නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.
පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින් ප්‍රදේශයේ ජනතාවගේ භාෂා හැකියාවන් පිලිබඳ විස්තර සපයයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ස්ත්‍රී පුරුෂ අනුපාතය ජනගහනයෙහි පුරුෂයන් සියදෙනෙකුට සාපේක්ෂ ස්ත්‍රීන් ගණන අනුව ගණනය කරනු ලැබේ. මෙම ප්‍රස්ථාරයේ දත්ත අනුව වයස අවුරුදු 30 ට වැඩි පිරිමි පුරුෂයන්ට වඩා එම වයසේ පසුවන කාන්තාවන් ප්‍රමාණය ඉහල අගයක් ගන්නා බව දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම දත්ත මගින්, නගරයේ පුරුෂ මූලික කුටුම්භ හා ස්ත්‍රී මුලික කුටුම්භ සංඛ්‍යාව ජාතික අගය හා සාපේක්ෂව දක්වා තිබේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනවාර්ගික සැකැස්ම සලකා බැලීමේදී , සිංහල 84.8% ක්ද ශ්‍රී ලංකා මුවර් 5.1 ක් ද, ද්‍රවිඩ ජාතිකයින් 6.9% ද, අනෙක් කණ්ඩායම් 3.1 ක් ද ලෙස දැක්වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
රැකියා අවස්ථා හේතු කරගනිමින් පිරිමි හා කාන්තා සංක්‍රමණිකයන් දෙපාර්ශවයම නගරයට සංක්‍රමණය වී ඇති බව දත්ත අනුව පැහැදිලි වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 48.17%ක් පුරුෂයන්ද 51.83% ස්ත්‍රීන්ද වෙයි.
වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 18.34% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 23.93% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 41.11% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 16.61% ලෙසත් ය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
දත්ත වලට අනුව ප්‍රදේශය වැඩි සංක්‍රමණිකයින් ආකර්ෂණය කරයි. ඔවුන්ගෙන් බහුතරයක් වසර දහයකට වැඩි කාලයක් ප්‍රදේශයේ පදිංචිව සිටිති. පිරිමි සංක්‍රමණිකයින්ට වඩා කාන්තා සංක්‍රමණිකයන් වාර්තා වේ.
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.
දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.
දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
පාසල් අධ්‍යාපනය ලබනා පිරිස මෙම දත්තයන්ට අනුව එහල අගයක් ගන්නා අතර, අධ්‍යාපන කටයුත්තක් සඳහා යොමු නොවූ පිරිසේ සැලකිය යුතු ප්‍රතිශතයක් වාර්තා වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) සඳහා යොමු වන ශිෂ්‍යාවන් ප්‍රමාණය ඉහල අගයක පවතින අතර, උපාධි ලබා ගැනීම සඳහා යොමුවන සිසුවන්ගේ ප්‍රතිශතයට වඩා සිසුවියන්ගේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතී.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ස්ත්‍රී පුරුෂ බව අනුව වයස අවුරුදු 10 සිට 40 දක්වා පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව මෙයින් දක්වා ඇති අතර මහ නගර සභාව තුළ පුරුෂයන්ගෙන් සියයට 66ක් ද ස්ත්‍රීන් ගෙන් සියයට 47 කටද පරිගණක සාක්ෂරතාවය පවතින බව මින් විස්තර කරයි. වයස අවුරුදු 15ත් 19ත් අතර පසුවන පිරිසේ පරිගණක පිලිබඳ දැනුම ඉහල මට්ටමක පවතින බව පැහැදිලි වේ.
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.
තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.
මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව
පසුගිය වසර කිහිපය ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සහාව හා තදාසන ප්‍රදේශයන්හි මාරක රිය අනතුරු සිදුවී ඇති ප්රවනතාවයන් මෙම දත්ත මගින් පැහැදිලි කෙරේ. ඒ අනුව වාර්තාගත අනතුරු ප්‍රමාණයේ ඉහල යාමක් පිළිඹිබු කරයි.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
මාර්ගයේ ගමන් කරන බස් රථ මගින් බහුතර මගීන් ප්‍රමාණයක් සඳහා ප්‍රවාහන පහසුකම් සපයයි. පෞද්ගලික රථ වාහන භාවිතා කිරීමද ඉහළ මට්ටමක පවතී. නගරය තුළ මාර්ග ජාලයේ රථවාහන තදබදයට මූලික හේතුවක් මෙය විය හැකිය
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
උදෑසන 6 සිට 9 දක්වා සහ පස්වරු 4 සිට පස්වරු 5 දක්වා කාලය තුල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ප්‍රදේශයේ වැඩිම වාහන තදබදය වාර්තා වේ. ඉහලම රථවාහන ප්‍රමාණයක් මාර්ගයේ ගමනාගමනය කරනුයේ පෙරවරු 8 පමණ වන විට බව මේ අනුව ගම්‍ය වේ. ප්‍රදේශයේ මාර්ග භාවිතා කරමින් පාසල් හා සේවා ස්ථාන වෙත ගමන්ගන්නා පිරිස මෙම වාහන තදබදයට හේතු විය හැක.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
නගර සිමා ප්‍රදේශයට පිවිසෙන වාහන වලින් වැඩිම ප්‍රතිශතයක් මෝටර් සයිකල් /කාර් / වෑන් / ජීප් රථ වැනි පුද්ගලික වාහන සඳහා වෙන් වේ. බස්රථ සඳහා වෙන්වන කොටස ඉතා සුළු කොටසකි.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
මෙම දත්ත නගරයේ, පදිකයින්ගේ චලනයන් විස්තර කර දක්වයි.
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.
ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.
මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
දෙහිවල නගර සභාව සහ කෝට්ටේ මහ නගර සභාව ද ඇතුළු කොළඹ නාගරික ප්‍රදේශයට මෙම දත්ත පොදුවේ සලකා බලන ලදී. දත්ත වලට අනුව, මෙම නගරයේ ආර්ථික තත්වයේ තරගකාරී භාවය සියලු පළාත් අග නගර අභිබවා ඇති අතර, කුරුණෑගල හා මහනුවර මහ නගර සභා දෙවන හා තෙවන ස්ථානයේ පසුවේ.
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.
මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.
නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
ශ්‍රී ලංකාවේ අග නගරයේ නාගරීකරණය ව්‍යාප්ත වූ කොළඹ, දෙහිවල සහ කෝට්ටේ යන මහා නගර සභා ප්‍රදේශ සඳහා මෙම දත්ත පොදුවේ සලකා බලා ඇත. සේවා සැපයුම් ආවරණය හා සේවා සැපයුම් මූල්‍යනය යන අංශ සලකා බැලීමේ දී, මෙම නගර ඉතා යහපත් මට්ටමක පවතින බව දත්ත අනුව පෙනී යයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ.
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.
නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව තුල පවතින නිවාස වල තත්වය පිළිබඳ මෙහි දැක්වේ. නිවාසවල බහුතරයක් (සියයට 88 ක් පමණ) තනි තට්ටුවේ හා තට්ටු දෙකේ නිවාස වේ.
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි
නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.
නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.
මූලාශ්‍රය - JICA
නගරයේ එක්රැස්වන කසල ප්‍රමාණයෙන් සියයට 97 ක්ම නගර සභාව මගින් එකතු කර බැහැර කරන බව දත්ත අනුව පැහැදිලි වේ.
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.
මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය
කෝට්ටේ මහනගර සභාව ජෛව විවිධත්වයෙන් අනුන තෙත් බිම් වලින් යුතු මිනිසුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයකින් යුක්තවේ. එම ප්‍රදේශයට අයත් කලාප 10 නුගේගොඩ දකුන සහ ගංගොඩවිල යන ප්‍රදේශයන් දෙක හැරුණු කොට අනෙකුත් සෑම කලාපයකම මුළු භූමියෙන් සැලකිවයුතු ප්‍රමාණයක් තෙත්බිම් සහිතය. මැයි සිට අගෝස්තු දක්වා වන නිරිතදිග මෝසම් කාලයේ දී ඇති වන අධික වර්ෂාවෙන් එක්රැස්වන ජලය රඳවා ගැනීමට මෙම තෙත්බිම්වලින් සිදුවන්නේ මහඟු උපකාරයකි.
මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
කෝට්ටේ නාගරික ප්‍රදේශය සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් වාර්තා කරන්නේ 2016 වර්ෂයේදී පමණි. 2015 සහ 2017 වර්ෂවල සුළු මට්ටමේ ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික් මට්ටම හා සලකා බැලීමේදී ප්‍රදේශයේ ගංවතුර අවදානම සාපේක්ෂව අවම බව සැලකිය හැකිය. ප්‍රායෝගික තත්වයන් තුළ, අධික වැසි සහිත කාලගුණ තත්වයන් යටතේ ප්‍රදේශයේ වීදි හා පහත් බිම් හදිසි ගංවතුර තත්වයන්ට ලක් වේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා සීමාව තුළ පිහිටි පාංශු වර්ගයන්හි විහිදීම මින් පෙන්වයි
ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්රතිලාභ ලැබිය හැකිය.
විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.
මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
The Sri Jayawardhnapura Kotte Municipal Council covers an area of 1633 hectares. There are 20 Grama Niladhari Divisions within that limits.
The Sri Jayawrdhanapura Kotte Municipal area, known as the Administrative capital city of Sri Lanka, has a high built-up land area (1303 hectares) and it covers 80% of the total land area. Non built-up land is very limited (330 ha) which is just 20%.
The built-up land has been categorized under six main categories as residential, commercial, institutional, industrial, transport, public space, cultural and under construction. Non built-up land has been divided into six sub-categories as agriculture, water, forest, wetlands, coastal areas and barren lands. The built-up land is again divided into 30 subsections. (More information on the respective land use is listed below with charts and land area)
For commercial, industrial and institutional purposes, 154 hectares, 20.3 hectares and 67.9 hectares of land are occupied (9.4%, 4.15% and 1.24% of the total land area respectively)
For public spaces - 23.48 hectares (6.12% of the total land area) for transport 100 hectares (1.43% of the total land area)
Download data layer here
කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.
සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම
දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්රක්ෂේපණය කරන ලදී.
මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.
Urban Expansion of Colombo City (Changed from 1995 - 2017)
Colombo has become one of the most urbanized city from last few decades. These maps have attempted to give a clear idea of how the urban expansion took place.
To identify the evolution of the construction sector that has taken place within the city limits over the years, the buildings are classified as high dense and low dense areas.
Satellite imagery was used for this purpose and detailed information on the steps taken during the mapping process can be found on following download links. (Report of the Status of Sri Lankan cites 2017 - Section of the Annex 2|Page 165-167| and spatial section of the Database Training Manual)
Data are presented in four categories namely highly urban, semi urban, non-built-up and water, within the boundaries of the city limits of Colombo Municipality and beyond in the years 1995, 2001, 2012 and 2017. Further information is shown using charts and graphs below, including the number of square kilometres in the area.
Within the municipal limits, highly urbanized area has gradually grown from 77% in 1995, 80% in 2001, 85% in 2017 and 90% by 2017.
Simultaneously, it can be concluded that the semi-urban boundary has gradually declined from 11.6% in 1995 to 9% in 2001 to 6.2% in 2012 and to 4.2% by 2017.
Download statistical data layer here