද්රව්ය උත්පාදනය අනුපාතය 933g / පුද්ගලයෙකු / දවසකි.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

කසළ එකතු කිරීම සඳහා සියයට 97 ක් පමණ ගෘහස්ථයන් ආවරණය කරන ලදී.

තේමා සිතියම්

 

Dehiwala Mount Lavenia Municipal area: 

Dehiwala Mount Lavenia Municipal Council covers an area of 2,127 hectares. (Data Source _ Urban Development Authority)

Download Data Layer Here

 

Spatial data for Bellanwila Attidiya Wetland:

Boundary Demarcation (Bellanwila Attidiya Wetland)

As background used very high-resolution satellite images (Pléiadas) with a spatial resolution of 50 cm. covering Attidiya area dated on 27th November 2017.

According to the historical data on wetland conservation project by CEA a leaflet on 1993 pointed out main location points. Then getting support of google maps find real locations on satellite image. (Data Source: SOSLC Project)

Download Map Here        Downoad Data Layer Here

 

Building Layer 2017 (Bellanwila Attidiya Wetland):

Digitized building footprints of 2017 using very high-resolution satellite images (Pléiadas)(Data Source: SOSLC Project)

 

Download Map Here            Downoad Data Layer Here

 

Building layer 2004(Bellanwila Attidiya Wetland):

Using Google maps historical satellite image from 2004 create another building layer by removing and adjusting extensions to the new buildings constructed after 2004.(Data Source: SOSLC Project)

Download Map Here              Downoad Data Layer Here

 

Land use Layer of Bellanwila Attidiya Wetland Boundary:

As background used very high-resolution satellite images (Pléiadas) with a spatial resolution of 50 cm. covering Attidiya area dated on 27th November 2017.

It is timely and valuable task to done a in detailed land use mapping for attidiya marsh boundary.(Data Source: SOSLC Project)

Download Map Here             Downoad Data Layer Here

 

 

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

පරිපාලන ඒකකයන්හි පවතින භූමියේ යොදාගෙන ඇත්තේ කුමන අන්දමේ කටයුතු සඳහාද යන වග මෙම භූමි පරිභෝජන සිතියමින් විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.ඉදිකළ / ඉදිනොකළ යනුවෙන් ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් වන මෙහි එක් එක් පරිභෝජනයට අදාළ උප කොටස්හි කොපමණ භූමි ප්‍රමාණයක් (හෙක්ටයාර) ආවරණය වේ ද යන්න විස්තරාත්මක ව දක්වා ඇත.

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

The Dehiwala Mount Lavinia Municipal Council covers an area of ​​2,127 hectares.There are 28 Grama Niladhari Divisions within that limits.

 

The Dehiwala Mount Lavinia Municipal area, known as the main starlight city of Colombo, has a high built-up land area (1975 hectares) and it covers 93% of the total land area. Non built-up land is very limited (154 ha) which is just 7%.

 

The built-up land has been categorized under six main categories as residential, commercial, institutional, industrial, transport, public space, cultural and under construction. Non built-up land has been divided into six sub-categories as agriculture, water, forest, wetlands, coastal areas and barren lands. The built-up land is again divided into 30 subsections. (More information on the respective land use is listed below with charts and land area)
 

For commercial, industrial and institutional purposes, 159 hectares, 118 hectares and 152 hectares of land are occupied (7.5%, 5.5% and 7.15% of the total land area respectively)

 

For public spaces - 44.6 hectares (2.1% of the total land area) for transport 275.7 hectares (13% of the total land area)

 

Download data layer here

ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
1973.26 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 13.09
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 1120.93
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 39.14
    මුඩුක්කු (නීතිගත කිරීමට නුසුදුසු)
    • 0.02
  • ව්‍යාපාරික ස්ථාන
    • 149.36
    කාර්යාල
    • 4.57
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 4.48
    බැංකු
    • 2.08
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 16.67
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 10.40
    • පාසල් 33.83
    සෞඛ්‍යය
    • රෝහල් 5.98
    • බෙහෙත් ශාලා 0.75
    රාජ්‍ය ආයතන
    • 84.66
  • කර්මාන්ත ශාලා
    • 118.05
  • බස්නැවතුම්
    • 2.69
    දුම්රිය නැවතුම්
    • 1.66
    ගුවන්තොටුපල
    • 91.03
    රථ ගාල්
    • 5.51
    මහාමාර්ග
    • 174.90
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 11.50
    ක්‍රීඩා භූමි
    • 29.94
    සුසාන භූමි
    • 3.24
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 28.08
    • ක්‍රිස්තියානි පල්ලිය 6.95
    • මුස්ලිම් පල්ලිය 2.07
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 0.69
    • 10.99
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
154.23 (ha)
    • 9.90
    • 43.73
    • 0.90
    • 44.20
    • 19.75
    • 35.75

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

කොළඹ නගරයේ නාගරික ව්‍යාප්තිය (1995 - 2017 කාල සීමාව තුළ වෙනස් වී ඇති ආකාරය)

පසුගිය දශක කිහිපය තුළ සීඝ්‍ර නාගරීකරණයකට ලක්වූ නගරක් ලෙස කොළඹ නගරය හදුනා ගත හැකිය. එහිදී නාගරික ව්‍යාප්තිය ක්‍රමිකව සිදුවූ අන්දම පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දීමට මෙම සිතියම් පෙළ මගින් උත්සාහ කර ඇත.

වසර ගණනාවක සිට නගර සීමාව තුළ සිදු වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විකාශනය හදුනා ගැනීමට ගොඩනැගිලි ඝනත්වය වැඩි හා අඩු ප්‍රදේශ ලෙස වෙන් වශයෙන් හඳුනාගෙන වර්ගීකරණයට ලක් කර ඇත.

මේ සඳහා චන්ද්‍රිකා ඡායාරූප පරිශීලනය කරන ලද අතර එම සිතියම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරනු ලැබූ පියවර පිළිබඳ විස්තරාත්මක තොරතුරු බාගතකිරීම් පිටුවට පිවිස ලබා ගත හැකිය. ( ශ්‍රී ලංකාවේ නගරවල වර්තමාන තත්ත්වය පිලිබඳ වාර්තාව - 2017 හි ඇමුණුම් කොටස හා තොරතුරු පද්ධති පුහුණු අත්පොතෙහි අවකාශීය දත්ත විශ්ලේෂණ අංශය )

1995 , 2001, 2012 හා 2017 කාලය තුළ වෙන් වශයෙන් කොළඹ මහ නගරයේ සීමාවන්හි හා ඉන් ඔබ්බට නාගරික සීමාව විසිරී ඇති කලාපය තුළ අධි නාගරික, අර්ධ නාගරික, ඉදිකිර

නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 929.93
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 77.84
      • නාගරික 60.48
      • අර්ධ නාගරික 9.03
      • ඉදිකිරීම් රහිත 6.17
      • ජලය 2.16
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 77.84
      • නාගරික 62.38
      • අර්ධ නාගරික 7
      • ඉදිකිරීම් රහිත 6.3
      • ජලය 2.16
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 81.23
      • නාගරික 69.17
      • අර්ධ නාගරික 5.01
      • ඉදිකිරීම් රහිත 4.89
      • ජලය 2.16
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 81.23
      • නාගරික 73.82
      • අර්ධ නාගරික 3.4
      • ඉදිකිරීම් රහිත 1.85
      • ජලය 2.16
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 852.1
      • නාගරික 61.63
      • අර්ධ නාගරික 269.92
      • ඉදිකිරීම් රහිත 148.75
      • ජලය 371.8
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 852.09
      • නාගරික 98.44
      • අර්ධ නාගරික 253.92
      • ඉදිකිරීම් රහිත 197.93
      • ජලය 301.8
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 848.71
      • නාගරික 219.91
      • අර්ධ නාගරික 205.29
      • ඉදිකිරීම් රහිත 121.71
      • ජලය 301.8
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 848.7
      • නාගරික 381.34
      • අර්ධ නාගරික 161.61
      • ඉදිකිරීම් රහිත 3.95
      • ජලය 301.8