ජනගහනය
ජනගහනය
n/a
පරිපාලන ප්‍රදේශය
13736.44 ha
ඝනත්වය
18 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - හෝමාගම ප්‍රාදේශීය සභාව

දත්ත මගින් 2017 වර්ෂයේ දී පුරුෂ සහ කාන්තා ජනගහනය පිළිබඳ දත්ත පිළිබිඹු වේ. එම වසරේදී ප්‍රදේශයේ මුළු ජනගහනය 276213 කි.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

පාසල් වර්ගීකරණය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - හෝමාගම ප්‍රාදේශීය සභාව, 2016

හෝමගම ප්‍රදේශයේ අධ්‍යාපනය සඳහා පවතින පහසුකම් මෙම දත්ත මගින් විස්තර කෙරේ. ප්‍රදේශයේ ගුරුවරුන් 1500 ක් වාර්තාගතව සිටින අතර ශිෂ්‍ය ප්‍රජාව 30,000 ක් පමණ වේ. ගුරු-ශිෂ්‍ය ප්‍රජා අනුපාතය සඳහා වන ප්‍රමිතිය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව) 1:21 වේ. පවතින දත්ත වලට අනුව, හෝමගම ප්‍රදේශයේහි වර්තමාන ගුරු-ශිෂ්‍ය ජනගහන අනුපාතය ද 1:21 ක් වන අතර එය අපේක්ෂිත අනුපාතය හා බෙහෙවින් ගැලපේ. ප්‍රදේශයේ ද්විතීයික හා ප්‍රාථමික පාසල් විසිරීමේ රටාව කිලෝමීටර 3 ක අරයක් ආවරණය වන පරිදි පවතින බව සොයාගත හැකිය. හෝමගම ප්‍රදේශයේහි මුළු ජනගහනය වන 300000 න් අවම වශයෙන් 10% ක් පාසල් යන වයසේ පසුවෙති. ජනගහන වර්ධන ඇස්තමේන්තු මත පදනම්ව ශිෂ්‍ය ජනගහනය ද ඊට අනුරූපව වර්ධනය වන බව දැක්විය හැක. 2030 වන විට ජනගහනයෙන් 20% ක් ශිෂ්‍ය ජනගහනය සිටිනු ඇතැයි උපකල්පනය කළහොත් මෙම ප්‍රදේශයේ ශිෂ්‍ය ජනගහනය 140000 ක් පමණ වනු ඇත.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

According to the Sri Lanka Department of Census and Statistics – 2012 reports, the total housing units in Homagama Divisional Secretariat Division was 61,505. 59,121 of that were considered permanent housing structures, and 2,282 were considered as temporary dwellings. The 102 other residencies were considered to be under construction.

තේමා සිතියම්

 

හෝමාගම ප්‍රාදේශීය සභා සීමාව තුළ ඇති ආදාහනාගාර සිතියම: 

හෝමාගම ප්‍රාදේශීය සභා සීමාව තුළ ඇති ආදාහනාගාර මෙහි ලකුණු කර ඇත. ප්‍රාදේශීය සභා සීමාව තුළ ආදාහනාගාර 8 කින් යුක්ත වේ. අදාළ නාමයන් සහිතව එම දත්ත මෙහි නිවැරදි ලෙස පිහිටීම ලකුණු කර ඇත. (මුලාශ්‍රය: හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් එකතු කරන ලද දත්තයකි)

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
30 (ha)
  • මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 1
  • ව්‍යාපාරික ස්ථාන
    • 1
    කාර්යාල
    • 1
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 1
    බැංකු
    • 1
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 1
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 1
    • පාසල් 1
    සෞඛ්‍යය
    • රෝහල් 1
    • බෙහෙත් ශාලා 1
    රාජ්‍ය ආයතන
    • 1
  • කර්මාන්ත ශාලා
    • 1
    ඉඩම් ගොඩ කිරීම්
    • 1
  • බස්නැවතුම්
    • 1
    දුම්රිය නැවතුම්
    • 1
    වරාය
    • 1
    ගුවන්තොටුපල
    • 1
    රථ ගාල්
    • 1
    මහාමාර්ග
    • 1
    රේල් පාර
    • 1
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 1
    ක්‍රීඩා භූමි
    • 1
    සුසාන භූමි
    • 1
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 1
    • ක්‍රිස්තියානි පල්ලිය 1
    • මුස්ලිම් පල්ලිය 1
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 1
    • 1
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
8 (ha)
    • 1
    • 1
    • 1
    • 1
    • 1
    • 1
    • 1
    • 1

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
හෝමාගම ප්‍රාදේශීය සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0