ජනගහනය
නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක
Read more
අධ්‍යාපනය
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන
Read more
ප්‍රවාහනය
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන
Read more
ආර්ථිකය
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර,
Read more
නාගරික පාලනය
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය
Read more
නිවාස
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය,
Read more
නාගරික සේවා
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික
Read more
පාරිසරික
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු
Read more
සෞඛ්‍ය
නාගරික සෞඛ්‍ය පද්ධතියේ සැබෑ ක්‍රියාකාරීත්වය මත එහි
Read more
ජනගහනය
ජනගහනය
113,000
පරිපාලන ප්‍රදේශය
2,500 ha
ඝනත්වය
72 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර මහා නගර සභාවේ ජනයාගේ භාෂා හැකියාවන් පිළිබඳව මෙම දත්ත මගින් පැහැදිලි වේ.

Download data file here

පුරුෂයන් 100කට සාපේක්ෂව වාර්තාගතව ඇති කාන්තාවන් සංඛ්‍යාව වයස් කාණ්ඩ වලට අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර මහ නගර සභාවේ මුළු ජනගහනයෙන් වයස අනුව ස්ත්‍රී පුරුෂ අනුපාතය ගණනය මෙහි දැක්වේ.

Download data file here

ජාතික අගය හා ස්ත්‍රී මූලික කුටුම්භ/පුරුෂ මූලික කුටුම්භ ප්‍රමාණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර මහා නගර සභාවේ ස්ත්‍රී මූලික කුටුම්භ ප්‍රතිශතය පුරුෂ මූලික කුටුම්බයන්ගේ ප්‍රතිශතයට වඩා අඩු මට්ටමක පවතී.

ජනවාර්ගික පැතිකඩෙහි සංයුතිය - නාගරික ප්‍රදේශය,  දිස්ත්‍රික්කය හා පළාත අනුව

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර ජනවාර්ගික පැතිකඩ සලකා බැලීමේදී, බහුතරය 69.8% සිංහල , 15.5% ශ්‍රී ලංකා මුවර්, 13.6% ද්‍රවිඩ සහ 1.6% අනෙකුත් කන්ඩායම් ලෙස දැක්විය හැක.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ SoSLC

2017 වර්ෂය සඳහා SoSLC හි ජනගහන ඇස්තමේන්තු දත්ත සලකා බලයි

ජන සංක්‍රමණයට හේතු

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

කාන්තාවන් නගරය තුලට සංක්‍රමණය වීමේ ප්‍රධාන හේතු ලෙස විවාහය හා පවුලේ සාමාජිකයකු සමඟ නගරයේ පදිංචියට පැමිණීම දක්වා ඇති අතර, මෙම දත්ත වලට අනුව නගරයට සංක්රමණය වී ඇති පුරුෂයන් අතුරින් බහුතරය රැකියා අවස්ථා සඳහා නගරයට පැමිණිය බව දක්වා තිබේ.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 48.59%ක් පුරුෂයන්ද 51.41% ස්ත්‍රීන්ද වෙයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 22.59% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 22.49% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 40.07% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 14.83% ලෙසත් ය.

Download data file here

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වසර දහයකට වැඩි කාලයක් ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස බහුතරයක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය සභා ප්‍රදේශය සමඟ සංසන්දනය කිරීම

මූලාශ්‍රය - ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

1881 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ ජනගහනය මහනුවර දිස්ත්‍රික්කය සහ මහනුවර මහ නගර සභා ප්‍රදේශය සමඟ සංසන්දනය කිරීම.(දත්ත දහස් වලින්)

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරය තුල සියයට 63 පමණ ප්‍රතිශතයක් පාසල් අධ්‍යාපනය ලබන අතර, වයස අවුරුදු 3-24 අතර කණ්ඩායමේ කිසිදු අධ්‍යාපනයක් නොලබන පිරිස තරමක ඉහළ අගයක් ගනී.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) විභාග සඳහා ඉදිරිපත් වන ශිෂ්‍යාවන් ප්‍රමාණය ඉහළ අගයක් වාර්තා කළ ද, උපාධි සඳහා අධ්‍යාපනය ලබන ප්‍රතිශතයේ බහුතර සිසුවන් සඳහා වෙන්වී පවතී.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ස්ත්‍රී පුරුෂ බව අනුව වයස අවුරුදු 10 සිට 40 දක්වා පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව මෙයින් දක්වා ඇති අතර මහනුවර මහ නගර සභාව තුළ පුරුෂයන්ගෙන් සියයට 68ක් ද ස්ත්‍රීන් ගෙන් සියයට 43 කටද පරිගණක සාක්ෂරතාවය පවතින බව මින් විස්තර කරයි.

Download data file here

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

හදිසි අනතුරු යනු අනවශ්‍ය හෝ අනපේක්ෂිත සිදුවීමකි. නොවැළැක්විය හැකි අනතුරක් මාරාන්තික හෝ අවාසනාවන්ත හානිකර සිදුවීමක් යන සංකල්පයට අයත් වේ. අධිවේගී මාර්ගයක ගමන් කරන මෝටර් රථ වාහන, පුද්ගලයින් හෝ දේපළ සමඟ ගැටීමෙන් අනතුරක් සිදු වේ. වාහනයක් සහ වෙනත් වාහනයක් අතර අනතුරක් සිදුවිය හැකිය, වාහනයක් පුද්ගලයෙකු සමඟ ගැටීම, චලනය කළ හැකි හෝ වෙනස් කළ නොහැකි දේපළක් සමඟ වාහනයක් ගැටීම, වාහනයක් පාරෙන් ඉවතට යන විට, පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකු සමඟ ගැටීම හෝ ස්වාභාවික හෝ මිනිසා විසින් සිදුකරන ව්‍යසනය හේතුවෙන් අනතුරක් සිදුවිය හැකිය. පසුගිය වසර කිහිපයක් ඇතුළත මහනුවර පොලිස් කොට්ඨාස සීමාව තුළ සිදුව ඇති මාරාන්තික රිය අනතුරු පිළිබඳව මෙහි විස්තර වේ. එපමණක් නොව අනතුරු වර්ගීකරණය සමගින් සමස්ථ රටම ආවරණය වන පරිදි වැඩිදුර විස්තර පහත දත්ත ගොනුව තුළ අන්තර්ගත වේ.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

වාහන වර්ගය සහ මගීන් සංඛ්‍යාව - මාර්ගයේ එක් පසෙකට , පැය 24 ක් තුල

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මාර්ගයේ ධාවනය වන රථ වාහන අතරින් බහුතර මගීන් සංඛ්‍යාවක් සඳහා ප්‍රවාහන පහසුකම් සලසන්නේ බස් රථ මගිනි. මෝටර් සයිකල්/කාර් / වෑන් රථ /ජීප් රථ භාවිතා කරමින් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නන් සඳහා ද සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් වේ.

දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

2012 වසරේ සිට 2016 වසර වන විට මහනුවර මහා නගර සභාවේ වාර්තාගත වාර්ෂික දුම්රිය මගීන් සංඛ්‍යාව ක්‍රමික ඉහළ යාමක් වාර්තා කරයි.

වාහන තදබදය (දිවා කාලයේ)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

උදෑසන 7 සිට උදෑසන 8 දක්වා මහනුවර නගර සීමාව තුළ ඉහළම වාහන තදබදය වාර්තා වන අතර, එය පාසල් සහ සේවා ස්ථාන සඳහා සිදුවන ප්‍රවාහන කටයුතු හේතුවෙන් විය හැක.

පෙ.ව. 06 සිට ප.ව. 06 දක්වා මහ නගර සභා සීමාවට ඇතුල්වන වාහනවල ප්‍රතිශතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මහනුවර මහා නගර සභා ප්‍රදේශයට ඇතුළුවන වාහන වලින් වැඩිම ප්‍රතිශතය වෙන් වන්නේ මෝටර් සයිකල්/ කාර් / වෑන් / ජීප් රථ වැනි පුද්ගලික වාහන සඳහා වේ. මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා සියයට 8 ක් පමණ සුළු ප්‍රමාණයක් වෙන් වන බව පැහැදිලි වේ.

නගරයට පිවිසෙන/ නගරයෙන් පිටව යන දුම්රිය මගීන් සංඛ්‍යාව

මූලාශ්‍රය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මගීන්ගෙන් බහුතරයක් ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් නගරය තුළට පිවිසීම හා පිටතට යාම සිදුකරනා බව මෙම දත්ත මගින් ගම්‍ය වේ.

පදික මාරුව භාවිතය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මෙම දත්ත නගරයේ, පදිකයින්ගේ චලනයන් විස්තර කර දක්වයි.

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

නගර වල තරඟකාරීත්වයේ ඇස්තමේන්තුගත මිනුම් දර්ශකය (CCI)

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මහනුවර නගරය, නගර වල තරගකාරිත්වයේ මිණුම් දර්ශකය (CCI ) අනුව තෙවන හොඳම නගරය ලෙස ස්ථානගතව ඇත. මෙම දර්ශකයේ පළමු ස්ථානය කොළඹ නගරය ද, දෙවන ස්ථානය කුරුණෑගල නගරද ලෙස වාර්තා වේ.

ඇස්තෙම්න්තුගත ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017

මහනුවර මහ නගර සභාව තුල ඒකපුද්ගල ආදායම ඉහළ යාමේ ප්‍රවණතාවය මෙම දත්ත මගින් දැක්වේ.

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

නගර පරිපාලන දර්ශකය

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මහනුවර නගර පාලනය පිලිබඳ දර්ශකයේ ඉහළින්ම ශ්‍රේණිගත නගරයයි. එහි අගය 57.35 කි.

පලාත් පාලන ආයතන බෙදී යාම

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාව, පළාත් පාලන ආයතන අනුව එහි ජනගහනය හා විශාලත්වය අනුව වර්ග තුනකට බෙදී ඇත. ඒ මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ලෙසයි. මාර්ග, සනීපාරක්ෂක කටයුතු, කානු, අපද්‍රව්‍ය එකතු කිරීම, නිවාස, පුස්තකාල, පොදු උද්‍යාන හා අනෙකුත් පහසුකම් ඇතුළු විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් වගකිව යුතු ය. මෙම දත්ත මඟින් පලාත් පාලන ආයතනයන්හි බෙදී යාම දැක්වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

නිවාස ඒකක වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර නගර සීමාව තුළ නිවාසවල තත්වය පිළිබඳ මෙම දත්ත මගින් දැක්වේ. සියයට 87 ක් පමණ නිවෙස් තනි තට්ටුවේ සහ තට්ටු දෙකේ නිවාස ලෙස වාර්තා වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

නිවාස වර්ග

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර මහා නගර සභාව තුළ 2012 වසරේදී නිවාස සියයට 91.7 ක් ස්ථිර නිවාස ලෙස පැවති බව මෙම දත්ත අනුව පැහැදිලි වේ.

දත්ත ගොනුව මෙතනින් බාගත කරන්න

ගොඩනැගිලි ඒකක

මූලාශ්‍රය - ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ගොඩනැඟිලි ඒකක ගණනය කරනු ලබන්නේ මහනුවර මහ නගර සභාවේ සමස්ත නිවාස ඒකකවල බෙදීම්වල අනුපාතයකි. ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ ප්‍රදේශයේ ගොඩනැගිලි ඒකක බවයි.

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

යටිතල පහසුකම්

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහනුවර මහා නගර සභාවේ සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය ඉතා යහපත් මට්ටමක පවතී. විදුලිබල සැපයුම, නල ජලය වැනි සේවාවන් මුළු මහා නගර සභා ප්‍රදේශයෙන් බහුතර කොටසක් ආවරණය වන ලෙස සලසා තිබේ.

ඝන අපද්‍රවය එකතු කිරීම හා බැහැර කිරීම (දිනකට)

මූලාශ්‍රය - JICA

මහනුවර මහා නගර සභාවේ එක්රැස්වන මුළු කසල ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් නගර සභාව මගින් එක්රැස් කරනු ලබයි. ඉතිරි කොටස, නිවැසියන් විසින් පුළුස්සා දැමීම, වල දැමීම හෝ කොම්පෝස්ට් බවට පත්කර ප්‍රයෝජනයට ගැනීම සිදිකරනු ලබයි.

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

The Kandy city is a commercial hub attracting many businessmen, making the day time floating population very high. Also it attracts so many local and foreign tourists especially during the “Kandy Perahera” season. Solid waste management in Kandy city is quite a challenge to the municipal council due to these reasons. There are many industries and agricultural practices increasing the amount of solid waste generated. Unlike most local authorities where SWM is a task of the health and sanitation department, there is a separate unit established within the Kandy Municipal Council (KMC) for solid waste management. The collection of solid waste is commendable. Source separation is carried out under thorough monitoring and inspection by the KMC.

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

දේශගුණික ආපදා අවදානමට නිරාවරණය (1974-2017)

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

නගරය වරින් වර ඇති වූ ගංවතුර හා නායයාම් වලට ප්‍රධාන වශයෙන් මුහුණපායි.

Urban asserts and Landslide Risks

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

the data is visualizing the urban asserts at risk of Landslide.

රථවාහන හේතුවෙන් සිදුවන වායු දූෂණය

මූලාශ්‍රය - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

නගරයේ ඇති දූෂිත වායු පිළිබඳ මෙම දත්ත විස්තර කරයි. නිර්දේශිත සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව වේ.

ගංවතුර පිළිබඳ දත්ත

මූලාශ්‍රය - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මහනුවර මහා නගර සභාව නිරන්තරයෙන් මහා පරිමාණ ගංවතුරට ලක්වන නාගරික ප්‍රදේශයක් නොවේ. මෙම වාර්තාවලට අනුව, 2012 දී වාර්තාගත ගංවතුර තත්වය හේතුවෙන් නිවාස 2 ක් පමණක් හානි වූ බව දැක්වේ. නමුත්, වැසි කාලවලදී ඇති වන කුඩා පරිමාණයේ ක්‍ෂණික ගංවතුර තත්වයන් හේතුවෙන් නගර සීමාව තුළ වීදි සහ සමහර පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවන අවස්ථා වාර්තා වේ. මහනුවර දිස්ත්‍රික් මට්ටම සලකා බැලීමේදී, 2014 සහ 2015 වර්ෂවල ගංවතුර හේතුවෙන් පුද්ගල මරණද ඇතුලත්ව (2014 - 1 පුද්ගලයෙක්, 2015- පුද්ගලයන් 2 නෙක් ), නිවාස හා පවුල් වලට හානි සිදුවූ බවට වාර්තා පවතී (2014 - නිවාස 201 ක් හා පවුල් 527 ක් පීඩාවට පත්ව ඇත).

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික වර්ෂාපතනය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of rainfall from 2008 to 2013. According to the Katugasthota Observatory station, rainfall in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

නිරීක්ෂණ මධ්‍යස්ථානවලට අනුව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය

මූලාශ්‍රය - Department of Meteorology

Here is the change in the annual values of air temprature from 2006 to 2013. According to the Katugasthota Observatory station, air temprature in the area is calculated separately for each month and more information can be downloaded from the following detailed statistics.

Download data file here

සෞඛ්‍ය

නාගරික සෞඛ්‍ය පද්ධතියේ සැබෑ ක්‍රියාකාරීත්වය මත එහි ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයෙන් රදාපවතින අතර සෘජුවම ආර්ථික වර්ධනයට අදාළ වන්නා වූ ගුණාත්මක ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ මූලික පියවර වන්නේ ද සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමයි.

වාර්තා වූ ඩෙංගු රෝගීන් - දිස්ත්‍රික් මට්ටම සහ පළාත් පාලන මට්ටම

මූලාශ්‍රය - ඩෙංගු දත්ත පද්ධතිය - මධ්‍යම පළාත (http://cp.soslc.lk/)

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් හා ඒවා වැලක්වීමට පළාත් පාලන ආයතන විසින් ගනු ලබන පියවර http://cp.soslc.lk/ දත්ත පද්ධතියට ඇතුළුත් ඇතුලත් කෙරේ. මධ්‍යම පළාතේ දිස්ත්‍රික් තුනෙහි ම පළාත් පාලන ආයතනයන්හි වාර්තාවන ඩෙංගු රෝගීන් පිළිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. එම තොරතුරුවල සාරාංශගත කොට මෙහි ඇතුළත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයට සාපේක්ෂව මහනුවර මහ නගර සභාවේ වාර්තාගත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මෙහි දැක්වේ. මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඩෙංගු රෝගීන් ගත් කල වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ මහනුවර මහ නගර සභාවෙන් ය.

Download data file here

තේමා සිතියම්

 

 

මහනුවර මහා නගර සභා සීමාව:

හෙක්ටයාර 2500 කින් යුතු මහනුවර මහා නගර සභා සීමාව මෙයින් දැක්වේ. (මූලාශ්‍රය_නාගරික සංවර්ධන අධිකාරිය)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

මහනුවර මහා නගර සභා සීමාව ග්‍රාම නිලධාරී වසම් සහිතව:

ග්‍රාම නිලධාරී වසම් 45 කින් සමන්විත වන මහනුවර මහා නගර සභා සීමාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරක් පුරා පැතිරී ඇත. ඒවා නම් හාරිස්පත්තුව, ගඟවට කෝරලේ, පාතදුම්බර හා යටිනුවර වේ.(මූලාශ්‍රය_ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

 සිතියම මෙතැනින් බාගත කරගන්න                                                          දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

මහනුවර නගරයේ භූ විෂමතාව පිළිබඳ දැක්වෙන සිතියම:

මධ්‍යම පලාතට අයත් ප්‍රධාන නගරය ලෙස මහනුවර භූවිෂමතාවයේ සුවිශේෂී ලක්ෂණ පවතී. මීටර් 430 සිට මීටර් 900 දක්වා පරාසයක් තුළ උසෙහි පවතින වෙනස්කම් මීටර් 10 ක පරතරය සහිතව මෙහි වැඩිදුරටත් දක්වා ඇත.(දත්ත මූලාශ්‍රය මහනුවර මහ නගර සභාව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                              දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

මහනුවර මහ නගර සභා සීමාව තුළ පවතින මාර්ග ජාලයේ ව්‍යාප්තිය:

එහි ස්වභාවය අනුව මාර්ගයන් වර්ගීකරණය කර ඇත. (දත්ත මූලාශ්‍රය_මහනුවර මහ නගර සභාව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

 

 

මහනුවර මහ නගර සභා සීමාව තුළ ගොඩනැගිලි ව්‍යාප්තිය: (දත්ත මූලාශ්‍රය_මහනුවර මහ නගර සභාව)

සිතියම මෙතැනින් බාගත කරගන්න                                                             

 


ඉහත තොරතුරු හා සබැඳි නිර්මාණය කරනු ලැබූ සිතියම් හා දත්ත ස්ථරයන් (data layers) සියල්ල එකවර බාගත කරගැනීමට පහතින් අවස්ථාව සපයා ඇත (Download HD Map හා Download Spatial Data යටතේ).

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
SoSLC project
SoSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය

හෙක්ටයාර 2500 ක් පුරා පැතිරී ඇති මහනුවර මහ නගර සභාවට ග්‍රාම නිලධාරී වසම් 45ක් පමණ ඇතුළත් වේ. (නගර තොරතුරු යටතේ වන තේමා සිතියම්හි එය විස්තරාත්මකව දක්වා ඇත)


මධ්‍යම පළාතේ ප්‍රධාන නගරය ලෙස හඳුන්වන මහනුවර මහ නගර සභා සීමාව තුළ ඉදිකිරීම් සහිත භූමිය හෙක්ටයාර 1618 ක අගයක් ගන්නා අතර එය සමස්ත භූමි ප්‍රමාණයෙන් 64.7% කි. ඉදිකිරීම් රහිත භූමිය හෙක්ටයාර 881.5 ක ප්‍රමාණයකින් සමන්විත වන අතර එය සමස්ත භූමි ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 35.3% කි.


ඉදිකළ භූමිය නේවාසික, වාණිජ, ආයතනික, කාර්මික, ප්‍රවාහන, පොදු අවකාශයන්, සංස්කෘතික හා ඉදිකරමින් පවතින ලෙස ප්‍රධාන කොටස් 8ක් යටතේ ද ඉදි කිරීම් රහිත භූමිය කෘෂිකාර්මික, ජලය, වනාන්තර, සංරක්ෂිත, වගුරු බිම් හා හිස් ඉඩම් ලෙස නැවත උප කොටස් 6ක් යටතේ වර්ගීකරණය කර ඇත. ඉදි කිරීම් සහිත භූමිය නැවතත් උප කොටස් 30ක් යටතේ ගොනු කර ඇත. (අදාළ භූමි පරිභෝජනය පිළිබඳ වැඩිදුර තොරතුරු භූමි ප්‍රමාණය සමඟ මෙහි පහතින් ප්‍රස්ථාර ගත කර ඇත)

නේවාසික භාවිතය සඳහා සමස්ත නාගරික භූමියෙන් 38.57% ක් වන අතර එය හෙක්ටයාර 464.4කි.
වාණිජ, කාර්මික හා ආයතනික කටයුතු සදහා පිළිවෙලින් හෙක්ටයාර 78.5 , 1.8 හා 100.6 ක් ලෙස වෙන් වී ඇති අතර සමස්ථ භූමියෙන් පිළිවෙලින් එය 7.1%, 0.2% හා 9.1% ලෙස වේ.

 

එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ ගෝලීය නාගරික නිරීක්ෂණාගාරය මගින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව, මහජනයා සඳහා වෙන්වූ පොදු අවකාශ ගණයට හරිත උද්‍යාන පමණක් නොව තාර හෝ වෙනත් අයුරකින් නිර්මිත වීථි ද ඇතුළත් විය යුතු බව දක්වා තිබේ. ඒ අනුව සමස්ථ භූමියෙන් 40 - 50 ක ප්‍රතිශතයක් පොදු අවකාශයන් සඳහා විය වෙන් යුතු බවත්, එයින් 30 - 35 ත් අතර ප්‍රතිශතයක් වීදිවලට ද 15 - 20 ක් අතර ප්‍රතිශතයක් හරිත උද්‍යාන/ චතුරශ්‍ර සදහාද වෙන් විය යුතු බව ප්‍රකාශ කර ඇත.

මහනුවර නාගරික සීමාව තුළ වීථි හා මහා මාර්ගයන් සදහා වෙන්වී ඇත්තේ 2.28% ක ප්‍රමාණයක් වන අතර පොදු අවකාශයන් සදහා සමස්ථ භූමියෙන් 4.2% ක ප්‍රමාණයක් වෙන්වී ඇත. "Streets as Public Spaces and Drivers of Urban Prosperity" වාර්තාවට අනුව 40-50 ත් අතර ප්‍රතිශතයක් විය යුතු යයි කියැවෙන ප්‍රමාණය මහනුවර නගරය සලකූ විට වාර්තා වන්නේ 6.6% ක පමණ අගයකි.

 

දත්ත ගොනුව මෙතැනින් බාගත කරන්න

ඉදිකරන ලද භූමිය
SoSLC project
මුළු
ඉදිකරන ලද භූමිය
1618.62 (ha)
  • මහල් නිවාස (මහල් තුනකට වඩා වැඩි)
    • 0.84
    මහල් තුනක් හෝ ඊට අඩු නිවාස
    • 953.22
    පැල්පත් (වැඩි දියුණු කොට නීතිගත කිරීමට සුදුසු)
    • 10.38
  • ව්‍යාපාරික ස්ථාන
    • 155.99
    කාර්යාල
    • 3.37
    ව්‍යාපාරික හා නේවාසික මිශ්‍ර භාවිතය
    • 63.16
    බැංකු
    • 1.89
  • අධ්‍යාපනික
    • විශ්ව විද්‍යාලය 37.99
    • වෙනත් උසස් අධ්‍යාපන ආයතන 10.15
    • පාසල් 71.69
    සෞඛ්‍යය
    • රෝහල් 22.5
    • බෙහෙත් ශාලා 1.03
    රාජ්‍ය ආයතන
    • 27.56
  • කර්මාන්ත ශාලා
    • 4.41
    ඉඩම් ගොඩ කිරීම්
    • 0.36
  • බස්නැවතුම්
    • 1.84
    දුම්රිය නැවතුම්
    • 4.16
    ගුවන්තොටුපල
    • 0.07
    රථ ගාල්
    • 5.44
    මහාමාර්ග
    • 27.14
    රේල් පාර
    • 59.53
  • උද්‍යාන / චතුරශ්‍ර
    • 67.53
    ක්‍රීඩා භූමි
    • 29.97
    සුසාන භූමි
    • 9.81
  • ආගමික
    • විහාර / සිද්ධස්ථාන 29.03
    • ක්‍රිස්තියානි පල්ලිය 3.53
    • මුස්ලිම් පල්ලිය 1.92
    පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු
    • 10.17
    • 3.94
ඉදි නොකරන ලද
SoSLC project
මුළු
ඉදි නොකරන ලද
881.48 (ha)
    • 103.77
    • 180.09
    • 476.98
    • 21.08
    • 19.01
    • 71.29
    • 9.26

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
SoSLC project
SoSLC project
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
SoSLC project
මහනුවර මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 5.63%
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017 5.05
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 138.615453
    • 1995
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 25.001
      • නාගරික 1.72
      • අර්ධ නාගරික 6.28
      • ඉදිකිරීම් රහිත 14.84
      • ජලය 2.17
    • 2001
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 25.001
      • නාගරික 2.69
      • අර්ධ නාගරික 7.19
      • ඉදිකිරීම් රහිත 12.96
      • ජලය 2.17
    • 2012
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 25.001
      • නාගරික 4.94
      • අර්ධ නාගරික 8.85
      • ඉදිකිරීම් රහිත 9.04
      • ජලය 2.17
    • 2017
      • මුළු පරිපාලන ප්‍රදේශ සීමාව 25.001
      • නාගරික 6.27
      • අර්ධ නාගරික 9.55
      • ඉදිකිරීම් රහිත 7.02
      • ජලය 2.17
    • 1995
      • මුළු නගර සීමා ප්‍රදේශය 113.614
      • නාගරික 1.08
      • අර්ධ නාගරික 7.6
      • ඉදිකිරීම් රහිත 103.03
      • ජලය 1.9
    • 2001
      • මුළු නගර සීමා ප්‍රදේශය 113.614
      • නාගරික 1.22
      • අර්ධ නාගරික 11.06
      • ඉදිකිරීම් රහිත 99.44
      • ජලය 1.9
    • 2012
      • මුළු නගර සීමා ප්‍රදේශය 113.614
      • නාගරික 2.03
      • අර්ධ නාගරික 19.36
      • ඉදිකිරීම් රහිත 90.32
      • ජලය 1.9
    • 2017
      • මුළු නගර සීමා ප්‍රදේශය 113.614
      • නාගරික 3.07
      • අර්ධ නාගරික 25.06
      • ඉදිකිරීම් රහිත 83.58
      • ජලය 1.9