ජනගහනය
ජනගහනය
N/A
පරිපාලන ප්‍රදේශය
7000 ha
ඝනත්වය
11 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

පුමිතිරි බව වයස් ව්‍යුහය අනුව බෙදීගොස් ඇති ආකාරය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මාතලේ මහා නගර සභා සීමාව තුළ සමස්ත ජනගහනයෙන් 52.76% පුරුෂයන්ද 47.24% ස්ත්‍රීන්ද වෙයි. වයස් අනුව මුළු ජනගහනය ප්‍රතිශතාත්මක ලෙස බෙදී ගොස් ඇත්තේ 15 ට අඩු ළමයින් 25.21% ලෙසත්, 15 - 29 අතර වයසේ පසුවන්නන් 22.02% ලෙසත්, 30-59ත් අතර වයසේ සිටින්නන් 38.63% ලෙස හා 60ට වැඩි මහලු ජනගහනය 14.14% ලෙසත් ය.

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහ නගර සභා මාතලේ 2012 දී ජනවාර්ගික කණ්ඩායම්වල බහුජාතික භාෂා කුසලතා පෙන්වන දත්ත

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංක්‍රමණිකයන්ගෙන් බහුතරයක් වසර දහයකට වැඩි කාලයක් ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස සටහන් වී ඇත.

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඉහළම අධ්‍යාපන මට්ටම

මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) විභාග සඳහා ඉදිරිපත් වන ශිෂ්‍යාවන් ප්‍රමාණය ඉහළ අගයක් වාර්තා කළ ද, උපාධි සඳහා අධ්‍යාපනය ලබන ප්‍රතිශතයේ බහුතර සිසුවියන් සඳහා වෙන්වී පවතී.

පරිගණක සාක්ෂරතාව - (වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය)

මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

වයස අවුරුදු 15-19 අතර පරිගණක සාක්ෂරතාවයේ ඉහළම මට්ටමේ සිටින බව ප්‍රස්ථාරයෙන් දැක්වේ

ස්ත්‍රී පුරුෂ භාවය අනුව අධ්‍යාපන මට්ටම (වයස අවුරුදු 3 - 24 )

මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නගරය තුල වයස අවුරුදු 3 ත් 24 ත් අතර කණ්ඩායමේ 63% පමණ ප්‍රතිශතයක් පාසල් අධ්‍යාපනය ලබන අතර, කිසිදු අධ්‍යාපනයක් නොලබන 24% පමණ ඉහළ අගයක් ගනී.

නාගරික සේවා

නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි

නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.

නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.

ඝන අපද්‍රව්‍ය උත්පාදනය වන ප්‍රමාණය හා ඒවායේ එකතු කිරීම

මූලාශ්‍රය - IWMI Publication - Solid and Liquid Waste Management and Resource Recovery in Sri Lanka: A 20 city analysis

Matale MC is responsibile for the management of SW produced in the area. Waste in the municipal area is collected via 9 waste collection routes and the waste collection system has been designed in a manner to extend the collection service in all 13 wards. The council practices “Just in time” waste collection system in 10 wards before the daily city activities begin in order to avoid traffic and other inconveniences. Waste is collected separately as biodegradable and non-biodegradable. All households and commercial institutions are encouraged to segregate their waste. MC has scheduled to collect both biodegradable and non-biodegradable waste in city center on daily basis. Over 8,000 trade establishments and over 200 small and medium scale industries within the municipality limits contribute to the total waste generated in Matale (JICA, 2012). Hazardous waste from Matale hospital is not collected along with municipal solid waste and the hospital has adopted several waste management practices such as incineration, burying or flushing to an underground tank.

තේමා සිතියම්
සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
මාතලේ මහා නගර සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0