නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.
පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ නිල භාෂා තුනක් ඇත: සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි. මෙය රට පුරා පැහැදිලිව පෙනෙන අතර බොහෝ අවස්ථාවන්හිදී භාෂා තුනෙන්ම ලියා ඇත. සිංහල-බෞද්ධ බහුතරය වැඩි වශයෙන් කතා කරන්නේ සිංහල වන අතර දෙමළ භාෂාව ශ්‍රී ලාංකික මුවර් / මුස්ලිම් සහ දෙමළ / හින්දු භක්තිකයන් විසින් කථා කරනු ලැබේ. ඉංග්‍රීසි හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර එය රජයේ පරිපාලනය හා වාණිජ කටයුතු සඳහා භාවිතා කරන භාෂාව බවට පත්ව ඇත. 2012 දී වවුනියා නගර සභාවේ ජනවාර්ගික කණ්ඩායම්වල බහුජාතික භාෂා කුසලතා පෙන්වන දත්ත.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ස්ත්‍රී පුරුෂ අනුපාතය ගණනය කරනු ලබන්නේ ජනගහනයක කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ගේ ප්‍රතිශතය භාවිතා කරමිනි. වයස අවුරුදු 60 ට වැඩි පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි බව ප්‍රස්ථාරයෙන් දැක්වේ. එය 127.74% කි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඉහත දත්ත වවුනියා දිස්ත්‍රික්කයට අයත් වේ. මේ අනුව පිරිමි මූලික පවුල් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකිය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
වවුනියා නාගරික ප්‍රදේශවල බහුතරය ශ්‍රී ලාංකික දෙමළ ජනයා වන අතර සෙසු අය සියයට 16 කි.
මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඉහත දත්ත වවුනියා දිස්ත්‍රික්කයට අයත් වේ. දත්ත අනුව අසමානතාවයෙන් පසු වැඩිම සංක්‍රමණිකයන් නැවත පදිංචි කරවනු ලැබේ. පිරිමි ජනගහනය නගරයට සංක්‍රමණය වීමට ප්‍රධානතම හේතුව ලෙස රැකියා නියුක්තිය සැලකේ. එමෙන්ම කාන්තාවන් නගරයට සංක්‍රමණය වීම විවාහයන් නිසා වන අතර රැකියා ද සලකා බලයි පවුලේ සාමාජිකයෙකු සමඟ යන විට.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
වැඩිම ජනගහනයක් සිටින්නේ අවුරුදු 30-59 කාණ්ඩයේ වන අතර අඩුම ජනගහනයක් සිටින්නේ 60 ට වැඩි කාණ්ඩයේ ය. එමෙන්ම මෙම කාණ්ඩ දෙකෙහිම අනුපාතය අනුව ස්ත්‍රී ප්‍රතිශතය තරමක් ඉහළය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඉහත දත්ත වවුනියා දිස්ත්‍රික්කයට අයත් වේ. ඒ අනුව කාන්තා සංක්රමණිකයින්ගේ ප්‍රමාණය පිරිමි සංක්‍රමණිකයන්ට වඩා සාපේක්ෂව ඉහළ ය
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
වවුනියා නාගරික සභා සීමාවන් තුළ සිටින මුළු ජනගහනයෙන් 49.1% ක් පිරිමින් වන අතර 50.9% ක් කාන්තාවන් වේ.
අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.
දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.
දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
අවුරුදු 3 - 24 ත් අතර මුළු ජනගහනයෙන් පාසල් අධ්‍යාපනය ලබන ප්‍රමාණය 60% පමණවේ. එමෙනෙම 25% පමණ ප්‍රමාණයක් කිසිදු විදිමත් අධ්‍යපනයක් නොලබයි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
අධ්‍යාපන මට්ටම පෙන්වන සියලු කාණ්ඩයන් අතරින් පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවන් ඉදිරියෙන් සිටී.
මූලාශ්‍රය - සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
පරිගණක සාක්ෂරතාවය සැලකීමේදී වයස අවුරුදු 10 සහ ඊට වැඩි ජනගහනය අතරින් වයස අවුරුදු 40ට වැඩි ජනගහනයේ ප්‍රතිශතය සාපේක්ෂව ඉතා ඉහලය. එය පුරුෂ පාර්ශවයේ 19.3 වන අතර ස්ත්‍රී පාර්ශවයේ එය 21.5ක් වේ. අනෙකුත් සියලු කාන්ඩයන්ගේ ප්‍රතිශත 10% ට අඩුය.
නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.
තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.
මූලාශ්‍රය - දුම්රිය ස්ථානය - වවුනියා
වවුනියා දුම්රිය ස්ථාන දත්ත වලට අනුව සෑම වසරකම දුම්රිය මගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කළ හැකි අතර වැඩිම මගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ 2016 දී ය.
නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.
ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.
මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.
මූලාශ්‍රය - වවුනියා නාගරික සභාවේ වාර්ෂික ගිණුම වාර්තා - 2019
වවුනියා මහ නගර සභාවේ 2019 වර්ෂය සඳහා ආදායම සහ වියදම් පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කල විට පෙනීයන කරුණ නම් රු.මිලි 21 ක ධන ශේෂයක් ඇති බවය.
නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.
මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.
නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.
මූලාශ්‍රය - සංඛ්‍යානමය අත්පොත 2019 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වවුනියා.
වවුනියා දිස්ත්‍රික්කයේ එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා හතරක් ඇත
මූලාශ්‍රය - VUC Admin report 2018
In this data set it has mentioned Cadre Information as at 31.12.2018. Further to that it has included Disignation, Service, Grade, Salary Code, Service
Level according to approved cadre and living cadre. Special Note: Administrative Officer Cadre is Acting of Management Assistant Service I , 7 No's Health Labourer Cadre is Dying Cadre.
මූලාශ්‍රය - NP සංඛ්‍යාන තොරතුරු
2016 න් පසු තේරී පත් විය යුතු සාමාජික සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව අඩු වෙමින් පවතී.
මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව
ඉහත වගුවේ දැක්වෙන්නේ අදාළ පළාත් පාලන සේවක තොරතුරු වල සවිස්තර දත්තයි. අනුමත කරන ලද සේවක සංඛ්‍යාව සහ දැනට සිටින සේවක සංඛ්‍යාව මෙන්ම පුරප්පාඩු ගණන ද මෙහි විස්තර කෙරේ. වවුනියා මහ නගර සභාවේ 2016, 2017, 2018 වසර සඳහා දත්ත මෙහි වේ.
ශ්‍රී ලංකාවේ මුල්කාලීන නාගරික ජනාවාස උරුමය - ඉතිහාසය, රටාවන්, ඉඩම් භාවිතය සහ නිවාස වැනි ප්රවණතා සහ ඒ සමඟ ඇතිවන සංවර්ධන අභියෝගයන් මෙහි සලකා තිබේ.
නිවාස අවශ්‍යතා , යටිතල පහසුකම් හා සංවර්ධන සඳහා වන වියදම්, මූලික අවශ්‍යතා සපුරාලීම මුල්කරගත් නාගරික සැලසුම්කරණය, නාගරික ඉඩම් පරිහරණය සහ ඉඩම් සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුලත් තොරතුරු සමුදායක් මෙම අංශය මගින් ගොනුකොට තිබේ . මෙහි SDG 11.1 ට අදාළ දර්ශක ද භාවිතා කර ඇත. සමාජ ආරක්ෂණ වැඩසටහන් සහ සෞඛ්‍ය, ජලය සහ සනීපාරක්ෂක සේවාවන්ගේ ජනගහනය මෙ මගින් ආවරණය වේ. SDG ඉලක්ක 11.7 වෙත ද අවධානය යොමු කරනු ලැබේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙම ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ වවුනියාව නගර සභාව තුළ ඇති නිවාසවල බහුතරයක් සාමාන්‍ය තනි තට්ටුවේ නිවාස වන බව ය එනම් එය 90% කටත් වඩා වැඩිය. ඉන්පසුව සැලකිය යුතු ප්‍රමාණයක් ඇත්තේ තට්ටු 2 නිවාස වේ.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
වවුනියාව නගර සභාවේ නිවාස, ඉදිකිරීමේ ස්වභාවය අනුව 85% ක් තරම් ප්‍රමාණයක් නිවාස ඉදිකර ඇත්තේ ස්ථිර නිවාස ලෙසය.
නගර වැසියන්ගේ යහපත් ජීවන තත්වය සහතික කිරීම නාගරික සේවාවන්ගෙන් යුතු විය යුතු මුලික කාර්ය භාරයයි
නාගරික මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සේවාවන් සපයයි. වාහන ලියාපදිංචි කිරීමේ සේවා, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම වෙත ප්‍රවේශය සහ අතිරේක සේවාවන් රාශියක් වැනි ප්‍රධාන රාජ්‍ය පරිපාලන කාර්යයන් නගර විසින් සපයනු ලැබේ.
නාගරික මධ්‍යස්ථාන පදිංචිකරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා සපයයි: ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම. සමාජ විනෝදාත්මක ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීම සහ පුස්තකාල, ප්‍රජා මධ්‍යස්ථාන සහ ක්‍රීඩා පහසුකම් වැනි ප්‍රජා සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා සේවාවන් ද ඒවාට ඇතුළත් ය. සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා වඩාත් යහපත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක සේවා සහතික කිරීම තීරණාත්මක අංගයකි.
මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
කැළිකසල එකතු කිරීම කුටුම්භයන්ගෙන් 49.66% ක් පමණ ආවරණය කර ඇති අතර, 45.06% ක් පමණ ප්‍රමාණයක් තමා විසින්ම කුණු කසළ පුළුස්සා බැහැර කරයි.
මූලාශ්‍රය - IWMI ප්රකාශනය - ශ්‍රී ලංකාවේ ඝන සහ ද්‍රවමය අපද්‍රව්‍ය කළමනාකරණය සහ සම්පත් ප්‍රතිසාධනය: නගර 20 ක විශ්ලේෂණයක්
නගරයේ ඝන අපද්‍රව්‍ය නගර සභාවේ වගකීමක් වන අතර, ජනගහනය පුළුල් වීමත් සමඟ එම අප ද්‍රව්‍ය බැහැර කිරීම වඩාත් උග්‍ර වී ඇති ගැටළුවක් වී ඇත (ADB, 2012). කෙසේ වෙතත්, ප්‍රදේශයේ ජනනය වන ඝන අපද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් නගරය තුලම කළමනාකරණය කරගත හැක. ඝන අපද්‍රව්‍යය එකතු කිරීම සඳහා ලබා දී ඇති සම්පත් ප්‍රමාණවත් නොවන අතර එය විවිධ ප්‍රදේශවල එකතු කිරීමේ වාර ගණනට බලපායි. දැනට, ප්‍රදේශයේ අපද්‍රව්‍ය වෙන් කිරීමක් සිදු නොකරයි. එකතු කරන ලද අපද්‍රව්‍ය වවුනියා නගරයේ සිට කි.මී. 14 ක් පමණ දුරින්පම්පෙයිමාඩු හි ඉඩමට බැහැර කරනු ලැබේ. නගර සභාවේ කුඩා පරිමාණ කොම්පෝස්ට් කම්හලක් පිහිටුවා තිබුණද, දැනට එය භාවිතයන් අතහැර දමා ඇත.
මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව, උතුරු පළාත
ඉහත දත්ත මගින් පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන සේවාවන් විස්තර කෙරේ. වෙළඳපල, සායන, බෙහෙත්ශාලා, ආයුර්වේද රෝහල්, පොළ ,වාණිජ කුටි, අප ජලය පිරිපහදු යන්ත්‍ර, සුසාන භූමිය යනාදී සේවාවන් වලට අදාලව කොපමණ මද්‍යස්ථාන ගණනක් තිබේද යන්න වැඩිදුරටත් එහි දක්වා ඇත. වවුනියා නගර සභා සීමාව තුල 2016, 2017, 2018 හා 2019 වර්ෂයන්හි එම මද්‍යස්ථාන ගණන පිළිඹඳ අගයන් මෙහි දක්වා ඇත. එයින් පැහැදිලි වන්නේ එම අවුරුදු හතර තුල විශේෂ වෙනස්වීමක් සිදුව නොමැති බවයි.
නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වාවුනියා දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වර්ෂාපතනය හා උෂ්ණත්වය මෙමෙ ප්‍රස්ථාරයෙන් පෙන්වයි. මෙමගින් වර්ෂාපතනය හා උෂ්ණත්වය අගයන් අතර රටාවන් සහ සහසම්බන්ධය පෙන්වයි.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
2009 සිට 2013 දක්වා වායුගෝල උෂ්ණත්වයෙහි වාර්ෂික අගයන්හි වෙනස මෙමගින් පෙන්නුම් කරයි. වවුනියා නිරීක්ෂනාගාරයෙන් ප්‍රදේශයේ වායුගෝල උෂ්ණත්වයෙහි සෑම මාසයක් සඳහාම වෙන වෙනම ගණනය කර ඇත. ඒ අනුව පෙන්නුම් කරන්නේ අවම උෂ්ණත්වය වන 27.9, 2013 වර්ෂයේ දී අඩුම උෂ්ණත්වයක් වාර්තා වේ. වැඩි විස්තර පහත විස්තරාත්මක සංඛ්‍යාලේඛනවලින් බාගත හැකිය..
වවුනියා නගර සභා ප්‍රදේශය:
වවුනියා නගරසභා ප්‍රදේශය හෙක්ටයාර 2248.96 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරයි. (දත්ත මුලාශ්‍රය _ මිනින්දෝරු දෙපාර්තමේන්තුව)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
වවුනියා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ වල සිතියම:
වවුනියා නගර සභා ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ටාශ 12 ඇති අතර මෙහි ඇති දත්ත ගොනුව බාගත කරගැනීම මගින් ඒවායේ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකි වේ. (දත්ත මූලාශ්‍රය: මිනින්දෝරු දෙපාර්තමේන්තුව)
සිතියම මෙතැනින් බාගත කරගන්න දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න
වවුනියා නගර සභා ප්‍රදේශයට අයත් මාර්ග සිතියම:
වවුනියා නගර සභා ප්‍රදේශය සඳහා මාර්ග සිතියම මාර්ග වර්ගීකරණය අනුව මෙහි ඇති අතර දත්ත ගොනුව බාගත කරගැනීම මගින් මාර්ගවල නම ආදී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.මෙම තොරතුරු 2020 දී යාවත්කාලීන කර ඇත. (දත්ත මූලාශ්‍රය _ OpenStreetMap)
ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්රතිලාභ ලැබිය හැකිය.
විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.
මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
The Vavuniya Urban Council covers an area of 2248.96 hectares. There are 12 Grama Niladhari Divisions within that limits. (For detailed information, please refer to the thematic maps section under the City Information page)
The Vavuniya Urban Council area, known as the one of major city in the Nothern Province, has a high built-up land area (xx hectares) and it covers xx% of the total land area. Non built-up land is limited (xx ha) which is just xx%.
The source of this spatial data is the Land Use Policy Planning Department. This should be further subdivided using land use verification to have more accurate information. Think this is enough just to get a rough idea.
The built-up land has been categorized under six main categories as residential, commercial, institutional, industrial, transport, public space, cultural and under construction. Non built-up land has been divided into six sub-categories as agriculture, water, forest, wetlands, coastal areas and barren lands. The built-up land is again divided into 30 subsections. (More information on the respective land use is listed below with charts and land area)
කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.
සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.
නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම
දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්රක්ෂේපණය කරන ලදී.
මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.