ජනගහනය
ජනගහනය
151,000
පරිපාලන ප්‍රදේශය
20400 ha
ඝනත්වය
7.25 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ජනගහනය හා වර්ධන වේගය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සමාජීය තොරතුරු සැලකීමේදී ජන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල 2001 වර්ෂය ජනගහනය 113,084 වී ඇති අතර, එය 2018 වර්ෂය වෙනවිට 162,729 දක්වා වර්ධනය වී ඇත.මෙය කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින මුළු ජනගහනය සමග සැසඳීමේදී 6% ක අගයක් ගෙන ඇත. එහෙත් කොළඹ, දෙහිවල, මොරටුව, කඩුවෙල, මහරගම වැනි අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ජනගහනය සමග සැසදීමේදී මෙම අගය සාපේක්ෂ අඩු ප්‍රතිශතයක් ගෙන ඇති බවට වාර්තාවේ. ප්‍රදේශයේ මුළු ජනගහනය වාර්ෂික වර්ධන වේගය සැලකිල්ලට ගත්කල එය වර්ෂ 1971-1981 කාලපරිච්ඡේදයේ දී 2.6%ක අගයක් ගෙන, 2001 වන විට 1.13%ක අගයක්ද ගෙන ඇත. 2011 වර්ෂය වන විට 1.84% ක් දක්වා වැඩි වී නැවතත්, 2018 වර්ෂය වන විට 1.73% දක්වා සුළු අඩුවීමක් වාර්තා වී ඇත.මේ අනුව බල ප්‍රදේශය ජනගහන වර්ධනය සාමාන්‍ය 1.5%ක පමණ අගයක් ගනී. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහන ව්‍යාප්තිය සැලකීමේදී ජාතික මාර්ග ජාලය තුල ප්‍රධාන මාර්ග ඔස්සේ කොස්ගම, හංවැල්ල, පාදුක්ක නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශයේ නැගෙනහිර සිට බටහිර දිශාවට හා දකුණු දිශාවට ජනගහනයේ ඉහළ ව්‍යාප්ත වීමක් දැකිය හැකි අතර සාමාන්‍ය ජනඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 948ක් වී ඇත.ග්‍රාම නිලධාරී වසම් අනුව සැලකීමේදී 2011 වසරේ වැඩිම ජන ඝනත්වයක් කූඩලුවිල, වලව්වත්ත, පහත්ගම, පිටුම්පේ දකුණ, වග, ගලගෙදර, කොස්ගම, කහටපිටිය, හංවැල්ල නගරය, පාදුක්ක හා අරුක්වත්ත යන ග්‍රාම නිලධාරි වසම් වල දැකිය හැක. මෙම ග්‍රාම නිලධාරී වසම් වල ජනඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 1500-3000 අතර ප්‍රමාණයක් වේ. මෙයට ප්‍රධානම හේතුව වී ඇත්තේ සීතාවක ප්‍රදේශයේ ප්‍රධාන වානිජ නගර මධ්‍යස්ථානය වූ කොස්ගම හංවැල්ල පාදුක්ක මෙම ග්‍රාම නිලධාරී වසම් තුළ පිහිටා තිබීමයි.

නගරය තුල වාසය කල වසර ගණන අනුව සංක්‍රමණික ජනගහනය

මූලාශ්‍රය - Department of Census and Statistics

The total male resident population in the Seetawaka Urban Council area is 13139, the total female resident population is 14038 out of which the total male migrant population is 4836 and the total female migrant population is 6284.According to that the amount of female inmigrants are comparatively higher than the male inmigrants.

Download data file here

වාර්ගිකත්වය අනුව ජනගහනය

මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සීතාවක හා පාදුක්ක

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ජාතීන් අනුව ජනගහනය බෙදී ඇති ආකාරය දක්වා ඇත

දත්ත ගොනුව මෙතැනින් බාගන්න

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - 2019 සංගණනය

සීතාවක ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛණ වාර්තා

දත්ත වාර්තා බාගත කරන්න

ජනවාර්ගිකත්වය අනුව භාෂා හැකියාවන් වෙනස්වී ඇති ආකාරය

මූලාශ්‍රය - Department of Census and Statistics

Data showing the multinational language skills of ethnic group in 2012 in the Seetawaka Urban Council.

Download data file here

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

ප්‍රදේශයේ මාර්ග ජාලයේ ව්‍යාප්තිය

මූලාශ්‍රය - RDA (2016), PRDA (2016), සීතාවක ප්‍රාදේශීය සභාව (2016)

මෙමෙ ප්‍රදේශයේ මාර්ග ජාලය ගැන සලකා බැලීමේදී පවතින "A " ශ්‍රේණියේ මහාමාර්ග ප්‍රදේශයේ උතුරු සහ බටහිර මායිම ඔස්සේ වැටී ඇති කොළඹ - රත්නපුර, අලුත් පාර (හයිලෙවල් මාර්ගය) සහ කොළඹ - හංවැල්ල පරණ පාර (ලෝ ලෙවල් ) මාර්ගය හඳුනා ගත හැකිය. "B" ශ්‍රේණියේ මාර්ග ලෙස ගලගෙදර - හොරණ මාර්ගය, කෝට්ටේ - බෝපේ මාර්ගය, තුන්මෝදර - පුවක්පිටිය මාර්ගය, කලුඅග්ගල - ලබුගම මාර්ගය, බෝපේ - දඹෝර - ලබුගම මාර්ගය ආදී මාර්‍ගයෙන් ව්‍යාප්ත වී ඇත. ඊට අමතරව ප්‍රදේශය පුරා විහිදී ඇති අනෙකුත් මාර්ග ජාලයන් සැලකීමේදී බහුලව පටු මාර්ග ජාලයන් ගෙන් යුක්ත බව හඳුනාගත හැකිය.කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දිනකට රථවාහන දිවා කාලයේ 30,000 පමණ ප්‍රමාණයක් කොළඹ දෙසට ධාවනය වන අතර අවිස්සාවේල්ල දෙසට 20,000 පමණ ගමන් කරනු ලබන බව සංගණනය අනුව වාර්තාවේ. කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා වැටී ඇති කැළණිවැලි දුම්රිය මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හරහා කිලෝමීටර් 25 ක් පමණ දුරක් විහිදී ඇති අතර පාදුක්ක, අරුක්වත්ත, අංගම්පිටිය, වග, කඩුගොඩ කොස්ගම හරහා මෙම මාර්ගය ගමන් ගනී. දෛනිකව 20,000 පමණ ජනගහනයක් ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය සේවය භා භාවිතා කරනු ලබන බවට දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනුව තහවුරු වේ.

නිවාස

ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්‍රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.

නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.

ප්‍රදේශයේ නිවාස ව්‍යාප්තිය

මූලාශ්‍රය - ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රදේශයේ නිවාස ව්‍යාප්තිය පිළිබඳව සැලකිලිමත් වීමේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (2016) දත්ත වාර්තාව අනුව 2001 වර්ෂයේ සීතාවක ප්‍රාදශීය සභා බල ප්‍රදේශය තුල පැවති නිවාස සංඛ්‍යාව 27,542 වන අතර 2001 දී නිවාස ප්‍රමාණය 35137ක් i 2001 2011 කාල සීමාව සඳහා වාර්ෂික නිවාස වර්ධන වේගය 2.16% පමණ වී ඇති අතර න්න ප්‍රදේශ වන අවිස්සාවේල්ල හෝමාගම maharagama ආදී පළාත් පාලන ප්‍රදේශ සමඟ සැසඳීමේදී එය මධ්‍යස්ථ මට්ටමක පවතින අතර මෙම කාල පරිච්ඡේදය තුළ ඇති වූ ජනගහන වර්ධනයට සාපේක්ෂව ප්‍රදේශයේ නිවාස සංයුතිය තීරණය වී ඇත

නිවාස වර්ගීකරණය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නිවාස ඉදිකිරීමේදී බිත්ති, ගෙබිම, වහලය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය සැලකිල්ලට ගෙන ස්ථිර අර්ථ ස්ථිර හා අඩු පහසුකම් ලෙස වර්ගීකරණය සිදු කරයි. ඉහත දත්ත පදනම් කරගනිමින් සැලසුම් ප්‍රදේශයෙන් නිවාස ඝනත්වය පිළිබඳ විග්‍රහ කිරීමේ දී ඉන් 92% ක් පමණ මිනිස් වාසය සඳහා සුදුසු තත්ත්වයක පවතින අතර, 6%ක පමණ ප්‍රමාණවත් අපර ව්‍යුහය පහසුකම් සැපයිය යුතු මට්ටමක පවතී. මෙම නිවාස ඒකක තුන්නාන, වලව්වත්ත, කූඩලුවිල, වේරගොල්ල, දිගන, සුදුවැල්ල, කොඩිකන්ද ආශ්‍රිත ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇති අතර 2% පමණ වන අඩු පහසුකම් සහිත නිවාස ද සංවර්ධනය කළ යුතු නිවාස ඒකක ලෙස හඳුනාගෙන ඇත.භූමියේ බෑවුම් සහිත බව සහ වතු කෘෂිකාර්මික කටයුතු, සංරක්ෂිත වනාන්තර, අවම අපරව්‍යුහ පහසුකම් පැවතීම යනාදිය නිවාස ඝනත්වය අඩු වීමට බලපා ඇත. වරින්වර ක්‍රියාත්මක වී ඇති රජයේ ඉඩම් බෙදාදීමේ ව්‍යාපෘතිය තුළින් ජනගහනය හා නේවාසික ඒකක ප්‍රදේශ කිහිපයකට සංකේන්ද්‍රණය කර ඇති අතර එම කරුණ ද නිවාස ඝනත්වය වැඩි වීමට බලපා ඇත. ප්‍රදේශය ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන වන හංවැල්ල, පාදුක්ක සහ කොස්ගම ආශ්‍රිතව අනවසර නේවාසික එක 50ක් පමණ ඉදි වී ඇති අතර අලුත් අම්බලම, සුදුවැල්ල යන ප්‍රදේශයන් හැරුණු කොට අනෙකුත් ප්‍රදේශයන්හි නිවාස විසුරුණු ස්වභාවයකින් යුක්ත වේ. කෙසේ වෙතත් දැනට ඉදිරිපත් වී ඇති සංඛ්‍යා ලේඛණ අනුව නිවාස අහිමි ජනගහනයක් සීතාවක ප්‍රදේශයේ නොමැති වීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම අනවසර ඉදිකිරීම් වැඩිවීමේ ප්‍රවණතාවක් ද නොමැති බව නිරීක්ෂණය විය. නමුත් පවත්නා නිවාස බල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු මට්ටමක පවතී.

නිවාස වර්ගය අනුව ප්‍රදේශයේ නිවාස ව්‍යාප්තිය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ප්‍රදේශයේ නිවාස ව්‍යාප්තිය පිළිබඳව සැලකිලිමත් වීමේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ (2016) දත්ත වාර්තාව අනුව 2001 වර්ෂයේ සීතාවක ප්‍රාදශීය සභා බල ප්‍රදේශය තුල පැවති නිවාස සංඛ්‍යාව 27,542 වන අතර 2001 දී නිවාස ප්‍රමාණය 35137කි. 2001 - 2011 කාල සීමාව සඳහා වාර්ෂික නිවාස වර්ධන වේගය 2.16% පමණ වී ඇති අතරම, තදාසන්න ප්‍රදේශ වන අවිස්සාවේල්ල, හෝමාගම,මහරගම ආදී පළාත් පාලන ප්‍රදේශ සමඟ සැසඳීමේදී එය මධ්‍යස්ථ මට්ටමක පවතින අතර, මෙම කාල පරිච්ඡේදය තුළ ඇති වූ ජනගහන වර්ධනයට සාපේක්ෂව ප්‍රදේශයේ නිවාස සංයුතිය තීරණය වී ඇත.

තේමා සිතියම්

 

Seetawaka Praeshiya Sabha area: 

Seetawaka Praeshiya Sabha covers an area of 20400 hectares. (Data Source: Survey Department)

Download Map Here                     Download Data Layer Here           

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
සීතාවක ප්‍රාදේශීය සභාව ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0