ජනගහනය
ජනගහනය
6031000
පරිපාලන ප්‍රදේශය
371055 ha
ඝනත්වය
16.25 persons / ha

නගරයක් යනු විශාල මිනිස් ජනාවාසයකි. එහි වැදගත්ම ගාමක බලවේගය මිනිසාය. නගරයක සක්‍රීයත්වය පදනම් වන්නේ මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරීත්වය මතය. නගරයක් තුළ වෙසෙන ජනගහණයේ සංයුතීන් හා ඔවුන්ගේ විවිධාකාර හැකියාවන් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සාර්ථක නාගරික අධ්‍යයනයක මූලික පියවර විය යුතුය.

පවතින භෞතික සීමාව තුළ ජනවිකාශන හා සංයුතියේ රටා හඳුනා ගනිමින් සිදුකරන පුරෝකථනයන් තුළින් වඩා යහපත්ව ජීවත් විය හැකි සැලසුම්සහගත නගරයක් නිර්මාණය කරනු ඇත.

ස්ත්‍රී පුරුෂ ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාතේ මුළු ජනගහනයෙන් 2,848,649 ක් (48.7%) පිරිමින් වන අතර 3,002,481 ක් (51.3%) කාන්තාවන් වේ. ස්ත්‍රී පුරුෂ අනුපාතය පිරිමින් 100 ක් සඳහා වන කාන්තවන් සංඛ්යාව ලෙස අර්ථ දැක්වේ. ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 100 දෙනෙකු සඳහා පිරිමි 94 ක් සිටින බව 2012 සංගණනයෙන් වාර්තා වේ. දත්ත වලට අනුව කොළඹ දිස්ත්‍රික් ස්ත්‍රී පුරුෂ අනුපාතය (96) ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට (94) වඩා ඉහළ අගයක් ගනී.

සබැඳියට ප්‍රවේශ වීමට මෙතන ක්ලික් කරන්න

සංගණන වර්ෂය අනුව ජනගහනය

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජනගහන ව්‍යාප්තිය: ශ්‍රී ලාංකික ජනගහනයෙන් 28.7% ( 5,851,130) බස්නාහිර පළාතේ ජීවත් වෙති. පළාතේ මුළු ජනගහනයෙන් 2,324,349 ක් (39.7%) කොළඹ දිස්ත්‍රික්කයට අයත් වේ. ගම්පහ දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කයේ ජනගහනය පිළිවෙලින් 2,304,833 (39.4%) සහ 1,221,948 (20.9%) වේ. පළාතේ ජන ඝනත්වය (වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් සංඛ්‍යාව) 1,588 කි. කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය (3,325) වන අතර එය ගම්පහ දිස්ත්‍රික් ජන ඝනත්වය (1,662) මෙන් දෙගුණයක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අඩුම ජන ඝනත්වය (765) ඇත.

සබැඳියට ප්‍රවේශ වීමට මෙතන ක්ලික් කරන්න

අධ්‍යාපනය

අධ්‍යාපනය, සමාජයක සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රධාන සාධකයකි. අධ්‍යාපනය පිළිබඳ දර්ශකයන් නාගරික සංවර්ධනය පිළිබඳ පුළුල් පැතිකඩක් දක්වමින් ඒ සදහා විශාල දායකත්වයක් සපයයි.


දිළිඳුකම පිටුදැකීම හා අධ්‍යාපනය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අදාළ දත්ත හා දර්ශකයන් ඉතාම වැදගත් වේ. මන්ද යත්, මනා අධ්‍යාපනයක් තුළින් ඉහළ වැටුප් ලබන විධිමත් රැකියාවක් ලබාගැනීමටත්, අවිධිමටත් ආර්ථික කටයුතුවල යෙදෙන්නන් හට වඩා හොඳ ජීවනෝපායක් ලබා ගැනීමටත්, අවසානයේදී පරම්පරානුගතව පැවතගෙන එන දිළිඳු බවින් මිදීමටත් මංපෙත් සැලසීමත් ය.

දියුණු අධ්‍යාපන ආයතන වෙත යොමුවීම මගින් මහජනයා ස්වයං රැකියාවක නියුතු වුවද, නැතහොත් ශ්‍රම බලකායේ කොටසක් ලෙස කටයුතු කලද, යහපත් ආර්ථික ස්ථාවර තත්වයක් ලබා ගැනීම පහසු කරවයි. නගරයක ජනතාව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය මෙන්ම වෘත්තීය මධ්‍යස්ථාන හරහා නිපුණතා සංවර්ධනය කරගනු ලබන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමෙන් එම නගරයේ සංවර්ධනය කෙතරම් යහපත් ලෙස සිදු වේද යන්න හෝ එහි තවදුරටත් සංවර්ධනය කළ යුතු කොටස් පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය.

පරිගණක සතු කුටුම්භ ප්‍රතිශතය අංශය, පළාත සහ මැනුම් වර්ෂය (පළමු මාස හය තුළ)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

නිවසක ඩෙස්ක්ටොප් එකක් හෝ ලැප්ටොප් පරිගණකයක් තිබේ නම් එම නිවස පරිගණක හිමිකාරී ගෘහයක් ලෙස සැලකේ. පළාත අනුව කුටුම්බ සතු පරිගණක වර්ග වල ප්‍රතිශත ව්‍යාප්තිය මින් දැක්වේ. 2019 දී රටේ කුටුම්භවලින් සියයට 22.2 කට අවම වශයෙන් එක් පරිගණකයක්වත් තිබේ. එනම් සෑම කුටුම්භ පහෙන් එකක් පමණ ඩෙස්ක්ටොප් එකක් හෝ ලැප්ටොප් පරිගණකයක් සතුය. මෙම ප්‍රතිශතය නාගරික අංශයේ 38.3 ක් වන අතර ග්‍රාමීය හා වතු අංශය පිළිවෙලින් සියයට 19.9 ක් සහ සියයට 3.8 ක් පෙන්නුම් කරයි. පළාත් ලෙස සලකන විට ඉහළම අගය බස්නාහිර පළාතෙන් (34.7%) වන අතර අඩුම අගය වාර්තා වන්නේ ඌව පළාතෙන් (12.9%) ය. නිවසක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක තබා ගැනීමේ ප්‍රතිශතය 2017 සිට 2019 දක්වා කාලය තුළ 22% - 24% දක්වා ක්‍රමයෙන් වැඩි වේ.

සබැඳියට ප්‍රවේශ වීමට මෙතන ක්ලික් කරන්න

ප්‍රවාහනය

නගරයක වර්ධනය හැඩගැන්වීමේ ලා මහා මාර්ග හා ප්‍රවාහන සබඳතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ඕනෑම නගරයකට පවතින ප්‍රවාහන සම්බන්ධතා හා අදාළ පහසුකම්, නගරයේ ස්වයංක්‍රීය වර්ධනය වේගවත් කරයි.
බස්රථ සහ දුම්රිය ප්‍රවාහනය , භාණ්ඩ ප්‍රවාහනය , ගුවන් තොටුපලවල් හා ප්‍රවාහන පද්ධති හා අදාළ සියලු කටයුතු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු එකම ගොනුවක පැවතීම මෙහිදී වඩා කාර්යක්ෂම වේ.

තිරසාර සංවර්ධන ඉලක්ක 11.2 අනුව, ආරක්ෂිත, සියලු දෙනා හටම දැරිය හැකි, පහසුවෙන් ලගාවිය හැකි හා තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා මාර්ග ආරක්ෂාව, පොදු ප්‍රවාහනය , අවදානම් තත්ත්වයන් පිලිබඳ තොරතුරු මෙහි ඇතුලත් වේ. කාන්තාවන්ගේ, දරුවන්ගේ, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් මෙම තොරතුරු සංවර්ධන ඉලක්ක වෙත ලගාවීමෙහි ලා භාවිතා කල හැක.

පොලිස් බල ප්‍රදේශ අනුව හදිසි අනතුරු සංඛ්‍යා ලේඛන (මාරාන්තික තුවාල ලැබූ සංඛ්‍යාව)

මූලාශ්‍රය - ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව

මෙම දත්ත වලට අනුව, සිදුවී ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල ගොස් ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගත කරගන්න

ආර්ථිකය

නගර, මෙරට ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් වන අතර, ශ්‍රී ලංකාවේ නගරවල ආර්ථීක වෙනස්වීම් වල පැතිකඩ පිළිබඳ යතාර්ථවාදී චිත්‍රයක් ගොඩනැගීමට ඒ හා සමගාමී විශ්ලේෂණ තිබීම අතිශය වැදගත් වේ.

ලංකාවේ නගරවල ආර්ථික පසුබිම වටහා ගැනීමට නම් රටක් ලෙස එහි ඵලදායීතාව ගෝලීය වශයෙන් ඇති තරගකාරිත්වය සමඟ සැසදීම සිදුකළ යුතුමය.ඒ සඳහා මානව ප්‍රාග්ධනය හා සබැඳි ශුම බලකා සහභාගිත්වය පිළිබඳ අධ්‍යනයක් මෙන්ම නගර සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන බාධාවන් වන ශ්‍රම වෙළෙඳ පොළේ අවාසි, ආර්ථික අවදානම වැනි තත්ත්වයන් තේරුම් ගැනීම පූර්වයෙන්ම කළ යුතුවේ.

මෙහි ඇති ආර්ථික විශ්ලේෂණ තුළින් ප්‍රාදේශීය වශයෙන් නාගරික සංවර්ධනයට හා නාගරික ජනාවාසවල දියුණුවට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය හා එහි විභවතාවන් හඳුනාගැනීමටත් අදාළ  බලප්‍රදේශය තුළ ශ්‍රම බලකාය උපරිම වශයෙන් භාවිතා කරමින් කුසලතාවන්ට සරිලන ප්‍රදේශයට ආවේණික වෙළෙඳපොළක් හදුනා ගැනීමේ හැකියාවත් හිමිවේ.

පුමි තිරි බව අනුව ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනයේ ප්‍රතිශතය (වයස අවුරුදු 15 සහ ඊට වැඩි)

මූලාශ්‍රය - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සිසුන්, ගෘහ සේවයේ නියුතු අය, විශ්‍රාමිකයන්, වැඩ කිරීමට නොහැකි, වැටුප් නොගෙවූ සමාජ සේවක, පාසල් නොයන ළමුන් සහ වෙනත් ආර්ථික නොවන ක්‍රියාකාරකම් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයක් ලෙස සැලකේ. 2012 සංගණනයට අනුව බස්නාහිර පළාතේ ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනය සියයට 48.3 ක් ලෙස වාර්තා වේ. පිරිමි සහ ගැහැණු ළමයින් සඳහා එම අගයන් පිළිවෙලින් සියයට 12.4 සහ සියයට 35.9 ලෙස වාර්තා වේ. ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනයේ ප්‍රතිශතය (වයස අවුරුදු 15 සහ ඊට වැඩි අයගෙන් ස්ත්‍රී පුරුෂ බව අනුව) මෙහි දැක්වේ. ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයේ ප්‍රතිශතය අවුරුදු 15 සහ ඊට වැඩි අය දිස්ත්‍රික් අනුව කළුතර දිස්ත්‍රික්කයේ (49.0%) වන වැඩිම අගයත්, ගම්පහ (48.3%) සහ කොළඹ (47.9%) අගයක් ගන්නා බව ඉහත දත්ත පෙන්වා දෙයි.

සබැඳියට ප්‍රවේශ වීමට මෙතන ක්ලික් කරන්න

කර්මාන්ත අංශ අනුව රැකියා, ඇස්තමේන්තුගත ආදායම සහ ඇස්තමේන්තුගත ශ්‍රම ඵලදායිතාව

මූලාශ්‍රය - SOSLC ව්‍යාපෘතිය

මෙහි, පළාත් මට්ටමේ රැකියා පිළිබඳ දත්ත කර්මාන්ත අංශය අනුව වර්ගීකරණය කර ඇත. පළාත් මට්ටමේ නිමැවුම් පිළිබඳ දත්ත නොමැති බැවින්, එක් එක් කර්මාන්ත අංශයේ ජාතික මට්ටමේ ඵලදායිතා අනුපාත භාවිතා කරමින් එය ඇස්තමේන්තු කර ඇත. විශ්ලේෂණයෙන් හෙළි වන්නේ ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන බස්නාහිර පළාතේ නිෂ්පාදන අංශයේ (ඇඟලුම් කර්මාන්තය නොවන) ඉහළම රැකියා නියුක්තිය ඇති බවයි.

අංශ අනුව දළ දේශීය නිෂ්පාදිතය

මූලාශ්‍රය - මහ බැංකු වාර්ෂික වාර්තාව

The GDP contribution by sector values shows where production takes place in an economy. The distribution gives the percentage contribution of agriculture, industry, and services to total GDP, and will total 100 percent of GDP if the data are complete. Agriculture includes farming, fishing, and forestry. Industry includes mining, manufacturing, energy production, and construction. Services cover government activities, communications, transportation, finance, and all other private economic activities that do not produce material goods. Western province is the largest contributes to national GDP according to statistics department of central bank . Smallest contribution is from Agriculture sector and lowest amount of contribution is from Western province (2%)

පළාත් මට්ටමින් වාර්ෂිකව අනුමත කරන ලද ව්‍යාපෘති ගණන

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව (W.P)

කොළඹ- Rs 760,334,361.22 ගම්පහ- Rs 325,850,0333.66 කළුතර- Rs 112,727,767.33

ප්‍රාග්ධන වියදම් සැපයීම් (සමස්ත සාරාංශය)

මූලාශ්‍රය - පළාත් පාලන දෙපාර්තමේන්තුව

2013 වසරේ බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව සඳහා ප්‍රාග්ධන වියදම් සැපයීම පළාත් නිශ්චිත, පළාත් සංවර්ධන ප්‍රධාන, උපමාන පාදක ලෙස ප්‍රධාන කොටස් 3කට බෙදා දක්වා ඇත.

දත්ත ගොනුව මෙතැනින් බාගන්න

නාගරික පාලනය

නාගරික ප්‍රදේශ සැලසුම් කිරීමේදී , මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය කෙසේ සිදුකල යුතුද යන්න රජය (ප්‍රාදේශීය, කලාපීය හා ජාතික) සහ එහි පාර්ශවකරුවන් විසින් තීරණය කරනු ලබන ක්‍රියාවලිය නගර පරිපාලනය හා බැඳේ. එසේම මෙය,සමාජයීය, භෞතික සම්පත් හා දේශපාලන බලය නිසි තැනට නිසි ලෙස බෙදී යාම පිලිබඳ නිර්ණය කෙරෙනා අඛණ්ඩ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ නාගරික පරිපාලනයේ මූල්‍ය ප්‍රත්‍යස්ථතාවය , සේවා ප්‍රතිපාදනය සහ ආර්ථික ගතිකත්වය කෙරෙහි මෙහිදීඅවධානය යොමු කරයි.

මෙහි ඇති තොරතුරු, පවතින ද්විතීක තොරතුරු, බිම් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණ හා තොරතුරු රැස්කිරීම් මෙන්ම පාර්ශවකරුවන් හා සිදුකල විස්තරාත්මක සාකච්ඡා වෙත අනුගත වේ.

නාගරික කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය, නාගරික මුදල්, අයවැයකරණය සහ කළමනාකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, පුරවැසි සහභාගිත්වය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ තොරතුරු ආදී වටිනා දත්ත සමුදායක් මෙහි අන්තර්ගත වේ.

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන

පාරිසරික

නගරය සියල්ලන් සදහාම ජීවත් විය හැකි පරිදි සුදුසු පරිසරයකින් සමන්විත විය යුතුය. වායු දුෂණය සහ ජලයේ ගුණාත්මක භාවය, පරිසරයේ පැවැත්ම හා සුරක්ෂිත භාවය මෙන්ම සෞන්දර්යාත්මක හා ඓතිහාසික කරුණු පිළිබඳවද මෙහිදී පැහැදිලි අදහසක් ලබාගැනීම වැදගත් වේ.
ආපදා අවදානම මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අවදානය, නුතනයේ පාරිසරික සාදක හා සබැඳි තවත් වැදගත් අංගයකි. නගර තුල ඉඩම් පරිහරණ සැලසුම් කිරීමේදී මෙවන් පාරිසරික තත්වයන් හා සාධක ප්‍රමුඛ ස්ථානයක ලා සැලකිය යුතුය.

වර්ෂාපතනය සහ වැසි දින

මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාත, ලංකාවේ තෙත් කලාපයේ පිහිටා ඇති අතර නිරිතදිග මෝසම් කාලයේ වැඩි වර්ෂාපතනයක් ලබන ප්‍රදේශයකි. පසුගිය වසර කිහිපය තුළ ඇති වූ ගංවතුර වාර්තා සලකා බැලීමේදී, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව වාර්තාගත ගංවතුර තත්ත්වයක් නොමැති එකම වසර 2012 වේ. තවද, මෙහි ප්‍රස්ථාරයෙන් පැහැදිලි වන පරිදි, 2016 දී, වැසි ලැබුන දින ගණන ඉතා අඩු නමුත් වර්ෂාපතන තීව්‍රතාව ඉහළ බව පැහැදිලි වේ. මෙම තත්වය 2016 දී කොළඹ වාර්තාගත ඉහළ ගංවතුර තත්ත්වය සමඟ සමපාත වේ. ඒ සමගම මෙම දත්ත වසර පහෙන් පහට වැසි ඇති වීමේ රටාවේ සමානතා දක්වයි.

තේමා සිතියම්


1. Western Province Boundary: (Data Source _ Survey Department)

Download Map Here Download Data Layer Here

 

2. Districts in Western Province with Local Authority Boundary:
Western Province included 49 local authorities. Colombo ? ,Gampaha? and Kaluthara? (Data Source _ Urban Development Authority)

Download Map Here Download Data Layer Here

 


3. Western Province Local Authority Boundaries: 
Western Province included 49 local authorities. Colombo ? ,Gampaha? and Kaluthara?. one by one it has mentioned locations of all 49 Local authorities (Data Source _ Urban Development Authority)


Download Map Here Download Data Layer Here 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය

ඉතා සීමිත සම්පතක් වන භූමිය සහ ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකිය.

 

විශේෂයෙන්ම භාවිතය සඳහා සුදුසු ඉඩම් වල හිඟයක් ඇති නාගරික ප්‍රදේශ සඳහා මෙය වඩා වැදගත් වේ. වැඩි වන ජනගහනයකට සරිලන පරිදි සැලසුම් සහගත නගර නිර්මාණය කිරීම සඳහා, වර්තමානයේ දී ඉඩම් පරිහරණය පිළිබඳ මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන භූමි පරිභෝජනය පිළිබඳ අවබෝධ කර ගැනීමටත්, ඉඩම් වෙන් කර ඇති ආකාරය සහ ඒවා අද අපගේ නගරවල භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් තේරුම් ගැනීමට පරිශීලකයින්ට ඉඩම් පරිහරණ සිතියම් මගින් තොරතුරු සපයයි.

 

මෙහි ඉදිරිපත් කර ඇති ඉඩම් පරිහරණ සිතියම් "ඉදිකළ / ඉදිනොකළ" ලෙස ප්‍රධාන කොටස් දෙකකට සහ ඒවායේ උප කාණ්ඩ 36 කට වර්ග කර ඇත. සිතියම් මත ක්ලික් කිරීම සහ සිතියම් කොටස් වෙන වෙනම අක්‍රිය හා සක්‍රිය කිරීමේ පහසුකම මෙහි පවතින අතර එමඟින් පරිශීලකයාට කාණ්ඩ හෝ උප කාණ්ඩ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මෙම එක් එක් උප කාණ්ඩවල ඉඩම් ප්‍රමාණය සිතියම් ප්‍රදේශයට පහළින් ඇති ප්‍රස්ථාරවල දක්වා ඇත. මෙය වඩා යහපත් තීරණ ගැනීමේ ක්‍රියාවලීන් වැඩි දියුණු කරන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
ඉදිකරන ලද භූමිය
මුළු
ඉදිකරන ලද භූමිය
(ha)
ඉදි නොකරන ලද
මුළු
ඉදි නොකරන ලද
(ha)

කාලාන්තරයක් තිස්සේ නාගරික ව්‍යාප්තිය ක්‍රමානුකූලව වෙනස් වූයේ කෙසේද යන්න පිළිබද අදහසක් ලබා ගැනීමට මෙම සිතියම් අධ්‍යනය ඉතා යෝග්‍ය වේ. නාගරික / අර්ධ නාගරික හා ඉදි නොකළ ප්‍රදේශ යනුවෙන් කොටස් කර ඇති මෙම සිතියම වර්ෂ අතර සැසදීමෙන් නාගරික ව්‍යාප්තියේ ස්වරුපය හා නගරයේ අනාගතය උපනතීන් පිළිබඳ පුරෝකථනය කිරීමේ ඇති හැකියාව විශේෂ වේ.

 

සෑම නගරයකම වැඩි ඝනත්වයක් නගර මධ්‍යයේ සංකේන්ද්‍රණය වී ඇති බවත්, නාගරික ව්‍යාප්තිය සිදු වන රටාව අධ්‍යයනය කිරීමේ දී මාර්ග ඔස්සේ ඉදිකිරීම්වල ඝනත්වය වැඩි වෙමින් යන බව පැහැදිලි වේ. එහිදී ප්‍රධාන මාර්ග ඔස්සේ වේගවත් නාගරික ව්‍යාප්තියක් සිදුවන බවත් හඳුනාගත හැකිය.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශය තෝරා ගැනීමෙන් අනතුරුව මූලික අධ්‍යයන කිහිපයක් සිදු කළ යුතුය. මුලදී, දුරස්ථ සංවේදක තොරතුරු උපයෝගී කරගනිමින් හඳුනාගත් නාගරික දර්ශක අගයන් අදාළ නගර සභා ප්‍රදේශවල ආසන්න ප්‍රදේශයක් ඇතුළුව අධ්‍යයනය කරන ලදී.

 

නාගරික ව්‍යාප්ති විශ්ලේෂණය සඳහා ප්‍රදේශයක් තෝරා ගැනීමට පෙර එය පහත කරුණු සලකා බැලිය යුතුය
- නාගරික මායිම
- නාගරික මායිම වටා අවම වශයෙන් කිලෝමීටර් 2-3 ක ප්‍රදේශයක්
- භෞතික නාගරික ස්වභාවය හීනවෙමින් යන මායිම ආසන්න වශයෙන් ලකුණු කර ගැනීම

 

දුරස්ථ සංවේදක යොදාගනිමින් සිදුකරන සිතියම් අධ්‍යනයන්හිදී, 0 ට වඩා වැඩි අගයන් ඉදිකිරීම් සහිත ප්‍රදේශ නියෝජනය කරයි. නාගරික ව්‍යාප්තියේ ප්‍රමාණය මෙන්ම ඉහළ ඉදිකිරීම් ඝනවය ක්‍රමයෙන් හීන වෙමින් යන ප්‍රදේශය හදුනාගනිමින් මායිම පිළිඹඳ අදහසක් ලබා ගත හැකි වේ. හඳුනාගත් නාගරික දර්ශක අගයන් පවත්නා ගොඩනැගිලි ඝනත්වයට අනුකූල බව සහතික කිරීම සඳහා හඳුනාගත් සීමාවන් නවතම චන්ද්‍රිකා රූප මත ප්‍රක්ෂේපණය කරන ලදී.

 

මෙම දත්ත විශ්ලේෂණයට අදාලව අනුගමනය කළ පියවර සවිස්තරව දැන ගැනීම සඳහා පහත තොරතුරු බාගත කරගන්න.

 

සිතියමේ විස්තර
Print
සිතියමේ විස්තර
සිතියම් සුචිය
නාගරික ව්‍යාප්ති සංඛ්‍යාලේඛන
බස්නාහිර පළාත ( km 2 )
සමස්ත වර්ධන වේගය 1995 - 2017 %
නාගරීකරණයේ වෙනස් වීම 1995 - 2017
නාගරීකරණය පිළිබඳ සලකා බලන මුළු ප්‍රදේශය 0