නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.
පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.
මූලාශ්‍රය - JICA
2015 වසරේ සිට ඉදිරි වසර නමයකට පුරෝකථනය කරනු ලැබූ යාපනය මහ නගර සභාවේ ජනගහනය හා එහි වර්ධන වේගය මෙමඟින් ඉදිරිපත් කරයි. අඛණ්ඩව ඉහළ යමින් පවතින ජනගහන වර්ධන වේගයක් එම කාලය තුළ නගරසභා සීමාවේ පවතින නමුත් එම වර්ධනය අඩු වේගයකින් සිදු වන බවද මෙයින් පැහැදිලි වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
යාපනය මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 47.03%ක් පුරුෂයන්ද 52.97% ස්ත්‍රීන්ද වෙයි.
වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 23.60% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 26.85% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 35.23% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 14.3% ලෙසත් ය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
යාපනයේ ජනවාර්ගික පැතිකඩ මෙහි දැක්වේ. එහි, 97% ක බහුතරයක් ද්‍රවිඩ ජනයා වන අතර අනෙකුත් ජන වර්ගයා 3% කි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
සංක්‍රමණික ජනගහනය අවුරුදු දහයකට වඩා වැඩි පදිංචිකරුවන් සහ අවුරුදු 5 ට අඩු කාල කාණ්ඩයක් සඳහා පදිංචිකරුවන් තුළ වැදගත් වේ. සංක්‍රමණ සම්බන්ධයෙන් පිරිමි කාන්තා විෂමතාව අවමයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත අනුව බහුතරයක් නගරයට සංක්‍රමණික පිරිස අවතැන්ව සිට නැවත පදිංචි කරනු ලැබූ පිරිස් බව දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් ඇත: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි. මෙය රට පුරා පැහැදිලිව පෙනෙන අතර බොහෝ අවස්ථාවන්හිදී භාෂා තුනෙන්ම ලියා ඇත. සිංහල-බෞද්ධ බහුතරය වැඩි වශයෙන් කතා කරන්නේ සිංහල වන අතර දෙමළ භාෂාව ශ්‍රී ලාංකික මුවර් / මුස්ලිම් සහ දෙමළ / හින්දු භක්තිකයන් විසින් කථා කරනු ලැබේ. ඉංග්‍රීසි හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර එය රජයේ පරිපාලනය හා වාණිජ කටයුතු සඳහා භාවිතා කරන භාෂාව බවට පත්ව ඇත. මෙම දත්ත මගින් ප්‍රදේශයේ ඒ ඒ ජන කොටස් වල භාෂා හැකියාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙහි, පුරුෂයන් සිය දෙනෙකු ගත්විට, ඒ හා සාපේක්ෂව සිටින කාන්තාවන් ප්‍රමාණය පිළිබඳ දත්ත දැක්වේ. මෙම දත්ත අනුව පෙන්නුම් කරන්නේ, වයස අවුරුදු 15 ට අඩු වයස් කාණ්ඩයේ හැරුණු විට, සෙසු වයස් කාණ්ඩ වල පුරුෂයින්ට වඩා වඩා කාන්තාවන් සිටින බවයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙහි පුරුෂ මුලික කුටුම්භ හා ස්ත්‍රී මුලික කුටුම්භ අදාල ජාතික සාමාන්‍ය අගය සමග දැක්වේ.
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.
දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.
දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.
මූලාශ්‍රය - යාපනය මහ නගර සභා සංඛ්‍යාලේඛන 2019
පාසලේ වර්ගීකරණය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
අධ්‍යාපනය ලබන වයසේ පසු උනද, කිසිදු අධ්‍යාපන කටයුත්තක නොයෙදෙන ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහල අගයක් ගන්නා අතර, පාසල් අධ්‍යාපනය ලබන්නන්ගේ ප්‍රමාණය ද ඉහල අගයක පවතින බව දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙහි යාපනය නගරයේ ද්විතික අධ්‍යාපනය සඳහා යොමු වූ සිසු සිසුවියන්ගේ ප්‍රමාණය ඉහල අගයක් දක්වයි. සියලු අංශ වල සිසුවියන්ගේ සහභාගිත්වය සිසුන් ප්‍රමාණයට වැඩ වැඩිය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
It shows the computer literacy of persons between the ages of 10 and 40 in terms of gender and it explains that 34% of men and 28% of women in the Jaffna Municipal Council are computer literate.
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.
තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.
මූලාශ්‍රය - යාපනය මහා නගර සභාව
ඓතිහාසික වරාය නගරයක් ලෙස යාපනය නගරය, එදා සිටම වඩා යහපත් එකිනෙකට හොඳින් සම්බන්ධිත මාර්ග පද්ධතියක් සහිත නගරයක් ලෙස දැක්විය හැකිය. A9 (යාපනය-මහනුවර) මාර්ගය රටේ සෙසු ප්‍රදේශ සමඟ යාපනය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් ලෙස වැදගත් වේ. ඒ හැරුණු විට, යාපනය-පේදුරුතුඩුව පාර, යාපනය-කන්කසතුරෙයි මාර්ගය සහ යාපනය - කයිට්ස් මාර්ගය, නාගරික ප්‍රදේශයේ සම්බන්ධතාවය වැඩි දියුණු කරන අනෙකුත් මාර්ග කිහිපයක් වේ.
මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත
සමස්ත යාපනය දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන විසින් නඩත්තු කරන ග්‍රාමීය මාර්ගයන්හි දිග 3040.6km ලෙස වාර්තා වී ඇති අතර ඒ අතරින් යාපනය මහ නගර සභා සීමාවට අයත් ග්‍රාමීය මාර්ගයන්හි දිග 158.2km ලෙස දක්වා ඇත. මීට අමතරව A හා B වර්ග වලට අයත් මාර්ග පිළිබඳව ඉහත ප්‍රස්ථාරයේ දක්වා නොතිබුණද යාපනය දිස්ත්‍රික්කය තුළ A වර්ගයට අදාල මාර්ග වල සමස්ත දිග 279.62km හා B වර්ගයට අයත් මාර්ගවල සමස්ත දිග 227.49km ලෙසත් වාර්තා වී ඇත. මාර්ගයන් පිළිබඳව තොරතුරු සඳහා පහත දත්ත ගොණුවට පිවිසෙන්න.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
නගර සීමාව තුළ මගීන් සහ සංචාරකයින් භාවිතා කරන ප්‍රවාහන ක්‍රම ගණනාවක් තිබේ. මෙම දත්ත පැය 24 ක කාල සීමාව සැලකිල්ලට ගනිමින් මහා මාර්ගයේ ගමනාගමනයේ යෙදෙන වාහන සංඛ්‍යාව සහ මගීන් සංඛ්‍යාව දෘශ්‍යමාන කරයි. වැඩිම මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් රැගෙන යනු ලැබේ. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ භාවිතය ද සැලකිය යුතු ඉහළ ප්‍රමාණයකින් භාවිතා වේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
යාපනය නගර සභා බලප්‍රදේශයට ඇතුළු වූ වාහන වලින් වැඩිම ප්‍රතිශතය සියයට 63 ක් පමණ වන යතුරු පැදි, බයිසිකල් සහ වෙනත් වාහන වැනි පෞද්ගලික වාහන වේ. යාපනය බස් නැවතුම්පළට ඇතුල් වන බයිසිකල්වලින් සියයට 4 ක් සහ බස් රථ 6 ක් පමණ ඇත.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
පෙරවරු 6.00 සිට පස්වරු 17.00 දක්වා නගරයේ වාහන තදබදය ක්‍රමයෙන් ඉහල යාමක් මෙම දත්ත අනුව පැහැදිලි වේ. යාපනය නගරයේ පාසල් කාලය අවසන්වන වෙලාව මෙහි ඉහලම වාහන තදබදය වාර්තා කරයි.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
හදිසි අනතුරු යනු අනවශ්‍ය හෝ අනපේක්ෂිත සිදුවීමකි. නොවැළැක්විය හැකි අනතුරක් මාරාන්තික හෝ අවාසනාවන්ත හානිකර සිදුවීමක් යන සංකල්පයට අයත් වේ. අධිවේගී මාර්ගයක ගමන් කරන මෝටර් රථ වාහන, පුද්ගලයින් හෝ දේපළ සමඟ ගැටීමෙන් අනතුරක් සිදු වේ.
වාහනයක් සහ වෙනත් වාහනයක් අතර අනතුරක් සිදුවිය හැකිය, වාහනයක් පුද්ගලයෙකු සමඟ ගැටීම, චලනය කළ හැකි හෝ වෙනස් කළ නොහැකි දේපළක් සමඟ වාහනයක් ගැටීම, වාහනයක් පාරෙන් ඉවතට යන විට, පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සමඟ ගැටීම හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරන ව්‍යසනය හේතුවෙන් අනතුරක් සිදුවිය හැකිය.
පසුගිය වසර කිහිපයක් ඇතුළත යාපනය පොලිස් කොට්ඨාස සීමාව තුළ සිදුව ඇති මාරාන්තික රිය අනතුරු පිළිබඳව මෙහි විස්තර වේ. එපමණක් නොව අනතුරු වර්ගීකරණය සමගින් සමස්ථ රටම ආවරණය වන පරිදි වැඩිදුර විස්තර පහත දත්ත ගොනුව තුළ අන්තර්ගත වේ.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
නගරයට පැමිණෙන වාර්ෂික දුම්රිය මගීන් ගේ සංඛ්‍යා දත්ත අනුව මගී ප්‍රමාණය වැඩි වීමක් වාර්තා කරයි. 2015 වර්ෂය තුළ වාර්තාගත මගීන් ප්‍රමාණය සාපේක්ෂව ඉහල අගයක් දැක්වේ.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෙහි දුම්රිය මාර්ගයෙන් මගී පිරිස් නගරයෙන් පිටත යන ප්‍රමාණයන් හා නගරය තුලට පැමිණෙන ප්‍රමාණයන් පිළිබඳ දත්ත විස්තර කරයි.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
මෙම දත්ත නගරයේ, පදිකයින්ගේ චලනයන් විස්තර කර දක්වයි.
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.
ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.
මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
යාපනය මහා නගර සභාව නගර වල තරගකාරිත්ව දර්ශකයට අනුව 6 වන ස්ථානයට පත්ව ඇත.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017
මෙම දත්ත වලට අනුව, යාපනය මහැහැ නගර සභාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයේ ක්රමික වැඩිවීමක් පෙන්නුම් කරයි.
මූලාශ්‍රය - යාපනය මහ නගර සභාව
2012, 2013 හා 2014 යන වර්ෂයන්ට අදාලව අයවැය සාරාංශය ඉහතින් අඩංගු වන අතර එය උපුටාගෙන ඇත්තේ JICA ආයතනය මගින් සැකසූ වාර්තාවකිනි. තොරතුරු සපයා ඇත්තේ යාපනය මහා නගර සභාවේ අයවැය මත පදනම්වය. වැඩිදුර තොරතුරු සඳහා දත්ත ගොනුව බාගත කරගන්න.
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.
මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.
නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.
මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත (සංඛ්‍යාලේඛන පොතෙන් ලබාගත් දත්ත 2018)
ඉහත තොරතුරු 2016 2017 සහ 2018 වසර සඳහා වන අතර 2018 දී යාපනය මහා නගර සභාව තුළ පුද්ගලයන් 82897 ක් සහ 2017 සඳහා පුද්ගලයින් 91321 ක් හා 2016 වසර තුල 91417 සිටින බවට ගණන් බලා ඇත. එම මුළු ජනගහනයෙන් 2016 දී ඡන්ද දායකයින් 54592 ක් සහ තේරී පත් වූ සාමාජිකයින් 23 ක් ද, 2017 වර්ෂයේ එම මුළු ජනගහනයෙන් ඡන්ද දායකයින් 56182 ක් සහ තේරී පත් වූ සාමාජිකයින් 45 ක් ද, 2018 දී ඡන්ද දායකයින් 60361 ක් සහ තේරී පත් වූ සාමාජිකයින් 45 ක් ලෙස දක්වා ඇත.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
යාපනය මහා නගර සභාව "සේවා සැපයුම් ආවරණය" යන අංශයෙන් 82.59 ක ඉහළ මට්ටමක් වාර්තා කර ඇත.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ. උතුරු පළාතේ මහා නගර සභා එකක්, නගර සභා 5ක් සහ ප්‍රාදේශීය සභා 28 ක් පවතී. උතුරු පළාතේ ප්‍රධාන නගරය යාපනය නගරයයි.
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.
නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
යාපනය මහා නගර සභා බල ප්‍රදේශය තුළ නිවෙස් වල තත්වය පිළිබඳ මෙම ප්‍රස්ථාරය මගින් දැක්වේ. නිවාස වල බහුතරයක් (සියයට 96 ක් පමණ) තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ නිවාස ලෙස මෙහි වර්ග කොට දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
යාපනය මහා නගර සභාව තුළ 2012 වර්ෂයේදී පැවති නිවාස වලින් සියයට 91.6 ක් ස්ථිර නිවාස බව මෙම දත්ත පෙන්වා දෙයි.
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි
නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.
නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.
මූලාශ්‍රය - IWMI ප්රකාශනය - ශ්‍රී ලංකාවේ ඝන සහ ද්‍රව අපද්‍රව්‍ය කළමනාකරණය සහ සම්පත් ප්‍රතිසාධනය: නගර 20 ක විශ්ලේෂණයක්
tයාපනය මහනගර සභාව විසින් ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ සේවාව සපයනු ලබන්නේ අදාළ එකතු කිරීමේ කලාපවලින් වාහන මඟින් දිනපතා ගෙයින් ගෙට ගොස් එකතු කර ගන්නා ආකාරයටය. එකතු කිරීමේ වාහන වලට යා නොහැකි පටු මාර්ග ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු කරනු ලබන්නේ අත් කරත්ත මගිනි. අපද්‍රව්‍ය වෙන්කර ඇති බඳුන් සහිත එකතු කිරීමේ පද්ධතිය මෙන්ම මිශ්‍ර අපද්‍රව්‍ය ලෙසද ලබාගනී. විශාල සාප්පු හා විශාල අවන්හල් වලින් අපද්‍රව්‍ය සතියකට දෙවරක් එකතු කරනු ලැබේ. මහනගර සභාව විසින් එම පෞද්ගලික ආයතන සඳහා ලීටර් 200 කට ලීටර් 230 ක අපද්‍රව්‍ය බද්දක් පනවා ඇති අතර නිවැසියන් ඉල්ලා සිටින විට උද්‍යාන අපද්‍රව්‍ය ට්‍රැක්ටර් 1 ක් සඳහා LKR 575 ක් සඳහා එකතු කරනු ලැබේ (JICA, 2016). වැඩි වශයෙන් ආහාර අපද්‍රව්‍ය වන හෝටල් අංශයෙන් එකතු කරන SW, දිනකට ටොන් 3 ක් පමණ වේ. යාපනයේ ශික්ෂණ රෝහල, ඇපලෝ රෝහල සහ යාල් රෝහල වැනි පෞද්ගලික රෝහල් ද නගර මධ්‍යයේ පිහිටි රෝහල්වලට මහ නගර සභාවෙන් එකතු කිරීමේ සේවාව ලැබේ.
මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත
ඉහත දත්ත මගින් පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් විස්තර කෙරේ. වෙළඳපල, සායන, බෙහෙත්ශාලා, ආයුර්වේද රෝහල්, පොළ ,වාණිජ කුටි, අප ජලය පිරිපහදු යන්ත්‍ර, සුසාන භූමිය යනාදී සේවාවන් වලට අදාලව කොපමණ මද්‍යස්ථාන ගණනක් තිබේද යන්න වැඩිදුරටත් එහි දක්වා ඇත. යාපනය මහා නගර සභා සීමාව තුල 2016, 2017 හා 2018 යන වර්ෂයන්හි එම මද්‍යස්ථාන ගණන පිළිඹඳ අගයන් මෙහි දක්වා ඇත. එම අවුරුදු තුන තුල විශේෂ වෙනස්වීමක් ලෙස දැක්විය හැක්කේ 2018 වසරේ ව්‍යාපාරික කුටි සංඛ්‍යාවේ කැපී පෙනෙනඉහළයාමක් ඇති බවයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
යාපනය නගර සභා ප්‍රදේශයේ ජල සැපයුම සියයට 98.9 ක් ආවරණය කරමින් ආරක්ෂිත පානීය ජලය සඳහා එහි ජනතාවයට පහසුකම් සපයයි. විදුලිය සඳහා 90% ක සේවා සැපයුමක් පවතී.
මූලාශ්‍රය - JICA
කලුන්දායි අපද්‍රව්‍ය බැහැර කිරීමේ භූමියේ අපද්‍රව්‍ය සංයුතිය පිළිබඳ ප්‍රාදේශීය වශයෙන් ලබාගත් සමීක්ෂණය ප්‍රථිපල යාපනය මහා නගර සභාවේ දිනකට බැහැර කරන අපද්‍රව්‍ය සංයුතිය ලෙස මෙහි දක්වා තිබේ.
මූලාශ්‍රය - JICA
JICA ආයතනය විසින් "ඝන අපද්‍රව්‍ය කළමනාකරණය" පිළිබඳ සිදුකල සමීක්ෂණයක් යටතේ මෙහි දැක්වෙන දත්ත එක්රැස් කරන ලදී. පෙරදෙණියා විශ්ව විද්‍යාලයෙන් ලබාගත් අපද්‍රව්‍ය උත්පාදනය අනුපාත මත පදනම්ව අපද්‍රව්‍ය උත්පාදන ප්‍රමාණයන් ගණනය කරන ලදී. ඒ අනුව, යාපනය මහා නගර සභා ප්‍රදේශයේහි නාගරික අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය දිනකට ටොන් 104.87 ක් වන අතර දිනකට ඒක පුද්ගල අපද්‍රව්‍ය උත්පාදනය කිලෝග්‍රෑම් 1.297 කි.
මූලාශ්‍රය - JICA
කසල එක්රැස් කිරීමේ සේවය සඳහා සියයට 58.8 ක් පමණ ගෘහස්ථයන් ආවරණය වන අතර, 40% ක් පමණ කසල ගිනි තැබීම, වළ දැමීම වැනි කසල බැහැර කිරීමේ ක්රමෝපායන් භාවිතා කරයි.
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නාගරික ප්‍රදේශවල සාමාන්‍ය වර්ෂාපතනය සහ උෂ්ණත්වය පිළිබඳ දත්ත මෙහි දක්වා තිබේ. ප්‍රස්ථාරය මඟින් එම අගයන් අතර රටාවන් සහ සහසම්බන්ධතා තවදුරටත් විස්තාරණය කරයි.
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
යාපනයේ නාගරික ප්‍රදේශ නිතරම ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වේ. වසර 2012 සිට 2017 දක්වා වූ වාර්තා සලකා බැලීමේදී, 2013 වර්ෂය හැර අනෙකුත් සෑම වසරකම ගංවතුර තත්ත්වයන් වාර්තා වේ. නමුත් , දිස්ත්‍රික් මට්ටමින් සුළු පරිමාණයේ ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති අතර, නිවාස 9 කට හානි සිදුව ඇති බවට සංඛ්‍යාලේඛන මගින් දැක්වේ. යාපනය මහා නගර සභා ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිදුවූ මරණ පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැති වීම වැදගත් ය. දිස්ත්‍රික් මට්ටමින්, 2012 වසරේදී පුද්ගලයින් 2 නෙක්, 2015 වසරේදී පුද්ගලයින් 3 නෙක් සහ වසර 2017 දී 1 පුද්ගලයෙකු ලෙස ගංවතුර හේතුවෙන් මරණ වාර්තා වී ඇත.
මූලාශ්‍රය - Department of Meteorology
Here is the change in the annual values of rainfall from 2008 to 2013. According to the Jaffna Observatory station, rainfall in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.
මූලාශ්‍රය - Department of Meteorology
Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Jaffna Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
ගංවතුර හා නියං තත්ත්ව හේතුවෙන් නගරයට විටින් විට පීඩා විදින්නට සිදුව ඇති බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.
යාපනය නාගරික බල ප්‍රදේශය:
හෙක්ටයාර 1910 යුතු යාපනය මහ නගර සභා සීමාව මෙයින් දැක්වේ.(මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
යාපනය මහ නගර සභා පරිපාලන සීමා සිතියම හා පරිපාලන සීමාවට අයත් ග්‍රාම නිලධාරි වසම්හි ව්‍යාප්තිය පිළිබඳ සිතියම:
යාපනය මහා නගර සභාවට ග්‍රාම නිලධාරි වසම් 46 ඇතුළත් වන අතර ඒවායෙහි සිටින ජනතාවගේ ස්ත්‍රී පුරුෂ බව /වාර්ගිකත්වය / වයස් සංයුතිය පිළිබඳ තොරතුරු වැඩිදුරටත් මෙහි අඩංගු වී ඇත.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
යාපනය මහා නගර සභාවට අයත් මාර්ග සිතියම:
මාර්ගයන්ගේ නාමයද සහිතව වැඩිදුර තොරතුරු ඇතුලත් වේ. 2018 වසරේ යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව සිතියම සකස් කර ඇත. (මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
යාපනය මහා නගර සභාවට අයත් ගොඩනැගිලි ඇතුළත් සිතියම:
2018 වසරේ යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව සිතියම සකස් කර ඇත.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
යාපනය නගරයේ වසර සියයක් තුළ පුරෝකථනය කර ඇති මුහුදු මට්ටමේ ඉහළ යාම හා එයින් බලපෑමට ලක්විය හැකි භූමි පරිභෝජනයන්:
වෙරළබඩ කලාපයේ පිහිටා ඇති යාපනය නගරය දේශගුණ විපර්යාසයන් හේතුවෙන් සිදුවුන සාගර ජල මට්ටම ඉහළ යාමේ අවදානමට ගොදුරු වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ආයතනයක් වන දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් කරනු ලැබූ පුරෝකතනයන්ට අනුව සකසා ඇති මෙම දත්තයන් භූමි පරිභෝජනය සමග සමපාත කරමින් බලපෑම් වන ප්‍රදේශය වෙන් වශයෙන් දක්වා ඇත.(මූලාශ්‍රය_IPCC සහ SoSLC ව්‍යාපෘතිය)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
යාපනය මහ නගර සභා සීමාවට අයත් වාණිජ සහ කාර්මික භූමි පරිභෝජනයන්:
මෙහි වාණිජ භූමි පරිභෝජන යටතට ව්‍යාපාරික ස්ථාන, කාර්යාල, ව්‍යාපාරික හා මිශ්‍ර නේවාසික භාවිතය මෙන්ම බැංකු සඳහා වෙන්වූ භූමි ද කාර්මික යටතට කර්මාන්තශාලාද ඇතුලත්ව ඇත.(මූලාශ්‍රය_SoSLC ව්‍යාපෘතිය)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
ඉහත තොරතුරු හා සබැඳි නිර්මාණය කරනු ලැබූ සිතියම් හා දත්ත ස්ථරයන් (data layers) සියල්ල එකවර බාගත කරගැනීමට පහතින් අවස්ථාව සපයා ඇත (Download HD Map හා Download Spatial Data යටතේ).
ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්රතිලාභ ලැබිය හැකිය.
විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.
මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
හෙක්ටයාර 1910 ක් පුරා පැතිරී ඇති යාපනය මහ නගර සභාවට ග්‍රාම නිලධාරී වසම් 47 ක් පමණ ඇතුළත් වේ. (නගර තොරතුරු යටතේ වන තේමා සිතියම්හි එය විස්තරාත්මකව දක්වා ඇත)
උතුරු පළාතේ ප්‍රධාන නගරය ලෙස හඳුන්වන යාපනය මහා නගරය සභා සීමාව තුළ ඉදිකිරීම් සහිත භූමිය හෙක්ටයාර 4044.5 ක අගයක් ගන්නා අතර එය සමස්ත භූමි ප්‍රමාණයෙන් 79.2% කි. ඉදිකිරීම් රහිත භූමිය හෙක්ටයාර 396 ක ප්‍රමාණයකින් සමන්විත වන අතර එය සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 20.9% කි.
ඉදිකළ භූමිය නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශයන්, සංස්කෘතික හා ඉදිකරමින් පවතින ලෙස ප්‍රධාන කොටස් 8ක් යටතේ ද ඉදි කිරීම් රහිත භූමිය කෘෂිකාර්මික, ජලය, වනාන්තර, තෙත්බිම්, වෙරළාශ්‍රිත ප්‍රදේශ හා හිස් ඉඩම් ලෙස නැවත උප කොටස් 6ක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදි කිරීම් සහිත භූමිය නැවතත් උප කොටස් 30ක් යටතේ ගොනු කර ඇත. (අදාළ භූමි පරිභෝජනය පිළිබඳ වැඩිදුර තොරතුරු භූමි ප්‍රමාණය සමඟ මෙහි පහතින් ප්‍රස්ථාර ගත කර ඇත)
වාණිජ, කාර්මික හා ආයතනික කටයුතු සදහා පිළිවෙලින් හෙක්ටයාර 48.3 , 7.6 හා 107.5 ක් ලෙස වෙන් වී ඇති අතර සමස්ථ භූමියෙන් පිළිවෙලින් එය 2.5%, 0.4% හා 5.6% ලෙස වේ.
එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ ගෝලීය නාගරික නිරීක්ෂණාගාරය මගින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව, මහජනයා සඳහා වෙන්වූ පොදු අවකාශ ගණයට හරිත උද්‍යාන පමණක් නොව තාර හෝ වෙනත් අයුරකින් නිර්මිත වීථි ද ඇතුළත් විය යුතු බව දක්වා තිබේ. ඒ අනුව සමස්ථ භූමියෙන් 40 - 50 ක ප්‍රතිශතයක් පොදු අවකාශයන් සඳහා විය වෙන් යුතු බවත්, එයින් 30 - 35 ත් අතර ප්‍රතිශතයක් වීදිවලට ද 15 - 20 ක් අතර ප්‍රතිශතයක් හරිත උද්‍යාන/ චතුරශ්‍ර සදහාද වෙන් විය යුතු බව ප්‍රකාශ කර ඇත.
යාපනය නාගරික සීමාව තුළ වීථි හා මහා මාර්ගයන් සදහා වෙන්වී ඇත්තේ 8% ක ප්‍රමාණයක් වන අතර පොදු අවකාශයන් සදහා සමස්ථ භූමියෙන් 2.8% ක ප්‍රමාණයක් වෙන්වී ඇත. "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව 40-50 ත් අතර ප්‍රතිශතයක් විය යුතු යයි කියැවෙන ප්‍රමාණය යාපනය නගරය සලකූ විට වාර්තා වන්නේ 10.8% ක පමණ අගයකි.
කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.
සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම
දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්රක්ෂේපණය කරන ලදී.
මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.
යාපනය නගරයේ නාගරික ව්‍යාප්තිය (1995 - 2017 කාල සීමාව තුළ වෙනස් වී ඇති ආකාරය )
උතුරු පළාතේ අගනගරය වන යාපනය පසුගිය දශක කිහිපය තුළ පැවති යුදමය වාතාවරණයෙන් අනතුරුව නාගරීකරණයේ විශේෂ වෙනස්කම් සිදුවූ නගරයක් ලෙස හදුනා ගත හැකිය. එහිදී නාගරික ව්‍යාප්තිය ක්‍රමිකව සිදුවූ අන්දම පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දීමට මෙම සිතියම් පෙළ මගින් උත්සාහ කර ඇත.
වසර ගණනාවක සිට නගර සීමාව තුළ සිදු වූ ඉදිකිරීම් ක්ෂේත්රයේ විකාශනය හදුනා ගැනීමට ගොඩනැගිලි ඝනත්වය වැඩි හා අඩු ප්‍රදේශ ලෙස වෙන් වශයෙන් හඳුනාගෙන වර්ගීකරණයට ලක් කර ඇත.
දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න
මේ සඳහා චන්ද්‍රිකා ඡායාරූප පරිශීලනය කරන ලද අතර එම සිතියම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරනු ලැබූ පියවර පිළිබඳ විස්තරාත්මක තොරතුරු මෙම වෙබ් අඩවියෙහි බාගතකිරීම් පිටුවට පිවිස ලබා ගත හැකිය. ( ශ්‍රී ලංකාවේ නගරවල වර්තමාන තත්ත්වය පිලිබඳ වාර්තාව - 2017 හි ඇමුණුම් කොටස හා | තොරතුරු පද්ධති පුහුණු අත්පොතෙහි අවකාශීය දත්ත විශ්ලේෂණ අංශය )
1995 , 2001, 2012 හා 2017 කාලය තුළ වෙන් වශයෙන් යාපනය මහ නගරයේ සීමාවන්හි හා ඉන් ඔබ්බට නාගරික සීමාව විසිරී ඇති කලාපය තුළ අධි නාගරික, අර්ධ නාගරික, ඉදිකිරීම් රහිත හා ජලය යනාදී ලෙස අංශ හතරක් ඔස්සේ දත්ත ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් ගණන ද ඇතුළත්ව පහතින් වැඩිදුර තොරතුරු ප්‍රස්ථාරගත කර ඇත.
මහා නගර සභා සීමාව තුළ භූමියෙන් 1995 වසරේ දී 14.4% ක ප්‍රතිශතයක් වූ අධි නාගරික කළාපය, 2001 වසරේදී 18.6% ක්, 2017 වසරේදී 29.8% ක් හා 2017 වසර වන විට 39.4%ක් දක්වා විකාශනය වී ඇත.
එයට සමගාමීව ඉදිකිරීම් රහිත ප්‍රදේශය 1995 දී පැවති 40.9%ක ප්‍රතිශතක අගය 2001වසරේ 33.9%ක් 2012 වසරේ 16.8%ක් හා 2017 වසර වන විට එය 3.8% දක්වා ක්‍රමිකව පහළ ගොස් ඉදිකිරීම් සහිත අධි හා අර්ධ නාගරික කළාපය කරා පරිවර්තනය වී ඇති බව නිගමනය කළ හැකි වේ.
2001 වසරේ ජන හා සංඛ්‍යාලේඛන සමීක්ෂණ වලට අනුව යාපනය නගරයේ නාගරික ජන සංඛ්‍යාව 80827 ක් වේ. එම වර්ෂයේ ඉදි කිරීම් සහිත භූමිය හෙක්ටයාර 1562 වේ. ගණනය කිරීම්වලට අනුව 2012 යාපනය නගරයේ ජන ඝනත්වය හෙක්ටයාරයකට මිනිසුන් 51.7 ලෙස හඳුනාගෙන තිබේ.
පුරෝකථනයන් ට අනුව 2017 වසරේ යාපනය නගරයේ නාගරික ජන සංඛ්‍යාව 94000 ක් වන අතර එම වර්ෂයේ ඉදි කිරීම් සහිත භූමිය හෙක්ටයාර 1811 වේ. ගණනය කිරීම්වලට අනුව 2017 වසරේ යාපනය නගරයේ ජන ඝනත්වය හෙක්ටයාරයකට මිනිසුන් 52 ලෙස හඳුනාගෙන තිබේ. ජනගහනය ක්‍රමිකව වර්ධනයක් දැකිය හැකි උවත් ජන ඝනත්වයේ පැහැදිළි වෙනසක් දක්නට නොලැබුණේ ඉදිකිරීම් සහිත භූමිය ඊට සාපේක්ෂව වර්ධනය වූ නිසා බව නිගමනය කළ හැකිය.